ඇත්තටම ශක්තිමත්, ප්‍රබල ගැහැණියක් කියලා කියන්න පුලුවන් මොන වගේ කෙනෙක්ටද? උත්තරේ සරලයි. පිරිමියෙක් මත යැපෙන්න අවශ්‍යතාවයක් නැති, ස්වාධීන අදහස් තියෙන, ඒ ස්වාධීන අදහස් වලට අනුව ජීවත් වෙන්න පුලුවන්, ඔබත් ඇතුළුව සමාජේ වෙන කාගේවත් විකාර ඉවසන්නේ නැති, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බය වෙන්නේ නැති ගැහැණියක් තමයි ශක්තිමත්, ප්‍රබල ගැහැණියක් කියන්නේ. හැබැයි එකක්. ශක්තිමත් ගැහැණියක් වෙනවා කියන්නේ අවිනීත හැසිරීම් තියෙන, ඕන වෙලාවක තව මනුස්සයෙක්ගේ
හිත් රිදෙන දේවල් කියන්න ලැහැස්ති වෙලා ඉන්න කෙනෙක්ට නෙවෙයි. ශක්තිමත් ගැහැණියක් තමන්ට ගෞරවය බලාපොරොත්තු වෙනවා වගේම තවත් මනුස්සයෙක්ට ගෞරව කරන්න දන්නවා.
කොහොමහරි අපි කියන්න ආවේ මේකයි. ශක්තිමත් ගැහැණියකට සාමාන්‍යයෙන් පිරිමියෙක් එක්කෝ බයවෙනවා, නැත්තං එහෙම ගැහැණියක් හෙළාදකිනවා. හැබැයි ශක්තිමත් ගැහැණියක් පිළිගන්න, එහෙම කෙනෙක් එක්ක අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ එහෙමත් පිරිමියෙක්ට තමයි. හැබැයි එහෙම පිරිමියෙක් කියන්නේ ඕනම ගැහැණියක් ආස වෙන විදියේ සිරා ඩයල් එකක් තමයි.
ඔබත් ශක්තිමත්, ස්වාධීන ගැහැණියකට ආදරේ කරනවා නම් මේ කරුණු මතක තියාගන්න එක හොඳයි.
1. පාලනේ කරන්න ගියොත් වැඩ වරදියි
සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක තාම සැමියා බිරිඳගේ දෙවියාය කියන එක මහ ඉහළින් පිළිගන්නවනේ. හැබැයි අපි කිවුව විදියේ ස්වාධීන ගැහැණියක් එක්ක දෙයියෝ පාට් එක කරන්න යන එක නම් කේස්. පුරුෂාධිපත්‍යය කියන එක ඔලුවේ තියාගෙන ‘වයිෆ් මං කියන විදියට ඉන්න ඕන’ කියලා හිතාගෙන ඉන්න පිරිමියෙක්ට ශක්තිමත්, ස්වාධීන ගැහැණියක් එක්ක හැරෙන්නවත් බැරි වෙයි. ඒ නිසා එහෙම ගැහැණියකට ආදරේ කරනවා නං කරන්න තියෙන්නේ පාලනය වෙනුවට සහයෝගිතාවය කියන එක යොදාගන්න එක.
2. ඕන දෙයක් කරගන්න දුන්නොත් හරිද?
මෙන්න ඊලඟට කරන වැරැද්ද. ඔය විදියේ ගැහැණියක් පාලනය කරන්න යනවා වගේම වැරැද්දක් තමයි ඕන මගුලක් කරගන්න කියලා ඇස් කන් පියාගෙන තමන්ගේ පාඩුවේ ඉන්න එක. ඇත්තටම කරන්න ඕන කලිනුත් කිව්ව විදියට සහයෝගිතාවය ගොඩනගාගන්න එක. ඒ කියන්නේ එයා වැරදි පියවරක් තිබ්බොත් ඒ ගැන ඔබ හිතන දේ එයාට කියන එක. දෙන්නගේ ජීවිතේ ගැන එකට කතාබහ කරලා තීරණ ගන්න එක. එයාගේ ජීවිතේ ගැන ගන්න තීරණයක් ගැන වුනත් අවධානයෙන් ඉන්න එක.
3. කෙලින් කතා අවුලක් ගන්න එපා
සාමාන්‍යයෙන් ස්වාධීන ගැහැණියක් තමන්ගේ හිතේ තියෙන දෙයක්, තමන්ට දැනෙන දෙයක්, තමන්ට කියන්න තියෙන දෙයක් හංගගෙන ඉන්නෙ නෑ. කියලා දානවා. හැබැයි සමහර වෙලාවට එහෙම ගැහැණියක් අපේ වැරැද්දක් දැකලා පෙන්නලා දුන්නොත් ඒක අපේ ඊගෝ එකට හරියට රිදෙන්න පුලුවන්. එතකොට වෙන්නේ අපි වැරැද්ද දකින්නෙ නැතුව ඊගෝ ප්‍රශ්නේ නිසා වලි දාගන්න යන එක. හැබැයි ඊට වඩා හොඳයි ස්වාධීන ගැහැණියක් කෙලින් කතා කරන එක ගැන සතුටු වෙන එක. එහෙම කෙනෙක් හිතේ එකක් තියාගෙන තව එකක් කියන්නෙ නෑ කියලා ෂුවර්නේ. ඉතින් එයා කෙලින් කියන දේ ඇත්ත නම් ඒක බාරගන්න පුලුවන්. එයා කෙලින් කියන දේ කොහේ හරි වැරැද්දක් තියෙනවා නම් ඒකත් අනික් පැත්තට කෙලින් එයාට කියන්න පුලුවන්.
හැබැයි එකක් මතක තියාගන්න. මේ කෙලින් කතා කියන්නේ පරුෂ කතා නෙවෙයි, ආඩම්බර කතාත් නෙවෙයි, තමන්ගේ අවංක හැඟීම. ඒක එයා කියන විදිය සැර වැඩියි නම් අනිවා ඒක එයාට කියන්න. එයා ඒ වැරැද්ද හදාගනී.
4. කෙලින් කතා කරන්න පැකිලෙන්නත් එපා
සාමාන්‍යයෙන් ස්වාධීන ශක්තිමත් ගැහැණියක් කැමති තමන් ඉස්සරහා ඇකිලිලා බයෙන් ඉන්න පිරිමියෙක්ට නෙවෙයි. තමන් එක්ක කරට කර ඉන්න පිරිමියෙක්ට. ඒ නිසා කිසිම වෙලාවක කෙලින් කතා කරන්න පැකිලෙන්න එපා. ඒ කියන්නේ එයා කෙලින් කියන දේ වැරැද්දක් තියෙනවා නම් ඒක කෙලින්ම කියන්න. දෙයක් ගැන ඔබේ මතය අවංකව, නොවලහා ප්‍රකාශ කරන්න. හැබැයි එකක්. කෙලින් කතා සහ දමලා ගහන කතා අතර වෙනස තේරුම් ගන්න.
5. ආරක්ෂිත හැඟීම් ඇතුව ජීවත් වෙන්න
සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා ප්‍රේම සම්බන්ධයක් ඇතුළේ ඉරිසියාව කියන දේ සෑහෙන්න තියෙන. දැන් මේ ඉරිසියාව කියන එක එන්නේ අනාරක්ෂිත හැඟීම් එක්කනේ. ඒ කියන්නේ කෙල්ල එයාගේ ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක කතා කර කර හිටියොත් අප්සෙට් යනවා තමන්ව දාලා මේ යකා එක්ක යන්නද මේකි හදන්නෙ කියලා හිතලා. එහෙම හිතලා ඔන්න තහංචි දාන්න පටන් ගන්නවා. හැබැයි ස්වාධීන ගැහැණියක් එක්ක ඒ සෙල්ලං දාන්න ගියොත් වෙන්නේ ඊලඟ මිලිතප්පරෙන් එයාව ඔයාට නැතිවෙන එක. අනික් කාරණාව එහෙම අනාරක්ෂිත හැඟීම් තියෙන්නේ ඔයාට ඔයා ගැන තියෙන අඩුතක්සේරුව නිසා කියන එකත් ඒ වගේ ගැහැණියක් පට ගාලා අවබෝධ කරගන්නවා. අන්න ඒ නිසා තමන් ගැන හොඳ හැඟීමක් තියෙන, අනාරක්ෂිත හැඟීම් නැති ශක්තිමත් පිරිමියෙක් වෙන එක සෑහෙන්න වටිනවා.
6. සම්බන්ධතාවයට නියම ගෞරවේ දෙන්න
මේ කියන්නේ මොකක්ද? සරලයි. ඔයත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයකට යන ගැහැණියක් අපි කතා කරන විදියේ නම්, ඒ ප්‍රේම සම්බන්ධතාවයට ඔබට නිසි තැන, නිසි ගෞරවය දෙන්න වෙනවා. ඒ කියන්නේ අර නොසලකා හැරීම්, ඔයාට ඕන නම් හම්බුවෙන, ඔයාට කම්මැලි නම් බෑ කියන වගේ දේවල් කරන්න බැරි වෙනවා. බැරි කමක් නෑ. හැබැයි ප්‍රේම සම්බන්ධය දුවන්නේ ඔබේ පීල්ලේ ඔබේ ටයිම්ටේබල් එකට විතරයි කියලා දැනුනොත් එයා පට ගාලා යන්න යනවා ෂුවර්. ආන්න ඒ නිසා ඇයට ඔබෙන් වෙන්න ඕන දේවල් නිසියාකාරව ඉටු කරන්න. එහෙම අතපසුවීමක් වෙන්න තියෙන වෙලාවට ඒ ගැන හරියට කතා බහ කරන්න. උදාහරණයක් විදියට මේ වගේ ගැහැණියක් කවදාවත් ඔයාට වැඩ නිසා කතා නොකර හිටියා කියල තරහ වෙලා ඩ්‍රාමා කරන්න යන්නෙ නෑ. හැබැයි ඒක එයාට අනිවා කලින් කියලා තියන්න වෙනවා.
7. බොරු සීන් දාන්න යන්න එපා
මෙන්න මේක වැදගත්. ශක්තිමත් ගැහැණියක් කියන්නේ අනිවා මොළේ තියෙන, ප්‍රායෝගිකව හිතන්න දන්න කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක බොරු කියන්න යන එක, බොරු සීන් දාන්න යන එක තේරුමක් වෙන්නෙ නෑ. එහෙම දේකට ඔයා හැරෙනකොටම එයා දන්නවා මොකාටද එන්න යන්නෙ කියලා. ගොඩක් වෙලාවට එයා මූණටම කියයි ඔයාගේ බොරුව මෙන්න මේකයි, මම ඒකට කැමති නෑ කියලා. ඉතින් එහෙම චාටර් වෙන්න අකමැති නම් මේ වගේ ගැහැණියක් එක්ක සෘජුව ගනුදෙනු කරන්න. බොරුව ගාව නොගන්න. එච්චරයි.
8. වැනෙන්න යන්න එපා
මෙන්න මේක ස්වාධීන ගැහැණියක් එක්ක ගොඩක් පිරිමි කරන වැරැද්දක්. එයා ස්ට්‍රෝන්ග් ඩයල් එකක් කියලා දන්න නිසාම බයයි තමන් අතින් වැරැද්දක් වෙයිද, තමන්ගෙන් වැරදි දෙයක් කියවෙයිද කියලා. එකක්, එයා ස්වාධීන, ශක්තිවන්ත ගැහැණියක් නම් කවදාවත් ‘මං තමා ක්වීන්’ කියලා හිතාගෙන පොළවට උඩින් ජීවත් වෙන්නෙ නෑ. අනික අත්වැරැද්දකට සමාව නොදී ඉන්න තරම් කුරිරු වෙන්නෙත් නෑ. ඒ නිසා එයත් එක්ක බිත්තර කටු උඩ ඇවිදිනවා වගේ ජීවත් වෙන්න යන්න එපා. වැනෙනසුළු වෙන්නත් එපා. ශක්තිමත් ගැහැණියක් එක්ක ජීවත් වෙන්න හිතන පිරිමියෙක්ට වරදින්න පුලුවන්. හැබැයි කවදාවත් වැනෙනසුළු වෙන්න බෑ.
9. ජීවිතේ මල් කියන එක විශ්වාස කරන්න
ස්වාධීන, ශක්තිමත් ගැහැණියක් එක්කෝ සාම්ප්‍රදායික වෙන්න පුලුවන්. එහෙම නැතිනම් බොහොම නවීන වෙන්න පුලුවන්. ඒ කෝක වුනත් තමන් විශ්වාස කරන දේට එයා බොහොම ලෝයල්. බොහොම පක්ෂපාතීයි. අන්න ඒ නිසා ඒ වගේ කෙනෙක් එක්ක ජීවිතේ මල් කරගන්න තියෙන ඉඩ වැඩියි. එයා ඔයාව තෝරගත්තා නං ඒ තෝරාගැනීම කරන්නේ සම්පූර්ණයෙන්ම හදවතේ බලපෑමට යටත් වෙලා නෙවෙයි කියලා ෂුවර් එකක් තියාගන්න පුලුවන්. මොකද ස්වාධීන, ශක්තිමත් ගැහැණියක් දන්නවා එයාට ඇත්තටම ඕන මොනවද කියලා. අන්න ඒ නිසා තමන්ව තෝරාගෙන තියෙන්නේ එකට මුළු ජිවිතයක්ම ලස්සනට ගත කරන්නය කියන එක තේරුම් ගන්න ඕන. එතනින් එහාට ඉතින් එයත් එක්ක ලස්සනට ජිවත් වෙන්නයි තියෙන්නේ.
- aniwa.lk
ශක්තිමත්, ස්වාධීන ගැහැණියක් එක්ක ජීවත් වෙන්න නම් ඔබ මේ කරුණු 9 අනිවා දැන සිටිය යුතුයි
2018-03-29T03:02:00-07:00
Gossip Lanka Hot News
slide|