බොහෝ අවස්ථාවල ගොඩක් අය ආයුර්වේදය තමන්ගේ ජීවිතේට ලංකරගන්න හදන්නේ එක එක සුඛෝපභෝගී සහ ජනප්‍රිය නිෂ්පාදන සහ ස්පා ප්‍රතිකර්ම වැනි මිල අධික ක්‍රම වේදයන් මගින්.
ඒත් ඔබ සමහර අවස්ථාවල අසා ඇති විවිධ සෞඛ්‍යය පුරුදු, බටහිර වෙදකමේ මේ වන විට ලබාදෙන සමහර අත් බෙහෙත් ආයුර්වේදයට සම්බන්ධතාවක් තිබෙනා බවට ඔබ දන්නවාද? ඉතින් ඔය ලොකු
ලොකු ගණන් ගෙවල ගන්න ප්‍රොඩක්ට්වලින් හරි ලොකු ලොකු ස්පාවලින් හරි විතරක් නෙවෙයි, මේ කෙටි ක්‍රම මඟින්ද සුවබර ජීවිතයකට ආයුර්වේදයෙන් ලඟා වෙන්න.
1. ඉක්මනින් අවදි වෙන්න.
අයුර්වේදයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ අත් විදින්නට අපිට ලේසියෙන්ම කරන්නට පුළුවන් දෙයක් කියන්නද? උදෙන්ම අවදි වෙන්න. උදෙන්ම අවදි වෙන්නත් කලින් නිදාගන්න ඕනෙනේ. අඩුම තරමින් පැය හයක්වත් සුවබර නින්දක් ලබන්නට වෙනවා. එසේ වේලාසනින් අවදි වන්න. ආයුර්වේදයේ උපදෙස් දෙන්නේ උදේ පාන්දර 4.30ත් 5.00 ත් අතර අවදි වන්නට හැකිනම් නියමයි කියලයි. හිරු නැගෙන්නට පළමු හෝරාව හඳුන්වන්නේ බ්‍රහ්මයාගේ හෝරාව කියලයි. පොළොවට වැටෙන මුල්ම හිරු එලිය අපේ සිරුරට ගෙන එන්නේ ඉතා හොඳ සවියක්, ශක්තියක්.
2. ආයුර්වේදයට හිතකර ආහාර රටාවකට හුරුවෙන්න.
ඔබට ලෙඩ රෝගවලින් තොර ජීවිතයක් නම් අවශ්‍ය, හොඳම දේ ඔබ ආහාරයට ගන්නේ මොනවාදැයි හොඳින් සොයා බලන්න. කෘත්‍රිම සහ ජාන වෙනස් කරන ලද ආහාර වලට වඩා නැවුම් ස්වභාවික ආහාර රටාවකට හුරු වන්න. වැඩිපුර පලතුරු සහ එළවලු ආහාරයට ගන්න. තෙල්වලින් පිරුණු ජන්ක් ෆුඩ්ස් වලට වඩා එහෙම කෑමක් කොයිතරම් හොඳද? ඉතින් මේ හේතු නිසා ඔබේ ආහාර වේලට ආයුර්වේදය එකතුකර ගතහොත් ඔබේ සිරුර ඔබට හිතකර ශක්තියක් නිපදවා ඔබව නිරෝගී කමේ ඉහලටම රැගෙන යාවි.
3. වතුර වීදුරුවකට මී පැණි හැන්දක් වටිනවා ජීවිතයක්
උදැසන අවදි වීමෙන් පස්සේ පිරිසුදු මීපැණි තේ හැන්දක් වතුර වීදුරුවකට මුසු කර බීමෙන් ඔබේ සිරුර තුල එකතු වී ඇති විෂ කෙමින් කෙමින් ඉවත්වෙමින් යන්නට පටන් ගනීවි. විවිධ බැක්ටීරියා වර්ග නිෂ්පාදනය වීමේ ඉඩකඩ මේ නිසා අඩුවන නිසා, ඔබට ඔබේ වියදම් ලේසියෙන් ම කපා හරින්නටත් පුළුවන් වේවි.
4. ඇවිද්ද පය දහස් වටී.
යන්න උදේට පොඩි රවුමක් ගහලා එන්න. මේ ගමන හවසටත් යන්න පුලුවන්නම් තමයි ඇත්තටම මරු. එකක් ඇවිදීම කියන්නේ අපිට නිර්දේශ කරන්නට හොඳම දෙයක්. එය මනසේ නිදහස සහ ජීවන නිදහස කියන දෙකම ඔබ වෙත නිතැතින්ම හමා එන්නේ මේ උදැසන ඇවිදීම කියන සාධකය මත.
5. විෂ පරාජය
සිරුරේ එකතුවෙලා තියෙන විෂ ඉවත් කරන්න කරන්න තියෙන හොඳම විදිය තමා උදේ නැගිට්ටට පස්සේ බහිශ්‍රාවය කිරීම. එය උණු වතුර වීදුරුවක් පානය කර අත් දෙපසට කර හිරි ඇරීම මගින් ලෙහෙසියෙන්ම කරන්නට පුළුවන්.
6. ලෙඩට ස්වභාව ධර්මයෙන් බෙහෙත් ගැනීම.
දිනපතා ආහාර වලට ඖෂධිය ගුණයෙන් යුතු ආහාර කොටස් එක්කර ගැනීමෙන් ඔබට ලෙහෙසියෙන්ම ඔබව නිරෝගී බවින් පිරවිය හැකියි. නැවුම් ඉගුරු, කහ, සුදුලූනු, කරාබුනැටි, ගම්මිරිස් වැනි එදිනෙදා ජීවිතයේ පහසුවෙන් සොයා ගන්නට පුළුවන් දේ ආහාරයට එක්කර ගන්නට පුළුවන් නම් රහසේම ඔබේ සිරුර ඔබව නිරෝගී කමින් තබාගනීවී.
7. වතුර? ඒ මොකටද???
දිනපතා වතුර විදුරු 4-5ක් පානය කරන්න පුලුවන්නම් එය තමා හොඳම දේ ඔබේ සිරුර අඩුම වියදමකින් සෞඛ්‍යමත් කරනන් කියලා අයුර්වේදයෙන් සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි, සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය සහ ජලය මට්ටම ඉහල යාම ආහාර දිරවීම ක්‍රමවත් කිරීමට මහඟු සේවයක් කරනවා.
8. මසාජ් එකකට පුළුවන් වැඩක්.
උදේට ඔබේ හිස තෙල් දමා සම්භාහනය කරගන්නට පුළුවන් නම් එයින් මුහුණේ රැලි වැටීම, හිසකෙස් සුදුවීම වගේ දේවල් ලේසියෙන්ම නවත්වාගන්නට පුළුවන් කම තියෙනවා. මදක් රත් කරගත් රන් තැඹිලි තෙල් ස්වල්පයක් ලෙහෙසියෙන්ම මේ රාජකාරිය ඔබට කරදෙන බවට කිසිම සැකයක් නැහැ. අනෙක නිරෝගී පෙනුමකින් යුතු සමක් ලැබෙනවට කවුද දෙයියනේ අකමැති?
9. පොෂ් එකට හරි කමක් නැහැ ව්‍යායාම පොඩ්ඩක් කරන්න.
ලෝකෙට පෙන්න හරි කමක් නැහැ ව්‍යායාම පොඩ්ඩක් කරන එකෙන් ඒ වාසිය ලැබෙන්නේ ඔබටමයි. සිරුරෙන් දහදිය පිටකිරීමෙන් ඔබේ සහ ඔබේ මස්පිඩු හැකිලීමට දිගහැරීමට ලක්වීමෙන් ඒ වටා බැදී ඇති මේදය පහව යන්නට ඉතා ඉහල උදව්වක් සපයනවා. වැඩිය එපා, දවසකට විනාඩි 30ක් හොඳටම ඇති.
10. ඔබේ නිරෝගී බව පානය කරන්න.
සියල්ලම වගේම ඔබේ ආහාරයට රසවත් කොළ කැඳ කොප්පෙකින් එකතු කරන සෞඛ්‍යමත් බව මෙතෙකැයි කියලා කියන්න බැහැ. ඔබේ බොහෝ අසනීපයන් උදෑසනට බොන්නට හැකි කොළකැඳ කොප්පෙකින් පලවා හරින්නට හැකි බව දන්නවද? කොළ කැඳ බොන්නට ගමටම එන්න ඕනේ නැහැ. ඔය දියත උයන එකේ වගේම කැලෑ පොලේත් එක එක ජාතියේ රසම රස කොළ කැඳ විකුණන්නට තියෙනවා.
11. භාවනාව කාරනාව
මෙච්චර වෙලා කිව්වේ සිරුර තුල නිරෝගී වෙන විදිහනේ. ඇයි මනස කියන්නේ සිරුරේ කොටසක් නෙවෙයිද? ඔව්. කාර්ය බහුල ලෝකෙන් ටිකක් ඈත වෙලා, පොඩි විවේකයක් ගන්න, පොඩ්ඩක් පැත්තකට වෙලා නියමිත පරිදි හුස්ම ඉහල පහල යාම ගැන විතරක් අවධානය යොමු කරන්න පුළුවන් අආකරයේ පොඩි භාවනාවක් කරන්න උත්සහ කරන්න. සිත චංචල නම් උඩ කියාපු කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ.
- aniwa.lk
සුවබර ජීවිතයකට ආයුර්වේදයෙන් ඔත්තු 11ක්
2018-02-26T01:19:00-08:00
Gossip Lanka Hot News
slide|