අපි හැමෝම ජීවිතයේ එක වරක් වත් ආයුර්වේද බෙහෙත් හේත් වල පහස විඳලා තියෙනවනේ. සුව වෙන්නට කල් ගත වෙන නමුත් නිට්ටාවටම සුව වෙන ආයුර්වේද බෙහෙත් වලින් ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණ වලට නොව රෝග නිධානයටයි.
ඒ වගේම පෙරදිග ආයුර්වේද බෙහෙත් වට්ටෝරු වල තෙල් වර්ග වලින් කරන සාත්තු ප්‍රධාන තැනක් ගන්නවා. ඒ තෙල් සාත්තු වලින් එක කොටසකට තමයි අපේ අවධානය අද යොමු වෙන්නේ. මේ පහත
තිබෙන තෙල් වර්ග ඕනෑම ආයුර්වේද බෙහෙත් ශාලාවකින් මිලට ගන්නට හැකියාව තියෙනවා වාගේම ඔබව සුවපත් කරනවා නිසැකයි.
1. වාත විදුරංග තෛලය
මේ තෙල වැඩිපුරම භාවිතා කරන්නේ වයසක අය තමයි. හන්දිපත් රුදාව සහ විවිධ වාත අමාරු වලට බාහිරින් ආලේප කරන්නට තිබෙන මේ වාත විදුරංග තෛලය, සියලුම ආකාරයේ වාත අමාරු වලට ගුණදායකයි කියල තමා වෛද්‍ය පොත පතේ සඳහන් වෙන්නේ.
2. මහා නාරායන තෛලය
සිරුරේ පවතින වාත රෝග සියල්ලම පාහේ සමනය කරන තෛලයකි. වයස් භේදයක් නැතිව භාවිතාවට හැකි අතර විවිධ තැවුම් ක්‍රම මගින් වැඩි සහනයක් ලබාගන්නට හැකියි.
3. අශ්වගන්ධ තෛලය
විවිධ ස්නායු ආබාධ සහ අංශභාග රෝගී තත්ත්වයන් වලටම නිර්මාණය කල තෙල් වර්ගයකි. කෘශවුන සිරුරේ ලේ ගමනාගමනය ක්‍රමවත් කරවන අතර, ශරීරය ශක්තිමක් කරවනු ලබන තෙල් වර්ගයකි. ලිංගික උත්තේජනය සඳහාද මේ තෙල භාවිතා කරනු ලබනවා.
4. සිද්ධාර්ථ තෛලය
තෙල් වර්ග අතර විශේෂම තෙලක් වෙන සිද්ධාර්ථ තෛලය ඕනෑම නිවසක තිබිය යුතු තෙල් වර්ගයක් ලෙසටයි හැඳින්වෙන්නේ. සිරුරේ තැලුම් සිරීම් වලට වගේම වාත අමාරු සඳහාත් මේ තෙල භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. අතීතයේ මරණාසන්න ලෙඩුන්ට පවා මේ තෙල් දමා සම්බාහනය කිරීමෙන් පසුව සුව අතට පැමිණීම් සිදුවුණු බවට අසන්නට ලැබෙනවා.
5. බටු තෛලය
විවිධ ආකාරයේ සෙම ඇදුම රෝග සඳහා හිසේ සහ පපුව ආශ්‍රිතව මේ තෙල් ආලේප කිරීම සිදු කරනවා. ඒ වගේම හිසේ කැක්කුම් වලටත් මෙයින් සහනය ලබා ගන්නට පුළුවන්. කුඩා දරුවන්ගේ කොණ්ඩය හොඳින් වැවීම පිණිසත් මේ බටු තෙල් ආලේප කරනු ලබනව.
6. කෝලශ්ලේෂ්මා තෛලය
සෙම්ගෙඩි සහ කැස්ස ආදී රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන තෙල් වර්ගයකි. මුඛය ඇතුලතින් වගේම පිටතින් උගුර, පපුව ආදී ස්ථාන වලද ආලේප කිරීම කල හැකියි.
7. ශුලහර තෛලය
අතපය වේදනාව, ආම වාත අපහසුතා, කැක්කුම් වගේ දේවල් වලට ශුලහර තෛලය භාවිතා වෙයි. නමුත් ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත භාවිතාව තමයි යෝග්‍යම.
8. නිල්‍යාදී තෛලය
ඔබට සෙම් අපහසුතා නැති නම් නීල්‍යාදී තෛලය හිසේ ආලේප කිරීමෙන් හිසකෙස් වල පෝෂණය වර්ධනය කරගන්නට පුලුවන්. ඒ වගේම අකලට හිසකෙස් සුදුවීමද මේ තෛලයෙන් වලක්වනු ලබනවා
9. පීනස් තෛලය
පීනස, කැස්ස, ඉරුවාරදය වැනි රෝග ලක්ෂණ වලට සහනය ලෙස පීනස් තෛලය භාවිතාවට ගන්නවා. මේ තෙලත් සාමාන්‍යයෙන් ගැමි නිවෙස් වල වරදින්නේ නැති තෙල් වර්ගයක් තමයි.
10. සර්වවිෂාදී තෛලය
ශරීරයේ ඇති වන විෂ ගෙඩි සඳහාත්, සර්පයන් ඇතුලු විෂ සහිත සතුන් දෂ්ට කිරීමෙන් ඇතිවන විෂ නැසීමටත් භාවිතා වෙන තෙල් වර්ගයක්. කැසීම් සහ විසර ගෙඩි මගින් ඇතිවන තුවාල සඳහාත් මේ තෛලය භාවිතා කරනවා.
11. පිණ්ඩ තෛලය
සමේ දැවිල්ල සමනය කරගැනීම සඳහාත් කුෂ්ට සහ තුවාල ආදියෙහි ආලේප කිරීම සඳහාත් භාවිතා කරනු ලබන තෙල් වර්ගයකි.
*තෙල් වර්ග භාවිතයට ගැනීමට පෙර ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.*
- aniwa.lk
ඔබටත් සුවයක් ගෙන දිය හැකි ආයුර්වේද තෙල් වර්ග 11ක් මෙන්න
2018-03-13T04:20:00-07:00
Gossip Lanka Hot News
slide|