ගෙදර පොඩි එකෙක් ඉන්නවනම් මේ දේවල් ටිකත් ටිකක් වෙනස් කරගන්න වෙයි

පොඩි එකෙක් ඉපදුනාම ගෙදර මිනිස්සුන්ට තියෙන සතුට අස්සෙම තවත් වැඩ කන්දක් පැටවෙනවා. ඒ වැඩ කන්ද අතර පොඩි එකා වෙනුවෙන් නිවස සකස් කරන එක මුල් තැනක් ගන්නවා. මේ අතරෙ මෙච්චර කල් ගෙදර කතාකරපු භාෂාව සභ්‍ය කරගන්න එක, සමබල ආහාර වේලකට හුරු වෙන එක, බහින්බස්වීම් අවම කරන එක, සාද ප්‍රමාණය අඩු කරන එක වගේ දේවල් තිබ්බට මේ කියන්න යන්නෙ දරුවෙක් ටිකක් ලොකු වෙනකල්(අවම
වශයෙන් අවුරුදු පහක්) කරන්න තියෙන වැඩ ටිකක්.



1. නිරන්තරම පිරිසිදු

දුහුවිල්ල කියන දේ අවම විය යුතුමයි. පොඩි ළමයි අතට ගන්න ඕනම දෙයක් කටට දාගන්න පුරුදු වෙච්ච ජාතියක්. ඒ වගේම අපි නොහිතන තරම් අහුමුළුවල ජීවත් වෙන ජාතියක්. ඒ නිසා සතියකට වරක්වත් සම්පූර්ණ පිරිසිදු කිරීමක් සමග දිනපතා පොඩියට හරි අතුපතු ගෑමක් කරන්න සිද්ද වෙනවා. විශේෂයෙන්ම විදුලි පංකා සුද්ධ කරන එක කළ යුතුමයි. දුහුවිලි අවම කරගැනීම ගැන අපේ ලිපියකුත් තියනවා ඔබට මේ පිළිබඳව වැඩිදුර දැනුවත් වෙන්න.

2. ආරක්ෂක වැට

මේ ආරක්ෂක වැටවල් කියන්නෙ අර රත්තරං මහත්තයාගෙ ඔළුවට පෙරලිච්ච ජාතියෙ වැටවල් නෙමෙයි. පොඩි එකාට පනින්න බැරි, කඩන්න බැරි සහ අගුල ඇරගන්න බැරි විදියෙ ලී ගේට්ටු, කාමරවලට පඩිපෙළවල්වලට යොදන එක ගැනයි මේ කියන්නෙ.


3. කටේ දාගන්න ඉඩක් එපා

පොඩි පොඩි බෝල, උදේ කාපු කඩල එකේ බිම වැටිච්ච කඩළ ඇට, රඹුටන් ඇට, පැස්ටල් ඇතුළු කිසිම පොඩි ළමයෙකුගේ හිරවෙන හෝ හිර වෙයි කියලා සැක කිසිම දෙයක් බිම තියන්න එපා.

ඒ වගේම තමයි ගෙවල් පිරිසිඳු කරන්න ගන්න ටයිල්, වින්ඩෝ ක්ලීනර් වගේ රසායනික දියර බෝතලුත් බිම හෝ දරුවාට අතට අසුවෙන තැන්වල තියන්න එපා.


4. වටින දේවල් ඈතට

වීදුරු බඩු, තවත් වටින බඩු, වැදගත් ෆොටෝ ඇතුළු සියල් වටින බඩු පොඩි එකාගෙ අත ගෑවෙයි කියලා හිතෙන හරියවල් වලින් ඈතට කරන්න. හොයාගන්න අමාරු පොත් වගේ දේවලුත්, මිල කළ නොහැකි දේවලුත් ඒ විදියටම ඈත් කරන්න.

ඒ වගේම තමයි දරුවා නගින්න උත්සාහ කරල, වයර් වලින් ඇදල පෙරළගන්න ඉඩ තියන විදිහේ අනාරක්ෂිත ගෘහභාණ්ඩ/උපකරණ වලටත් අවධානය යොමු කරන්න.

5. ඇවිදින්න පහසු බිමක්

පොඩ්ඩට ඇවිදින්න පහසු බිමක් හදන්න. මේක නොතිබුණොත් ටිකක් ලොකු වෙනකං ඇවිදින්නෙ නැතුව ඉන්න හෝ කකුල් කොර වෙන්න හේතුවක් වේවි. ඒ නිසා පොඩ්ඩට පහසුවෙන් ඇවිදින්න පුළුවන් වෙන, රළුත් නැති, ලිස්සන සුළුත් නැති බිමක් හදන්න.

6. වාතාශ්‍රය

පොඩි එකා ඉන්න කාමරය වාතාශ්‍රය හොඳින් එන තැනක් බවට සැකහැර දැනගන්න. එකම හුළඟ ෆෑන් එකක් නිසා කැරකි කැරකි තියෙනවානම් ඒක එයාට හොඳ නැහැ.

7. ගෙදරින් පිටත

ගෙදරින් පිටතත් පිරිසිදුව තබාගැනීම අනිවාර්ය තත්ත්වයක්. සර්පයන් සැඟවි සිටින්නට ඇති ඉඩ අවම කරන්න. මදුරුවන් බෝවෙන්නට ඉඩක් ලබා නොදෙන්න. ඔබේ ගෙමිදුල පමණක් නොව මේ පිළිබඳ අසල්වැසියන්ද දැණුවත් කරන්න. මොකද මදුරුවො කන්නෙ වත්තෙ මනුස්සයාව විතරක් නෙමෙයිනෙ.

8. බිම් මට්ටමේ ප්ලග්පොයින්ට්වලට

බිම් මට්ටමේ ප්ලග් පොයින්ට්වලට පොඩි එකා ඇඟිලි ගහන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒකෙන් හානියක් වෙන්න පුළුවන් ඉඩත් වැඩියි. එහෙම තැන්වලට ගහන්න ප්ලාස්ටික් කෑලි කඩවල්වල විකුණන්න තියෙනවා වගේම තාවකාලික පිළියමක් විදියට ගම්ටේප් පාවිච්චි කරන්නත් පුළුවන්.


9. ලොකු පෝස්ටර්

ඔය දරුවෙක් ගැන හිතපුවත් නැති කාලෙ දරුවගෙ තාත්තා ලොකුවට කාමරේ ගහගෙන ඉඳපු රොක් බෑන්ඩ්වල පෝස්ටර්, පෝන් නිළියොන්ගෙ පෝස්ටර් ගලවල අයින් කරන්න වෙනවා කාමරෙන්.


10. හොඳට එළිය තියෙන බල්බ්

දරුවෙක් ඉන්නකොට පොඩි පොඩි සත්තුන්ගෙන්(පත්තෑයො, කුරුමිණියො වගේ) ගෙදර තොර කරන්න සිද්ධ වෙනවා. ඒකට ඉතිං පිං පවු බලන්නෙ නැතුව යුදෙව්වො දැකපු නාසි සනුහරේ වගේ ඇක්ට් කරන්න වෙනවා. ඒකට ඉතිං පැහැදිලිව පේන්න ඕන. ඒ නිසා ගෙදරට හොඳට එළිය තියෙන බල්බ් දාගන්න එකත් වැදගත්.

- aniwa.lk



gossip lanka