Tomato සෝස් ඇතෑරල විවිධ කෑමට ගැලපෙන විවිධ Cheesy White, Creamy Garlic, Pizza, Pasta සෝස් ඉක්මනටම හදමු!

එක එක සෝස් වර්ග තියෙනව. හැබැයි අපි මොන දේටත් පාවිච්චි කරන්නෙ එහෙමත් නැත්නම් පිළිගන්වන්නෙ තක්කලි සෝස්, චිලි සෝස්, සෝයා සෝස් වගේ කීපයක් විතරයි. එහෙම නැතුව ඒ ඒ දේවල් වලට ගැලපෙනම සෝස් වර්ගයක් එක්ක අපි හදන කෑම පිළිගන්වන්න පුළුවන්නම් ඒ කෑමෙහි නියම රසය ඉස්මතු කරගන්න අපිට හැකියාව තියෙනව.

ඉතින් අපි හිතුවා අනිවා බලන අපේ හිතවතියන්ට ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත්
සෝස් වර්ග කීපයක් කියල දෙන්න. කෑම වර්ග පිළිගන්වන්න වගේම මස්, මාළු වර්ග පිළියෙල කරගන්නත් මේ සෝස් වර්ග පහසුවෙන් හදාගන්න පුළුවන්.

1. Cheesy White Sauce

මේ සෝස් එකත් එක්ක බර්ගර්, පාස්ටා, ස්පෙගටි, හොට්ඩෝග් විතරක් නෙවෙයි චීස් රසට තියෙන නිසා සැන්ඩ්විච් එක්ක හෝ කැමති දෙයක් එක්ක ඩිපින් එකක් හැටියටත් ගන්න පුළුවන්.

ගැලපෙන ආහාර: බර්ගර්, පාස්ටා, ස්පෙගටි, හොට්ඩෝග්, සැන්ඩ්විච්, ෂෝට් ඊට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. බටර් මේස හැඳි 4
  2. පාන් පිටි මේස හැඳි 4
  3. කිරි කප් 3
  4. හැපි කව් චීස් වෙජස් 3
  • කිරි ටික රත් වෙන්න ලිප තබා අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍රවන තුරු මද ගින්නේ හැඳි ගාන්න.
2. Creamy Garlic Sauce

සුදු ලූනු රසට කැමති අයට මේ සෝස් එක හොට් ඩෝග්ස්, බර්ගර් එක්ක කන්න ගොඩක්ම ගැලපෙනව.

ගැලපෙන ආහාර: හොට් ඩෝග්, බර්ගර්, සැන්ඩ්විච්, සබ්මැරින්, ෂෝට් ඊට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. වතුර කප් 1/2
  2. තලාගත් සුදු ලූනු මේස හැඳි 3
  3. සුදු ලූනු පව්ඩර් තේ හැන්දක් (තියෙනව නම්)
  4. චොප් කරගත් පාස්ලි කොල මේස හැන්දක්
  5. කෝන් ෆ්ලා තෙ හැඳි 2
  6. හෙවි ක්‍රීම් කප් 2
  • වතුර වලින් භාගයක් භාජනයක දමා සාමාන්‍ය ගින්දරේ උතුරවා ගන්න.
  • එයට සුදු ලූනු සහ සුදු ලූනු පව්ඩර් එක් කර වතුර හිඳෙන තුරු විනාඩි 5ක් පමණ පිසගන්න.
  • එයට ඉතිරි වතුර සහ කෝන් ෆ්ලා හැර අනික් සියල්ල එක් කර හොඳි හැඳි ගා ගන්න.
  • කෝන් පිටි ඉතිරි වතුර ටිකට මිශ්‍රකර ලිප ඇති සෝස් එකට එක් කර උකු වනතුරු හැඳි ගා ලිපෙන් ඉවත් කරගන්න.
3. Teriyaki Sauce

මස් වර්ග ග්‍රිල් කරන්න කලින් මේ සෝස් එකේ පැය 4ක් විතර මැරිනේට් වෙන්න තියල ග්‍රිල් කලාම එන රස කාලම බලන්න ඕනෙ. හදමු Teriyaki සෝස්. කල් තියාගන්න දේවල් දාලා කඩෙන් ගන්නවට වඩා මේ විදියට අවශ්‍ය වෙලාවට ගෙදර හදා ගන්න එක ඇඟටත් ගුණයි.

ගැලපෙන ආහාර:  චිකන්, මට්න්, පෝක්, බීෆ් ඕනෙම මස් වර්ගයක් ග්‍රිල් කරන්න

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. සෝයා සෝස් කප් 3/4
  2. සීනි මේස හැඳි 2
  3. තලාගත් ඉඟුරු, සුදු ලූනු
  4. රතු වයින් කප් 1/4
  • මේ සියල්ල හොඳින් මිශ්‍රකර ඔබ ග්‍රිල් කිරීමට ගන්න මස් වල තවරා පැය 4ක් පමණ මැරිනේට් කරන්න.
4. Easy Cocktail Sauce

මේක ඩිපින් සෝස් එකක්. හුඟක්ම ගැලපෙන්නෙ ග්‍රිල් කරපු මුහුදු ආහාර එහෙමත් නැත්නම් සී ෆුඩ් එක්ක. හදාගන්න හරිම පහසුයි.

ගැලපෙන ආහාර: ග්‍රිල් කරපු ඉස්සන්, මාළු, ග්‍රිල් කරපු ඕනෙම මස් වර්ගයක්, ෂෝට් ඊට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. තක්කලි කෙචප් කප් 1
  2. දෙහි යුශ තේ හැඳි 1
  3. චිලි සෝස් මේස හැඳි 2
  4. සෝයා සෝස් තේ හැඳි 1 1/2
  5. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • මේ සියල්ල හොඳින් මිශ්‍රකරගන්න.

5. Homemade Pizza Sauce

පීට්සා එකක් ගෙදර හදාගන්න කොට පීසා සෝස් එකත් ගෙදරම හදාගන්න එක වඩා හොඳයි නේද? හදාගන්න අමාරුත් නැති එකේ ඊළඟ පාර පීසා හදන කොට මෙහෙම සෝස් එක හදාගන්න.

ගැලපෙන ආහාර:  පීට්සාවලට බේස් සෝස් එකක් හැටියට වගේම මේක පාස්ටා වලටත් ගන්න පුළුවන්

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. තක්කලි සෝස් කප් 1 1/2
  2. තක්කලි පේස්ට් කප් 1 (උණුවතුරේ දාගත් තක්කලි ඇට සහ පොතු ඉවත් කර පොඩි කරල ගන්නත් පුළුවන්)
  3. වියලි ඔරිගානො තේ හැඳි 1 1/2
  4. සුදු ලූනු පව්ඩර් හෝ තලාගත් සුදු ලූනු තේ හැඳි 1 1/2
  5. පැප්රිකා හෝ මිරිස් කුඩු තේ හැඳි 1/2
  • මේ සියල්ල එකට එක් කර හොඳින් මිශ්‍රකරගන්න.
6. Homemade Pasta Sauce

ගෙදර පාස්ටා හැදුවොත් අපි කන්නෙ නිකම්ම තක්කලි සෝස් ටිකක් එක්ක. එහෙම නැතුව ඒකටම විශේෂ වුන සෝස් එකක් හදාගන්න පුළුවන්නම් හොඳයි නේද? මෙයට කැමති මස් වර්ගයක් හෝ මීට් බෝල් එක් කර පාස්ටා සමඟ කෑමට ගන්න පුළුවන්.

ගැලපෙන ආහාර: පාස්ටා, ස්පැගටි

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. තලාගත් සුදු ලූනු බික් 5
  2. ඔලිව් තෙල් නැත්නම් විතරක් එළවළු තෙල් කප් 1/4
  3. තක්කලි පියුරේ හෝ පේස්ට් කප් 3 (හෝ තම්බා පොතු, ඇට ඉවත් කර පොඩි කරගත් තක්කලි)
  4. රස අනුව ලුණු
  5. සීනි තේ හැඳි 1
  6. බේ ලීෆ් එකක්
  7. ගම්මිරිස් කුඩු ටිකක්
  • තෙල් ටික ලිප තබා එයට වතුර හැර අනෙක් සියල්ල එක් කරහොඳින් මිශ්‍රකරන්න.
  • මිශ්‍රණය උතුරන විට එයට වතුර වතුර කප් 1/4 පමණඑක් කර මිශ්‍රකර අඩුම ගින්දරේ සෝස් එක උකු වන තුරු හැඳි ගා ලිපෙන් ඉවත් කරගන්න.

7. Green Chilli Sauce

අමුමිරිස්වලට අපේ අය ගොඩක් කැමති මේකෙ තියෙන සැර රස නිසාමයි. සෝස් වර්ග හුඟක් පැණි රස පැත්තට බර නිසා සැරට කන්න කැමති අයට මේ සෝස් එක ගැලපෙනවා.

ගැලපෙන ආහාර: පාස්ටා, ස්පැගටි, හොට්ඩෝග්, සැන්ඩ්විච්, බැදපු මස්, මාළු, ෂෝට් ඊට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. කුඩාවට කපාගත් අමු මිරිස් කරල 20
  2. එළවළු තෙල් මේස හැන්දක්
  3. තලාගත් සුදු ලූනු බික් 3
  4. ලොකු ලූනු ගෙඩි 1/2
  5. ලුණු තේ හැඳි 3/4
  6. වතුර 450ml
  7. විනාකිරි 225ml
  • තෙල් ටික ලිප තබා එයට අමු මිරිස්, ලූනු, සුදු ලූනු, ලුණු එක් කර විනාඩි 4ක් පමණ් තෙම්පරාදු කරගන්න.
  • එයට වතුර එක් කර විනාඩි 20ක් පමණ විටින් විට හැඳි ගාමින්  පිස ගෙන හොඳින් නිවෙන තුරු පසෙකින් තියන්න.
  • මිශ්‍රනය බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කරන අතරතුර විනාකිරි ටිකෙන් ටික එක් කරගන්න.
  • උණු වතුරේ තම්බා තෙත වියලාගත් වීදුරු බෝතලයක දමා මෙය මාස 6ක් පමණ ශීතකරණයේ තබා ගත හැකියි.




gossip lanka