සුන්දරත්වය වැඩි බව වටහා ගන්න. ඔබේ පෞර්ෂය කැපී පෙනෙන අන්දමට සැරසෙන්න.
ලංකාවේ යුවතියන් බහුතරයක් වැඩට යන්නෙ බස් එකේ. ඉතින් ගෙදරින් කොහොම මේකප් කරන් ආවත් ඔෆිස් එකට යද්දි මූණ මැලවිලා. මේ පොඩි පොඩි ප්‍රශ්ණ මඟ ඇරගෙන ඔෆිස් යන්න ලස්සන මේකප් එකක් කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් අපි අද කියල දෙන්නම්.
අනිවා මතක තියාගන්න ඕන දේවල්
- මේ මේකප් එක වැඩි කාලයක් පවතින්න ඕනෙ. උදේට වැඩට ගියාට පස්සෙ ලන්ච් එකේදි පොඩි ටචප් එකක් කරගෙන හවස් වෙනකම් මේකප් එක කැත නොවී තියාගන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබැයි මේකප් එකට ඕනවට වඩා වෙලා අරන් බොස් ගෙන් බැනුම් අහන්න නම් එපා.
- මේකප් එක ඔබට පහසුවක් ගෙනදෙන්න ඕනෙ. මූණෙ ගාපු ෆවුන්ඩේශන් තට්ටුව ඉරි තලයි කියල බයට හිනා වෙන්නෙත් නැතුව බුම්මගෙන ඉන්න යුවතියක් වෙන්න ඔබ කැමති නෑනෙ 🙂
- අඩු කාලයකින් ඉක්මණින් කරගන්න පුළුවන් වෙන්න ඕනෙ. පොඩ්ඩක් පරක්කු වෙලා නැගිට්ට දවසක මේකප් කරන්න වෙලා නැහැ කියල සික් ලීව් දාන්න ඕනෙ නැහැ ඒක ඉක්මණින් කරගන්න පුළුවන් නම්.
- ඔබ විහිළුවට ලක් නොවිය යුතුයි. ඔබේ ලිප්ස්ටික් එක පමණට වඩා තද වැඩි නම්. ඔබේ අයි ශැඩෝ එක ඕනවට වඩා කැපී පේනවනම් ඔබව විහිළු සහගත චරිතයක් ලෙස අන් අයට පේන්න පුළුවන්. වෙස් මූණක් දාගත්ත වගේ මේකප් එකක් නෙවෙයි ඔෆිස් යද්දි ඔබ කරගන්න ඕනෙ. ඔබේ ස්වබාවික ලස්සන ඉස්මතු වෙන විදියෙ මේකප් එකක්.
- ඔබේ රැකියා ස්ථානයේ ස්වභාවය. ඒසී කරපු ඔෆිස් එකක නම් ඔබට ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඒත් හැම ඔෆිස් එකකම ඒසී නැහැනෙ ඉතින් එහෙම රස්නය වැඩි පරිසරේකටත් ගැලපෙන මේකප් එකක් කරගන්නත් සැලකිලිමත් වෙන්න ඕනෙ.
මේකප් එකක් කරගන්න සරල ටිප්ස් ටිකක්
1. පිරිසිදු තෙතමනය සහිත සමක්
ඕනෙම මේකප් එකකදි අනිවාර්යෙන් මූණ පිරිසිදු කරගන්නම ඕනෙනෙ. ෆේස් වොශ් එකක් පාවිච්චි කරල මුහුණ හොඳට පිරිසිදු කරගත්තට පස්සෙ ඔයිලි ගතිය අඩු මොයිස්චරයිසර් එකක් මූණෙ ගා ගන්න. ඒසී ඔෆිස් එකක ඉන්න යුවතියකට නම් මුහුණේ තෙතමනය පවත්වගන්න මෙය අනිවාර්යයි. ඔබට ස්වබාවයෙන්ම හිමි තෙල් අධික සමක් නම් හෝ ඔබේ රැකියා ස්ථානය උණුසුම් තැනක් නම් මොයිස්චරයිසර් ගැල්වීම එතරම් සුදුසු නැහැ.
2. ෆවුන්ඩේශන් තුනී තට්ටුවක්
එදිනෙදා මේකප් එකකදි පමණට වඩා ෆවුන්ඩේශන් ආලේප කිරීමෙන් ඔබට කෘතිම පෙනුමක් ගෙනදෙන්න පුළුවන්. ස්පොන්ජ් එකකට යන්තමට ගත් ෆවුන්ඩේශන් ඉතාම තුනී තට්ටුවක් බේස් එක හැටියට ගාගන්න. මෙය ඉක්මණින්ම කරගන්නත් පුළුවන්. සරල ස්වබාවික මේකප් එකක් නිසා කන්සීලර් අවශ්‍ය නැහැ. උණුසුම් පරිසරයක රැකියාව කරන යුවතියකට උනත් මෙලෙස යන්තමින් ෆවුන්ඩේශන් ගා ගත්තම අපහසුවක් දැනෙන්නෙ නැහැ.
3. ග්ලිටරින් අයි ශැඩෝ එපා
දිලිසෙන ග්ලිටරින් අයි ශැඩෝ නම් කොහෙත්ම ගාන්න එපා. ඔබ රැකියාවට අඳින ඇඳුමේ වර්ණයේ ලා පැහැයෙන් යුත් අයි ශැඩෝ එකක් බාවිතා කරන්න. ඉක්මණින් සරලව වගේම ලස්සනට කරගන්නත් අවශ්‍ය නිසා හැමවිටම අයි ශැඩෝ තනි වර්ණයකින් බාවිතා කරන්න. Two tone අයි ශැඩෝ එකක් රැකියා ස්ථානයකට සුදුසු නැහැ. දේදුන්නෙ පාට ඔක්කොම ගාගෙන යන අක්කලව දැකල ඇතිනෙ අපේ කට්ටිය 😉
4. අයි ලයිනර්ස් සිහින්ව
ඇහි පිහාටුවෙන් පිටට යන ලෙස අයි ලයිනර් එක දිගට අඳින්න එපා. ඔබේ ඇස් වල ස්වබාවික පිහිටීම කැපී පෙනෙන්න නම් සිහින් අයි ලයිනර් එකක් ඇඳගන්න. ලික්විඩ් අයි ලයිනර් එකකට වඩා මේ සඳහා වඩාත්ම සුදුසු අයිලයිනර් පැන්සලක්. ලික්විඩ් අයි ලයිනර් වේලෙන්න සහ ඇඳගන්න ගත වෙන කාලය වැඩියි වගේම උණුසුම් පරිසරයකදී දහඩිය හා මුසු වී දියවෙන්න බලනව. හරියට වැස්සට අහුවෙච්ච ජෝකර් කෙනෙක් වගේ. මෙන්න මේ වගේ මූණක් ඕනෙ නැත්නම් මේ උපදෙස් පිළිපදින්නම වෙනව.
5. මස්කාරා සහ අයිබ්‍රව් යන්තමට
මස්කාරා ගාන කොට ගොඩක් ඝණ ලෙස හිටින්න ගාන්න එපා. බ්‍රශ් එකෙන් එක වරක් පමණක් ආලේප කරන්න. ඒ වගෙම ඔබ පරිගණක ආශ්‍රිතව රැකියාවක් කරනවා නම් ඇස් කසන එක ගැන සැලකිලිමත් වෙන්න. මස්කාර ඔබේ ඇස් වටා ගෑවී අවලස්සන වේවි. ඇහි බැම වඩාත් තදට පේන්න අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් අඳින්න එපා. යන්තමට ඇඳගෙන ඇඟිලි තුඩින් බ්ලෙන්ඩ් කරගන්න.
6. බ්ලශින් සහ පව්ඩර් සමේ පැහැයට
සමේ පැහැයෙන්ම පව්ඩර් එක අරගන්න. අවසානයට ලොකු බ්‍රශ් එකකින් යන්තම් පව්ඩර් කරගන්න. රෝස පැහැය ගත් බ්ලශින් ගෑම නම් ඔෆිස් මේකප් එකකට සුදුසු නැහැ. ලා දුඹුරු පැහැය, තඹ පැහැය හෝ මෙරූන් පැහැයෙන් බ්ලශ් කරගන්න. නැත්නම් ඔබ වෙස්මූණක් දාගත්තා වගේ පෙනේවි.
7. රෝස පාට ලිප්ස්ටික් එපා
තද රතු හෝ දිලිසෙන රෝස පැහැති වර්ණ ගාන්න එපා. දුඹුරු, ලා රෝස සහ සමේ පැහැයට ලඟ වර්ණ වලට මුල් තැන දෙන්න. එයට උඩින් ලිප් ග්ලොස් එකක් ආලේප කරන්න. වැඩි වේලාවක් ලිප්ස්ටික් රඳවගන්න අවශ්ය නිසා ලිප්ස්ටික් එකේ පැහැයෙන්ම ලිප් ලයිනර් එකකින් දෙතොල් වර්ණ ගන්වා එයට උඩින් ලිප්ස්ටික් බාවිතා කරන්න.
8. මේවා අරන් යන්න
ලිප්ස්ටික් එක, ලිප් ග්ලොස් එක, පව්ඩර් එක සහ බ්ලශ් එක ඒවාට අවශ්‍ය බ්‍රශ් එක්කම හෑන්ඩ් බෑග් එකට දාගන්නත් අමතක කරන්න එපා. දිවා විවේකයේදී මේකප් එක පොඩ්ඩක් ටච් කරගන්න ඔබට මේ දේවල් උවමනා වේවි.
9. ඔෆිස් එකෙන් පස්සෙ පාටියක්?
සමහර විට ඔබට ඔෆිස් ඇරිලා එහෙමම පාටියකට හෝ එවැනි අවස්තාවකට සහබාගි වෙන්න වෙන වෙලාවල් තියෙනව. එහෙම වෙලාවක ඔෆිස් එකට දාගෙන ගිය ලයිට් මේකප් එක ගැලපෙන්නෙ නැහැනෙ. ඒත් අළුතෙන්ම මේක්ප් නොකර ඔබට මෙන්න මේ විදියට මේකප් එක අළුත් කරගන්න පුළුවන්.
ගාගත්තු ලයිට් අයි ශැඩෝ එකට උඩින් සිල්වර් හෝ ගෝල්ඩ් ග්ලිටරින් අයි ශැඩෝ එකක් බ්ලෙන්ඩ් කරගන්න. ලා පාට ලිප්ස්ටික් එක උඩින් තරමක් තද පැහැයක් ආලේප කරගන්න පුළුවන්. අයි ලයිනර් එක ටිකක් දිගට ඇඳගෙන කම්මුල් තද පාටකින් බ්ලශ් කරගන්න.
- amiwa.lk