ලව් කරන්න ඉතින් ආයෙ පොත් කියෝලා, ආටිකල් කියෝලා ඉගෙන ගන්න දෙයක් නෑ. මොකද බල්ලෙක්ව වතුරට දාන කොට බල්ලත් එක්කම අපි ස්විමින් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්වත් වතුරට තල්ලු කරන්නෙ නෑනේ. හැබැයි වතුරට වැටෙන බල්ලෙක් දන්නවා පීනගෙන එන්න. ලව් කිරිල්ලත් ඒ වගේ තමයි. කියලා දෙන්න දෙයක් නෑ. හැබැයි ලව් කිරිල්ල කියලා දෙන්න දෙයක් නැති වුනත්, සමහරුන්ට ලව් එක රැක ගැනිල්ල නං කියලා දෙන්න වෙනවා. මොකද ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතේ
තියෙන එක එක නරක, විසකුරු පුරුදු නිසා ලව් එක කඩා ගන්නවා. ඒ නිසා මේ කරුණු 7 කියවලා බලන්න. මේවයින් එකක් හරි ඔබටත් තියෙනවා නං අදම අත ඇර ගන්න.
1. අසීමිත ඉරිසියාව
මේ ගැන නම් අපි කලින්ම කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලව් කරනකොට චූටි ඉරිසියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කොල්ලෙක් එක්ක ඕනවට වඩා ඇඟෑලුම් කමින් කතා කරනකොට ඔන්න කෙල්ලට පොඩ්ඩක් ඉරිසියා හිතෙනවා. ඒත් ඒක ලොකු අවුලක් නෙවෙයි. ඒක ආදරේ සයිඩ් ඉෆෙක්ට් එකක් කියමුකෝ. ඒත් අසීමිතව තියෙන ඉරිසියාව නං අනිවා ආදරයක් දියකරලා දාන්න පුලුවන් ඇසිඩ් එකක් වගේ. එහෙම තමන්ටත් ඉරිසියාව තියෙනවා නං හොඳම දේ තමයි කතා කරලා දේවල් විසඳගන්න එක.
2. තරහ හිතේ තියාගෙන ඉඳීම
මේකත් බොහෝම දෙනෙක්, විශේෂයෙන්ම කාන්තා පාර්ශවය කරන වැරදි වැඩක්. දැන් ආදර සම්බන්ධතාවයක් ගලාගෙන යනකොට එක්කෙනෙක් අතින් වැරැද්දක් වෙන්න පුලුවන්. වැරදි වෙන්නේ මිනිස්සු අතින්නේ. එහෙම වැරදි නොවෙන මිනිස්සුන්ව ආදරේ කරන්න හොයනවා නං කෙලින්ම යන්න අකනිටා බඹ ලෝකෙට. සෙට් කරගන්න දෙයියෙක් නැතිනම් දේවතාවියක්. හැබැයි එහෙම නැතුව මිනිස්සු එක්ක ලව් කරනවා නම් ආයෙ ආයෙ නොකරන වැරැද්දකට සමාව දෙන්න ඉගෙන ගන්න ඕන. හැබැයි සමහරු ඉන්නවා ඔය වැරැද්දට කටින් සමාව දුන්නත්, හිතේ තියාගෙන ඉන්නවා. ආයෙ වලියක් ඇදෙන වෙලාවකදී ඇදලා ගන්නේ අර පෙර වැරදි. අන්න ඒක වැරදි වැඩක්. වැරැද්දක් වුණු තැන සමාව දෙන්න පුලුවන් නම් සමාව දීලා, කතා කරලා ඉවර කරන්න. ආයි ඉස්සරහට ඇදගෙන යන්න එපා.
3. ජීවිතේම ඩ්‍රාමා එකක් කරගැනීම
දැන් අපි හැමෝම මනුස්සයෝනේ. එතකොට අපිට හැඟීම් දැනීම් තියෙනවා. එහෙම නැතුව අඬන්නේ, හිනාවෙන්නේ, තරහ ගන්නේ නැති කෙනෙක්ව නං ලව් කරන්න හොයන්නේ, කඩේට ගිහින් ගන්න ලයිෆ් සයිස් බාබි ඩෝල් කෙනෙක්. අරගෙන ලව් කර කර ඉන්න. එහෙම නැතිනම් ඉතින් පැකේජ් එක පිටින්ම තමයි හම්බෙන්නේ.
හැබැයි අපි කියන්නේ මේ මනුස්සයෙක් වුහනම තියෙන හැඟීම් දැනීම් ගැන නෙවෙයි. තමන්ගේ ජීවිතෙත් ඩ්‍රාමා එකක් කරගෙන, තමන්ට ආදරේ කරන මනුස්සයගේ ජීවිතේත් ඩ්‍රාමා එකක් කරන ඩ්‍රාමා ක්වීන්ලා ගැන. එහෙම කිව්වට පිරිමින්ටත් එක්කයි මේක කියන්නේ හොඳද. මේ ඩ්‍රාමා කියලා කියන්නෙ මොකක්ද? සරලවම ඕනෑවට වැඩියෙන් රඟන්න යෑම. ඔය සමහරු ඉන්නේ ඔයා අද මාත් එක්ක ආවේ නැතිනම් ඔයාට එන්න වෙන්නේ මගේ මළගමට කියලා තර්ජනේ කරන ඩයල්. ආන්න ඒවා තමා පුතා ඩ්‍රාමා!
4. නෝ රෙස්පෙක්ට්
මෙන්න මේක බොහෝම විසකුරු දෙයක්. තමන්ගේ සහකරුවාට හරි සහකාරියට හරි කිසිම ගෞරවයක්, රෙස්පෙක්ට් එකක් නොදීම. දැන් ඔය කසාද බැඳපු පවුල් වල එහෙමත් අපි දැකලා තියෙනවා ළමයි ඉස්සරහා පිට අම්මා තාත්තට බණිනවා. එතකොට කොල්ලෝ ඉන්නවා තමන්ගේ යාලුවෝ ඉස්සරහ කෙල්ලට බණිනවා. මෙන්න මේවා රෙස්පෙක්ට් එකක් තමන්ගේ කෙනාට දෙන්නේ නැහැ කියලා අනිවා කියන ලක්ෂණ. ඉතින් මේකෙන් වෙන්නේ ඉක්මනටම ලව් එකට තිත තියන්න වෙන එක තමයි.
හැබැයි මේකම තව එහාට යනවා. තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ පවුලේ අයට රෙස්පෙක්ට් කරන්නේ නැති එකත් මේ කාරණේටම ඇතුළත්.
5. කොච්චර කළත් හොඳක් නැතිවීම
මෙන්න මේක බොහොම බයානකයි. දැන් සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලා කොච්චර ආදරේ කලත්, තමන් වෙනුවෙන් කැප වෙලා හිටියත් සත පහකට ගණන් ගන්නෙ නෑ. ඒ අය හිතන්නේ කොල්ලා එහෙම තමන් වෙනුවෙන් කැප වෙලා ඉන්න බැඳිලා ඉන්නවා කියලා. ඒ කියන්නේ තමන් හෙන ක්වීන්ය කියලා. එතකොට කොල්ලෝ ඉන්නවා කෙල්ල තමන් වෙනුවෙන් කරන දේවල් ඔය විදියට බල්ලට දාලා සලකන. ආදරේ නාමයෙන් කැපකිරීමක් කලත් කෙල්ලට කවදාවත් කොල්ලගෙන් හොඳක් නෑ. මොකක් හරි නොකරපු දෙයක්ම තමයි අල්ල ගන්නේ. එහෙම කොල්ලෝ හිතාගෙන ඉන්නෙත් ලෝකේ හරි මැද්දේ හිටගෙන ඉන්නේ තමන්ය, ඒ නිසා තමන්ට හෙනට සලකන්න ඕනය කියලා. හැබැයි ඔය දෙගොල්ලෝම දන්නෙ නෑ අන්තිමට තමන් එක්ක ඉන්න කෙනා දාලා යනකල්. නරකම දේ, තමන්ට නැතිවුනේ මොනවද කියලා තේරෙන කොට පරක්කු වැඩියි.
6. හැම දේටම ෆ්ලවර් ජම්ප්
ඔය සමහරු ඉන්නවා පටන් ගන්නකොටම කියන්නේ “මට හරියට කේන්ති යනවා, දුම්මල වරම අතින් අරගත්තු ගමන් ඉන්නේ” කියලා. ඒත් ඉතින් ලව් එක ඕවා අහන්නෙ නෑනේ. ඉතින් ලව් එක පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ කර ගහපු දුම් කෝච්චියේ තරම. ආය කොච්චි මිරිස් හැපෙනවා ඊට හොඳයි. මුලින් මුලින් ඔය කේන්තිය ඉවසා වදාරන්න පුරුදු වුනත්, ටික කාලයක් යනකොට ඒක වාතයක් වෙනවා. ඇයි ඕන දේටයි එපා දේටයි මල පැනගන්නවනේ. ඉතින් එක්කෝ වෙන්නේ අනික් කෙනාත් කේන්ති අරන් කෑ ගහන්න පුරුදු වෙයි, එහෙම නැත්නම් ලව් එක එහෙම්මම ඈලියාවට යයි. මතක තියාගන්න. එහෙම කේන්ති ගන්නවා කියන්නේ අත ඇරගන්න පුලුවන් පුරුද්දක්. එහෙම නොකර ඒකට හිලව්වට ලව් එක නැති කරගන්න එක ජාතික අපරාදයක්.
7. ලව් තියෙද්දිම එහෙන් මෙහෙන් සයිඩ් ලව්
මෙන්න මේක ටිකක් සංකීර්ණ සීන් එකක්. දැන් අපි කියමු ලව් එකකට සෙට් වෙලා ඉන්නවා කියලා. එතකොට වෙන කොල්ලෙක් දිහා කෙල්ලෙක් දිහා නොබල ඉන්න ඕන නෑ. යාලු මිත්‍ර කම් අතෑරලා දාන්න ඕනෙත් නෑ. පොඩ්ඩක් උකුලු මුකුලු කලා කියලා මොකුත් අඩු වෙන්නෙත් නෑ. හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑය කියනවනේ. ඉතින් ඔය ලිමිට් පැනලා එහෙන් මෙහෙන් සයිඩ් එකෙන් කෙනෙක්ව දෙන්නෙක්ව රන් කරන එක නතර වෙන්නේ ගුටි කාලා වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා ලව් එකක ඉන්නවා නං අනිත් මිනිස්සුත් එක්ක තමන්ගේ තියෙන සම්බන්ධතාවල ලිමිට් දැනගන්න ඕන.
- aniwa.lk
ආදර සම්බන්ධයක් විනාස කරලා දාන්න පුලුවන් විසකුරු පුරුදු ඔබටත් තියෙනවාද?
2018-01-15T02:09:00-08:00
Gossip Lanka Hot News
slide|