මිනිස්සු සෙට්වෙලා ඉන්න එක එක කණ්ඩායම් තියෙනවා. ඒ කණ්ඩායම්වලට තරඟ තියෙනවා. එළිපහලියේ ක්‍රීඩා වෙන්න පුළුවන්, දැනුම මිණුම තරඟ වෙන්න පුළුවන්, නැටුම් තරඟ වෙන්න පුළුවන්, විවාද තරඟ වෙන්න පුළුවන්. ඉතිං ඕවයෙන් කට්ටිය පරාද වුනාම හිත හදාගන්න
කියන දේවල් ගැන තමයි මේ පාර ලියන්නෙ. අවුල් වගේ දැනේවි. ඒත් මේ තමයි ඇත්ත.
1. අපි කොහොමත් පරදිනවනෙ
මේක ඉතිං කියන්න පුළුවන් වෙන්නේ කාලයක් තිස්සෙ වැදගත් නොවැදගත් හැම අවස්ථාවෙම පැරදිච්ච සෙට් එකකට තමයි. හැබැයි අතීතයේ දවසක තිබුනු අතිශය කීර්තිය නිසා කොයි වෙලේ අළු ගසා දාලා නැගිටියිද කියන්නත් බැහැ. අන්න ඒ නිසා දිනුවොත් සතුටු වෙන්න කියල හිතාගෙන මෙන්න මේ කතාව කියන එක හොඳයි. කොහොමත් ඉතිං මැරෙන්න ඔන්න මෙන්න ඉන්න එකාට තව පිහි පාරක් වැඩි නැහැනෙ.
2. කෙලවුනේ මේ වැරදි නිසා
මෙන්න මේක ඉතිං පරාජයේ දුක වැඩි වෙන සීන් එකක්. ඇයි ඉතිං පරාජය ඇනලයිස් කරනවනෙ. ඕක ඇනලයිස් කර කර අවුල් ටික ගැන හිතද්දි තව අවුල්. ඔය වගේ අවස්ථාවලදි තමයි පරාජය පිළිබඳ ලූසින් කෑම්ප් එක ඇතුළෙ වලි යන්නෙත්. මේ හින්දා ඇනලයිස් නොකර හිත හදා ගන්න එක වඩා ලේසියි. හැබැයි සිහි නුවණින් මොළෙන් ඇනලයිස් කළොත් අනාගතේ දවසක ඒක ප්‍රයෝජනයක් වේවි.
3. අනිත් පාර ගොඩ දාමු… මේ පාර හිතපු නැති දේ සිද්ධ වුනා
ඔන්න හිත හදාගන්න කියන එක. ඒ කියන්නෙ නිකං හුලං හැමුවා, වතුර බිවුවා, අපේ කෙසෙල් කලින් ඉවර වුනා වගේ බොරු හේතු කියල හිත හදාගන්න එක. ඒ මොහොතේ පවතින තත්ත්වයත් එක්ක සිද්ධ වෙන්නෙ මොනවද සහ ඒක පොදු ස්ථානයකදී දෙපැත්තටම බලපාන්න පුළුවන් තත්ත්වයකුත් වෙන්න පුළුවන් බව තේරුම් ගත යුතුයි. හැබැයි ඉතිං දුකේ ඉන්නකොට හිත හදාගන්න මේ කතාව කියන එක ලේසියි.
4. කොහෙද ඉතිං මුං කළේ නැහැනෙ
මේක බොහෝවිට නායකයාගේ හෝ පිටස්තර කණ්ඩායමක ප්‍රකාශයක් විදියට තමයි ගැනෙන්නෙ. මේකෙනුත් ඉතිං ෂේප් එකේ හිත හදාගන්න පුළුවන්. කෙලින්ම ඉතිං ඔක්කොම වැරදි ගසලා දානවා අනිත් උන් පිටින්. අනිත් කණ්ඩායමේ දක්ෂතාවයට වඩා අපේ කණ්ඩායමේ දුර්වලතාවය තමයි පරදින්න හේතුව කියලා එකෙක් හෝ කීපදෙනෙක්ගෙ පිටට වරද පටවලා අනිත් අය හිත හදාගන්නවා.
5. උන්ට ඔක්කොම හොඳයි
උන්ට සෙනග වැඩියි. උන්ගෙ ග්‍රවුන්ඩ් එක. උන්ට ප්‍රැක්ටිස් කරන්න වෙලාව වැඩියි. උන්ට සැප වැඩියි. උන්ගෙ කෝච් හොඳයි. මිඩ්ල් ඕඩර් එක හොඳයි. බෝලර්ස් ලා සුපිරි. ස්පින් ට්‍රැක් එකට උන් ගාණට ස්පිනර්ස්ලා තුනක්ම බැස්සුවා. උන්ට සුපිරියට ගෙවනවා. උන්ගෙ ට්‍රේනිං එක හොඳයි. ඔන්න ඔය ක්‍රමයෙන් නං තමුන්ගේ තැවුණු සිත තමුන්ගේ කණ්ඩායමට කිසිම රිදවීමක් නොකරම සනසාගන්න පුළුවන්.
6. මේකත් එකක්
උන් හොර කළා. අපි අහිංසකයි. අපේ එවුන් අච්චර හොඳට ඩිබේට් එක කරලත් ජජස්ලා අපිට කෙලෙවුවා. ඇයි අපි කළුද? තනිකරම මේක සල්ලිවලින් ගිය ගේමක් වගේ ටෝක්ස් දීම තව ක්‍රමයක්. මේ වගේ ප්‍රකාශයක් කළාට ඉතිං ඔප්පු කරන්නම ඕන නැහැනෙ. හිතත් ලේසියෙන්ම හැදෙනවා.
7. පරදින්න තියෙනවනං ලොවෙත් පරදිනව බං
කර්මය සහ ඵලය ගැන දැනගෙන හිටියත් නැතත්, ඒක හිත හදාගන්න පාවිච්චි කරන බුවාලා කියන කතාව තමයි මේ. ඒ අය කරන දේ තමයි අපි ඉතිං කොච්චර හොඳට රෙඩි උනත්, අනිත් ටීම් එකව ස්ටඩී කලත්, වැඩේ තිතට දුන්නත් එදා දවසෙ අපිට උරුම වෙලා තිබ්බෙ පරදින්නනම් අපි අනිවා පරදිනවා කියල හිත හදාගන්න එක. මේකත් ඉතින් ලංකාවෙ අය හිත හදාගන්න සෑහෙන්න පාවිච්චි කරන ක්‍රමයක්
- aniwa.lk
ලංකාවෙ උදවිය පරාජයකදි හිත හදාගන්න පුරුදුවෙලා ඉන්න ක්‍රම 7ක්
2018-01-16T01:33:00-08:00
Gossip Lanka Hot News
slide|