අමද්‍යප අයට ගැලපෙන රසවත්ම පාටි ඩ්‍රින්ක්ස් 7ක් ලේසියෙන්ම හදාගමුද?

ගෙදරක පාටියක් තියනවා කියන්නෙ ඉතින් බොහෝවිට සැර බීම ජාති එහෙමත් පාවිච්චි වෙන අවස්ථාවක්නෙ. සැර ජාති පාවිච්චි කරන අයට විවිධ බ්‍රෑන්ඩ්ස් වලින් විවිධ මත්පැන් වර්ග තිබුණට අමධ්‍යප අයට හුඟක් වෙලාවට බොන්න තියෙන්නෙ දොඩම් යුෂ, අයිස් කොෆී, කොකාකෝලා වගේ හැමදාමත් දකින්න තියන ජාති තමයි. ඉතින් අපි මේ හදන්නෙ ඔයාලගෙ ඊළඟ පාටියෙදි ඒ විදිහේ බෝරිං බීමම දෙන්නෙ නැතිව
අමධ්‍යප යාලුවොන්ව සතුටු කරන බීම වර්ග ටිකක් හදන හැටි කියලා දෙන්නයි.

1. Golden Fruit Punch

අවශ්‍ය ද්‍රව්‍ය

  1. දොඩම් යුශ 350ml (වතුර එක් නොකල)
  2. ලෙමන් යුශ 350ml (වතුර එක් නොකල)
  3. අන්නාසි යුශ 350ml (වතුර එක් නොකල)
  4. රස අනුව සීනි
  5. ලුණු පින්ච් එකක්
  6. ජින්ජර් ඒල් ලීටර් 2
  7. අයිස් කැට
  •  අයිස් කැට හැර අනෙක් සියල්ල එකට එක් කර හොඳින් මිශ්‍ර කර ශීතකරණයේ තබාගන්න. අයිස් කැට එක් කර පිළිගන්වන්න

2. Double Apple Iced tea

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ටී බෑග් 8ක්
  2. ඇපල් ජූස් ලීටර් 1
  3. සිහින් පෙති කපා ගත් ඇපල් ගෙඩි 2
  4. වතුර ලීටර 1
  • වතුර උතුරුවා ගෙන එයට ටී බෑග් එක් කර විනාඩි 4ක් තම්බාගන්න. එය හොඳින් නිවෙන්නට හරින්න.
  • ඇපල් ජූස් වලට නිවාගත් තේ එක් කර රස බලා රස අනුව සීනි එක් කරගන්න. කපාගත් ඇපල් පෙති එක් කර ශීත කර අයිස් කැට දමා පිළිගන්වන්න.


3. Mango Pineapple Punch

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අඹ යුශ 500ml
  2. ලෙමනේඩ් ලීටර් 1
  3. දෙහි යුශ 50ml
  4. අන්නසි යුශ අවශ්‍ය පමණ
  • අන්නසි යුශ වලට වතුර සහ රස අනුව සීනි එක් කර මිශ්‍ර කර අයිස් කියුබ් ට්‍රේ එකක දමා අන්නසි කියුබ්ස් සාදාගන්න.
  • අඹ වලට ලෙමනේඩ් සහ දෙහි යුශ එක් කර මිශ්‍ර කරගෙන අවශ්‍ය නම් සීනි එක් කර ශීත කරගන්න. අන්නසි අයිස් කියුබ්ස් උඩින් දමා පිළිගන්වන්න.

4. Watermelon Picnic Punch

අවශ්‍ය ද්‍රව්‍ය
  1. කොමඩු යුශ ලීටර් 1
  2. ලෙමන් යුශ 200ml
  3. ස්ට්‍රෝබෙරි ගෙඩි 15
  4. රස අනුව සීනි
  • සියල්ල එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. ශීත කර අයිස් කැට දමා පිලිගන්වන්න.

5. Pineapple Mojito

අවශ්‍ය ද්‍රව්‍ය
  1. අඟල් දෙකේ පමණ ප්‍රමාණයට කපාගත් අන්නසි ගෙඩියක කැබලි
  2. මිංචි කොල අහුරක්
  3. දෙහි යුශ 100ml
  4. සෝඩා ලීටර් 1
  5. රස අනුව සීනි
  6. සිහින්ව කපාගත් දෙහි පෙති කීපයක්
  • අන්නසි කැබලි ටික බඳුනකට දමා තරමක් පොඩි කරගන්න. අතින් පොඩි කරගත් මිංචි කොළද එයටම එක් කරගන්න.
  • සෝඩා වලට සීනි සහ දෙහි මිශ්‍ර කර පොඩි කරගත් මිංචි සහ අන්නාසි මිශ්‍ර කර කපා ගත් දෙහි පෙති දමා ශීත කර අයිස් කැට සමඟ පිළිගන්වන්න.

6. Mulled Apple Juice

අවශ්‍ය ද්‍රව්‍ය
  1. ඇපල් යුශ ලීටර් 1
  2. කුරුඳු පොතු අඟල් 3ක කැබැල්ලක්
  3. දොඩම් ගෙඩියක ලෙල්ල
  4. කරාබු නැටි 5ක්
  5. අයිස් කැට
  6. රස අනුව එකතු කිරීමට සීනි
  • ඇපල් යුශ වලට කරාබු නැටි, කුරුඳු සහ දොඩම් ලෙල්ල එක් කොට අඩු ගින්දරේ විනාඩි 5ක් 7ක් පමණ රත් කරගන්න. (කරාබු නැටි, කුරුඳු සහ දොඩම් ලෙල්ලේ රස ඇපල් යුශ වලට අල්ලාගන්නා තෙක් පමණක්)
  • නිවෙන්නට හැර රස අනුව සීනි එක් කොට ශීත කර අයිස් කැට දමා පිළිගන්වන්න.

7. Lemon & Lemongrass Spitzer

අවශ්‍ය ද්‍රව්‍ය
  1. ලෙමන් යුශ 300ml
  2. සෝඩා ලීටර් 1
  3. සේර අඟල් 4ක කැබැල්ලක්
  4. රස අනුව සීනි
  • සේර කැබැල්ල තලා එයට වතුර කප් 1/4ක් එක් කර මද ගින්නේ රත් කරගන්න. නිවෙන්නට හැර එයට ලෙමන් යුශ සීනි සහ සෝඩා එක් කර මිශ්‍ර කරගන්න. ශීත කර අයිස් කැට සමඟ පිළිගන්වන්න.




gossip lanka