ඇත්තටම සුවබර නින්දක් ඔබට ලැබෙනවාද? මීට උත්තර දෙන්න දැනගත යුතුම කරුණු 5ක්

හැම සතාටම වගේ මනුසතාටත් නින්ද කියන එක හරිම අවශ්‍යයි. අපිට එදිනෙදා තියෙන වැඩ රාජකාරි එක්ක නිදාගන්න කොහෙද ඉඩක් කියලා හිතුනට ඇත්තටම නින්ද කියන්නේ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්. කෑම, වතුර සහ ඔක්සිජන් වගේම අපිට අපේ යහ පැවැත්මට නින්ද බොහොම අවශ්‍ය වෙනවා. අපේ සිරුරේ සෞඛ්‍ය තත්වය වැඩි කරන්නත්,
අපේ ආයු කාලය වැඩි කරන්නත් නින්දට ඇති හැකියාව හරිම ඉහලයි.


1. නින්දටත් ගැටළුද?

නින්ද නොමැති වීමත් ආබාධයක්. සමහර අය මුළු රැයක් පුරාවටම අවදියෙන් ඉඳලා කුකුලා හඬලන්න ටිකකට කලින් නිදා ගන්න වෙලාවල් තියෙනවා. ඒත් නින්ද කියන දේ එතනින් සම්පුර්ණ වෙන්නේ නැහැ. ඉන්සොම්නියාව කියන්නේ මෙහෙම නිදි නැතිවීම ආබාධයක් වුනු අවස්තාවක්. බොහෝ අය තමන්ට නින්ද සම්බන්ධයෙන් ආබාධයක් තියෙනවා කියලා පිළිගන්න කැමැත්තක් නැහැ. විශේෂයෙන් ලංකාව වගේ රටවල් වල.

අපි ඔය ඉහතින් කියපු ඉන්සොම්නියාව කියන්නේ එහෙම නින්ද සම්බන්ධයෙන් තියෙන ආබාධ වලින් එකක් විතරයි. මෙන්න මේ විකිපීඩියා ලිපිය කියෙව්වොත් නින්ද ගැන තියෙන ආබාධ ලිස්ට් එකක් ම ඔබට බලා ගන්න හැකියාව තියෙනවා.

ඊට අමතරව ශක්ති ජනක පානයන්, කෝපි, එලාම් ඔරලෝසු, සහ විවිධ පිටස්තර ආලෝක කිරණයන්, ශබ්දවාහිනී යන්ත්‍ර වැනි දේවල් නිසා අපේ නිදි චක්‍රයට බාධා පැමිණෙන්නට පුළුවන්.


2 .නින්දට ගානක් මිම්මක් තියෙනවද?


අපිට සුව නින්දක් කියලා හිතාගන්න නිදා ගැනිල්ල පැය දෙක තුනක් ඇති කියලා දැනුනට ඇත්තටම අපිට පැය 6 කට වඩා වැඩි නින්දක් අවශ්‍ය වෙනවා. අපේ සිරුරේ සෛල නැවත නිපදවෙන්නත්, මහන්සි වූ සිරුරේ මස්පිඩු වලට විවේකය ලැබෙන්නත් නින්ද කියන දේ හරිම වැදගත්. අන්න ඒ නිසා තමයි අපි පැය 6 කට වඩා ගතකල නින්දකින් ඇහැරුනාම “අලුතින් ඉපදුනා” වගේ හැඟීමක් දැනෙන්නට ගන්නේ. ඒ ඒ වයස් වල පසුවන අයට අවශ්‍ය නින්ද කොපමණද කියල මේ රූපසටහන් ඇසුරින් ඔබට දැනගන්න පුලුවන්.






































හැබැයි තවත් දෙයක් තියෙනවා, ඕනෙවට වඩා වැඩියෙන් නිදා ගන්න එකත් එච්චර හොඳ නම් නැහැ. දිනකට පැය 6-7 කට වඩා නිදා ගන්නවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි. මොකද වැඩි නින්ද ඔබේ සිරුර තුල හැංගිලා සිටින රෝගයක එක ලක්ෂණයක් වෙන්නත් ඉඩ කඩ තියෙනවා.


3. අඩු නින්දත් බියකරුයි

අඩු නින්ද කියන්නේ අධික රුධිර පීඩනය සහ හදවත් ආබාධ වලට එක හේතුවක් කියලා බොහෝ නින්ද පිලිබඳ වෛද්‍යවරුන් මත පළකරනවා. ඒ වගේම ආදී නින්ද ඉහතින් කියූ රෝග දෙකට අමතරව අධික ස්ථුලතාවය, දියවැඩියාව, ආතතිය, මධුලොල් බව සහ නිතර අසන්නට ලැබෙන රථවාහන අනතුරු වලටත් හේතුවක් වෙනවා. මෙයට අමතරව අඩු නින්ද සහිත පුද්ගලයින් වෙනත් සාමාන්‍ය ජිවන රටාවක් සහිත අයට වඩා අධිකව කිපෙන සුළු සහ තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට අවධානයක් ලබා දෙන්නට නොහැකි තරම් දුර්වල වෙන අවස්ථා තියෙන බව විද්වතුන්ගේ අදහසයි.

4. නිතර කැඩෙන නින්දත් හොඳ නෑ

ඒ වගේම සැරින් සැරේ නින්ද කැඩෙනවා නම් ඒ ලබන නින්ද හොඳ ගුණාත්මක බවින් ඉහල නින්දක් නෙවෙයි. එය සිරුරේ ප්‍රතිශක්තිය අඩුවෙන්නත් එක හේතුවක් වෙනවා. ඉතින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු වෙනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔයාව ලෙඩ රෝග වලට නිතර ගොදුරු වෙන්න ඉඩ තියෙනවා.

සමහර අය කියන්න පුළුවන් නිදිමත වෙලාවට පැය දෙක තුනක් නිදාගෙන ඇහැරුනාම ආපහු වැඩ කළැකි කියලා. ඇත්තටම එහෙම කලාම නින්ද යන්නේ නැති වුනත් ඔයා ගණිත ගැටළුවක් විසඳනවා, වාහනයක් එලවනවා වගේ එකම එල්ලයකට මනස යොදවන වැඩක් කරනකොට අසාර්ථක වෙන්න තියෙන ඉඩ නම් බොහොම වැඩියි කියන එක හිතට ගන්නවා නම් හොඳයි.

5. හොඳ නින්දක සලකුණු මොනවාද?

වේලාසනින් නින්දෙන් අවදිවීමත්, වෙනදාට වඩා කාර්යශීලි වීම සහ තමන් අවට සිටින්නන් සමඟ හොඳ සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරීම කියන කාරණාවන් ඔබ කලින් රාත්‍රියේ හොඳින් නිදාගත් බව දැනුම් දෙන නිහඬ කාරණා වෙනවා. මෙහෙම සුවබර නින්දක් ලබන්නේ කොහොමද කියලා දන්නේ නැති නම් අපේ මේ අනිවා ආටිකල් එක කියවන්න අමතක කරන්න එපා.

aniwa.lk



gossip lanka