රාත්‍රී සාදයකට යන ඔබට කැපී පෙනෙන ලස්සනක් ගේන්න මේකප් කරන්න ටිප්ස් 7ක්

මේකප් එකක් හිතුමතේ කරන්න ගියොත් පෙනුම වැඩි වීමක් නොවී ඔබව විකාරයක් වගේ පේන්න පුළුවන්. උදෑසනකට ගැලපෙන මේකප් එකක් රෑටත් රෑට ගැලපෙන එකක් උදේටත් දාගෙන ගියොත් දකින අයට ඔබව ප්‍රසන්න දසුනක් වෙන්නෙ නෑ. අපි මීට කලින් රැකියාවට යන ඔබටත් සාමාන්‍ය ගමනට බිමනටත් මේකප් කරද්දි දැනගෙන ඉන්න ඕන කරුණු ගැන කතා කලානෙ. අද මේ කියන්න හදන්නෙ රාත්‍රී උත්සවේකට යන ඔබට ඔබේ මේකප්
එක කරගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් ගැන.


1. දිලිසෙන ස්වභාවය (Glitter & Shimmering makeups)

රාත්‍රී උත්සවයක් කිව්වම මේ දිලිසෙන ස්වභාවය අනිවාර්යෙන්ම වැදගත්. මේකප් එකක් කරන්නෙ ඔබව කැපී පේන්න. ඔබේ මුහුණේ කැපී නොපෙනෙන ඉරියව් මතු කරන්න. රාත්‍රී උත්සවයක ඇති ආලෝකය සමඟ එක් වී ඔබේ පෙනුම ඉස්මතු කරගැනීමට දිලිසෙන ස්වභාවය ඇති කරන මේකප් රාත්‍රී උත්සවයකට භාවිතා කරන්න.

2. සමේ පැහැය සමානව ගැනීම

මේක දවසේ මොන වෙලාවකදී මේකප් කලත් වැදගත් වෙන කරුණක් වුවත් රාත්‍රී උත්සවයකට යෑමේදී විශේෂයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. රාත්‍රී උත්සවයකට ඔබට ගැලපෙන්නෙ තරමක් තද වර්ණ මේකප් එකක්. ඇස්යට අඳුරු ගතිය සහ තොල් වට අඳුරු ගතිය මැකී සම එකම පැහැයට ගැනීමට ෆවුන්ඩේශන් සහ කන්සීලර් භාවිතය මේ නිසාම වැදගත්.

3. තියුණු පෙනුමක්

කොන්ටුවර් මේකප් එකක් රාත්‍රී කාලයට හුඟක් ගැලපෙනව. ඒත් කොන්ටුවර් මේකප් එකකදි උනත් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්නම ඕන. චීක් බෝන්ස් එහෙමත් නැත්නම් කම්මුල් දෙපස ඉස්සිලා පේන හරියට සහ නළල දෙපස තඹ පැහැ ග්ලිටර් හයිලයිට්ස් පාවිච්චි කරන්න. මුහුණට එයින් ආලෝකයක් එකතු වෙනව.


4. බ්ලශ් තෝරාගැනීම

බ්ලශ් තෝරාගන්න කොට ඔබේ සමේ පැහැය ගැන සැලකිලිමත් වීම හුඟක් වැදගත්. තරමක් තද පැහැ සමකට රෝස පැහැයේ තද පැහැ ප්‍රභේදයන්ද, තල එළෙළු පැහැ සමකට නම් පීච් පැහැයට හුරු රෝස පැහැයේ ලා පැහැ ප්‍රභේදයන්ද පැහැපත් සමකට නම් කොරල් පැහැයේ වර්ණ ප්‍රබේදයන්ද බ්ලශ් සඳහා සුදුසුයි. නයිට් මේකප් එකකදි පව්ඩර් ප්‍රඩක්ට්ස් වලට වඩා ක්‍රීම් ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන එකත් වඩාත් සුදුසුයි.

5. අයි ශැඩෝ, අයි ලයිනර් සහ කාජල්

ස්මෝකි අයි මේකප් එකක් අනිවාර්යෙන්ම රාත්‍රී සාදයන් වලටම ගැලපෙනව. ක්‍රමානුකූලව බ්ලෙන්ඩ් කරගත් කළු වර්ණය අයි ලයිනර් එක සහ අයි ලිඩ් එක අතර පැතිරෙන ලෙස සකස ගන්න.

උඩ පිල්ලමේ සේම යටි ඇහි පිල්ලමේද කාජල් තවරා ගන්න. රාත්‍රී සාදයක් නිසා ඔබේ ඇස් වල පෙනුම උදෑසනක කරන මේකප් එකකට වඩා තද වර්ණයන්ගෙන් නිම වීම සහ කැපී පෙනීම අවශ්‍යයි. ඇස් වල කෙලවර දිගට ඇදෙන ලෙස අයි ලයිනර් එක ඇඳීමෙන් වඩාත් ඉස්මතු වෙන පෙනුමක් ලබා ගත හැකියි.

රත්‍රං පැහැය, තඹ පැහැය, මුහුදු කොල පැහැය සහ නිල් පැහැය වැනි පැහැයන්ට අයි ශැඩෝ තෝරාගැනීමේදී මුල් තැන ලබා දෙන්න. ඔබේ සමේ වර්ණය කුමක් උවත් අයි මේකප් එකට මේ වර්ණයන් හොඳින්ම ගැලපෙනව.

6. අයි ලෑශස්

ඇහි පිහාටු දිගුව සහ ඝණව ස්වභාවයෙන්ම පිහිටි කෙනෙක් නම් උඩු ඇහි පිහාටු වල වගේම යටි ඇහි පිහාටු වලත් මස්කාරා අනිවාර්යෙන් තවරාගන්න. ඇහි පිහාටු ඝණ නැති නම් කෘත්‍රිම ඇහි පිහාටු පලදින්න. රාත්‍රී සාදයකදී ඇස් වලට තද සහ කැපී පෙනෙන මේකප් එකක් කිරීම වඩා සුන්දරයි.

7. ලිප් මේකප් එක

දෙතොල් වලට ගල්වන වර්ණය ඔබ අඳින ඇදුමේ පැහැයට හොඳින්ම ගැලපීම අත්‍යාවශ්‍ය නැහැ. හාත්පසින්ම වෙනස් කන්ට්‍රාස්ටින් පැහැයක් රාත්‍රී සාදයකට සුදුසුයි. රාත්‍රී සාදයකට දෙතොල් හැඩගැන්වීමේදී ලිප් ලයිනර් එක ලිප්ස්ටික් එකට වඩා තරමක් තද පැහැයෙන් ඇඳ ගන්න. දෙතොල් ඉස්මතු වී පෙනීමට එය උදව්වක්. ලිප් ග්ලොස් එකක් පාවිච්චි කිරීමෙන් දෙතොල් වලට දිලිසෙන පෙනුමක් සහ මූණට වැඩි එළියක් ලබාගන්නත් පුළුවන්.

- aniwa.lk







gossip lanka