ආදර කතාවක් පටන් ගන්නකොට ඕනම කෙනෙක්ගේ තියෙන හීනේ වෙන්නේ ඒක විවාහය දක්වාම ගෙනියන එක කිව්වොත් බොරු නෙවෙයි. “අපි ආදරේ කරලා ඉන්පස්සේ වෙන්නේ මොකද කියලා බලමු” කියලා පටන් ගත්තත්, විවාහයට වෙන බාධාවක් නැතිනම් විවාහය දක්වා ආදර කතාව ගෙනියන්න ඕනම ආදරවන්තයෙක්ට, ආදරවන්තියකට වුවමනාව තියෙනවා. හැබැයි අවාසනාවන්ත කතාව මේකයි. මේ විදියට විවාහයෙන්
කෙළවර වෙන ප්‍රේම සම්බන්ධතා නැතුවා නෙවෙයි, හැබැයි දැන් කාලේ අඩුයි. ඉතින් අපි කියලා දෙන්න යන්නේ විවාහය දක්වා ගෙනියන්න පුලුවන් ලෝන්ග් ලාස්ටින්ග් ආදර සම්බන්ධතාවයක් කොහොමද කරගෙන යන්නේ කියන එක තමයි!
1. බැලන්ස් එක වැදගත්
මේ බැලන්ස් එක කියන එක අපේ ජීවිත වලට හරි වටින වචනයක්. මොකද ජීවිතේ හැමදේකටම බැලන්ස් එක තියෙන්න ඕනනේ. අන්න ඒක හින්දා. හැබැයි ආදර ජීවිතේ තියෙන බැලන්ස් එක කියන්නේ මේකයි.
ආදරේ කරන්න ගන්න ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ආදරේ කියන්නේ හැමදෙයක්ම කියන එක. නැහැ. ආදරේ කියන්නේ හැමදෙයක්ම නෙවෙයි. ආදරේ කියන්නේ ජීවිතේ අතිවැදගත් දෙයක්. හැබැයි ජීවිතේ එක දෙයක් විතරයි. ආන්න ඒක තේරුම් ගත්තොත් මේ බැලන්ස් එක හොයාගන්න පුලුවන්. දැන් මේ බැලන්ස් එකෙයි ආදරේ පැවැත්මෙයි තියෙන සම්බන්ධේ මොකක්ද? සරලයි. ආදර ජීවිතේත්, ජීවිතේත් අනික් දේවලත් බැලන්ස් එක හොයාගත්තහම ඒ එක දෙයක් නිසා තව දේකට ඩිස්ටර්බ් නෑ. උදාහරණයක් විදියට යාලුවෝ එක්ක සෙට් වුණු වෙලාවක විනාඩි විස්සෙන් විස්සට “මොකද කරන්නේ” කියලා අහන්න කෝල් කරන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කොච්චර ආදරේ කලත් එපා වෙන දවසක් එන්නෙ නැද්ද? ඔෆිස් එකේ ට්‍රිප් එකකටවත් යන්න දෙන්නේ නැතුව කෙල්ලව රකින්න හදන කොල්ලෙක්ව කවදා වුනත් කෙල්ලට එපා වෙන එකක් නැද්ද?
2. දෙන්නා දෙන්නෙක්!
ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරේ කරන දෙන්නෙක් වුනහම සාර්ථක වෙන්න දෙන්නම එක වගේ ඒවලට කැමති වෙන්න ඕන. දෙන්නම එක වගේ කෑම ජාති කන්න ඕන කියලනේ. අපි කියන්නේ එහෙම නෙවෙයි කියලා. වැදගත් වෙන්නේ දෙන්නා එක්කෙනෙක් වෙන්න උත්සාහ කරන එක නෙවෙයි. දෙන්නා දෙන්නෙක් කියලා පිළිඅරගෙන, ඒත් ඒ තමන්ට වඩා වෙනස් මනුස්සයත් එක්ක එකට ජීවත් වෙන්න පුලුවන් ගැලපීම, කම්පැටිබිලිටි එක තියෙන එකයි. අපි කියමු කලාවට ලැදි කලාත්මක කෙල්ලෙක් එක්ක ජීවත් වෙන ෆුල් ටෙක් කොල්ලෙක් කියලා. එතනදී ඌට කලාව බැරි වුනාට කමක් නෑ. හැබැයි කෙල්ල කරන කලාත්මක දෙයක් ලස්සනයි කියලා දකින්න පුලුවන් නම්, ඒක අගය කරන්න පුලුවන් නම් එච්චරයි.
දැන් මේ දෙන්නා දෙන්නෙක් කියන එකේ හොඳ මේකයි. එතකොට එක්කෙනෙක් අනික් කෙනාව තමන්ට ඕන විදියට හසුරුවන්න යන්නෙ නෑ. වැරැද්දක් දැක්කොත් පෙන්නලා දෙන එක වෙනම දෙයක්. හැබැයි මනුස්සයෙක්ව තමන්ට ඕන විදියට මැටි වලින් භාජනයක් හදනවා වගේ හදන්න ගියොත් එපා වෙලා තමයි නවතින්නේ.
3. කතා කරන එක වැදගත්
හැමදෙයක් ගැනම කතා කරන එක දීර්ඝ කාලයක් පවතින ආදර සම්බන්ධයකට ඉතාම වැදගත් කියලා කිවුවොත් පිළිගන්නවද? හැබැයි මේ හැමදේම කතා කරනවා කියන එකත් එක්තරා විදියකට ආට් එකක්. ඒ කියන්නේ මෙහෙමයි. ආදරේ කරන දෙන්නෙක්ට එක ලඟ වාඩි වෙලා ඕපාදූපයක් කතා කරලා ෆන් එකේ ඉන්න හැකියාවක් තියෙන්න ඕන. ඒක සතුටක් වෙන්න ඕන. හැබැයි මේ හැමදේම කියනවා කියන්නේ දේශපාලනේ ගැන හරි ආගම ගැන හරි පණ යනකල් තර්ක විතර්ක කරන එකත් නෙවෙයි. එතකොට මූඩ් අවුට් වෙලා ඉන්න වෙලාවක ඔලුවට එන රළු පරළු වචනයක් වුනත් කෙලින්ම දමලා ගහන එක නෙවෙයි. ඒත් එදිනෙදා තමන්ගේ ජීවිත වල දේවල් කතා කරන්න ඕන. මොකද ඒකෙන් දෙන්නටම දැනෙනවා තමන් දෙන්නට දෙන්නගේ ජීවිත වල ඉන්නවාය කියන එක. ඒ හැඟීම ඉතාම වැදගත්.
4. හස්බන්ඩ් හෝ වයිෆ්ද මනුෂ්‍යයෝය
මෙන්න මේකත් ආදරය විවාහයක් දක්වා අරගෙන යන්න වැදගත් වෙන ගෝල්ඩන් රූල් එකක්. දැන් ඔය අපි කෙනෙක්ට පිස්සු වැටෙන්නේ. එතකොට ගොඩක්ම වෙලාවට වෙන්නේ ඇත්ත මනුස්සයා ගැන පිස්සු වැටෙන එක නෙවෙයි. අපි කියමු මාර බුද්ධිමත් ඩයල් එකක් කියලා. හැබැයි තේරුම් ගන්න ඕන දේ තමයි මේ බුද්ධිමත් ඩයල් එක ඇතුලේ වුනත් ස්ට්‍රෙස් වුනහම බුම්මගෙන පැත්තකට වෙලා ඉන්න වාත ඩයල් එකක් ඉන්න පුලුවන් කියන එක. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අපිට ඔය ඇත්තම මනුස්සයාව දැකලා, ඒ මනුස්සයාට ආදරේ කරන්න පුලුවන් නම්. සරලවම කියනවා නම් පිරිමි කසාද බඳින්න දේවදූතියෝ හොයන්න වත්, ගැහැණු කසාද බඳින්න දෙවිවරුවත් හොයන්න යන්න හොඳ නෑ. ඒක ප්‍රශ්නයක්. අපි හැමෝම වැරදි සිද්ධ වෙන මිනිස්සු. අන්න ඒක තේරුම් ගන්න පුලුවන් නම්, තමන්ගේ ආදරවන්තයාගේ හරි ආදරවන්තියගේ හරි සුළු වැරැද්දක් දැක්ක තැන දමලා ගහලා යන්නෙ නෑ.
5. විශ්වාසය අනිවා!
මේ කියන්නේ බොහොම පුළුල් දෙයක් ගැන. සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපිට කෙනෙක්ව විශ්වාස කරන්න බැරි වෙන විදියේ වැඩක් ඒ කෙනා කළාට පස්සේ ආයෙමත් ඒ කෙනාව විශ්වාස කරන්න හිත හදාගන්න කොච්චර කල් යනවද කියලා. සමහර වෙලාවට ඒක කවදාවත් වෙන්නෙ නෑ. මෙන්න මේක දීර්ඝ කාලීන ආදර සම්බන්ධයකදී වෙන්න ඕන මෙහෙමයි. විශ්වාසය රකින එක අංක එක. අපි කියමු අපි කරන මොකක් හරි මොට්ට වැඩක් නිසා හරි ඒ විශ්වාසේ කැඩෙනවා කියලා. ආන්න එතකොට ඒක සාධාරනීකරණය කරන්න යන්න, තමන් හොඳ මිනිහා හෝ හොඳ ගෑණි වෙන්න යන එක නෙවෙයි කරන්න ඕන. තමන් අතින් වැරැද්දක් සිද්ධ වුනානම්, විශ්වාසය කැඩුනා නම් ඒක අවංකවම පිළිගන්න එක අංක එක. ඊලඟට ඒ විශ්වාසය ආයෙමත් හදන්න කටයුතු කරන එක අංක දෙක. අමාරුයි තමයි. කැඩුණු විශ්වාසයක් හදන්න කාලයක් යනවා. ඒත් ආදරයත් විවාහයත් ඒ කාලයට වඩා දීර්ඝ කාලයක් පවතින්න ඕන කියන එක මතක තියාගත්තහම ඉවරයි.
6. පොඩ්ඩක් දෙන්නට දෙන්නා ගැන හිතන්නත් වෙනවා
සාමාන්‍යයෙන් ඕනම දෙයක් අපි එක දිගට කාලයක් කරනකොට ඒක පුරුද්දකට යනවනේ. ආදරයක් වුනත් එහෙම තමයි. ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි ආදරේ පුරුද්දකට ගිහින් කියලා දැනීගෙන එනකොට ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම ආදරේ පුරුද්දකට යන්න නොදී ඉන්න කරන්න පුලුවන් දේවල් තියෙනවා. එකක් තමයි කොච්චර කාර්ය බහුල වුනත්, එහෙම නැතිනම් කසාද බැඳලා ළමයිනුත් උස් මහත් වෙලා හිටියත් තමන් දෙන්නා වෙනුවෙන් කාලය වෙන් කරගන්න එක. පුරුද්දක් විදියට මාසෙකට සැරයක් වත් ඩිනර් අවුට් එකකට, ෆිල්ම් එකකට යන එක. ඔන්න ඔය වගේ දෙන්නට දෙන්නා පුරුද්දක් වෙන්නේ නැතුව, දෙන්නට දෙන්නා ගැන විශේෂයෙන්ම හිතලා ඉන්න එක ආදරයක් කල් පවතින්න වැදගත්. මේවයින් අර පපුව පළාගෙන යනවා වගේ දැනෙන ආදරේ බොහොම ගැඹුරු හැඟීමක් විදියට දිගටම ආරක්ෂා වෙලා තියේවි.
7. සුළු සුළු දේවල් දෙන්නා එක්ක එන්ජෝයි කරන්න
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර තමයි. තමන්ගේ ආදර සම්බන්ධයවත්, තමන්ගේ විවාහයවත් ජීවිතේට බරක් කර නොගැනීම. තමන්ගේ එකම රාජකාරිය කසාද බැඳලා ළමයි හදලා ළමයි උස්මහත් කරලා දීග දෙන එක නෙවෙයි. ජීවිතේ රසවිඳින්න බොහොම පොඩි දේවල් ඇති. දෙන්නත් එක්ක ගෝල්ෆේස් එකට ගිහින් බංකුවක වාඩි වෙලා ඉස්සො වඩේ දෙකක් අරගෙන කෑවත් ජීවිතේ ඒ රසවත් කම දැනෙයි. දෙන්නත් එක්ක ට්‍රිප් එකක් ගිහින් ලස්සන නවාතැනක එලියට වෙලා රෑ අහස දිහා බලාගෙන තුරුල් වෙලා හිටියත් ඒ රසවත්කම දැනෙයි. ගෙදර සෝෆාවේ දෙපැත්තට වෙලා දෙන්නත් එක්ක පොතක් කියෙව්වත් ඒ රසවත් කම දැනෙයි. ප්‍රධානම දේ තමයි ජීවිතේ එන්ජෝයි කරන්න සුළු සුළු දේවල් හොයාගන්න එක. ඒවා තමන්ගේ ආදරවන්තයා හරි ආදරවන්තිය හරි එක්ක ෂෙයාර් කරගන්න එක. එච්චරයි.
- aniwa.lk
පටන් ගත්තු ආදරේ කසාදේ වෙනකල්ම ගෙනියන්න නම් මේ දේවල් 7 අනිවා පිළිපදින්න
2017-12-06T00:41:00-08:00
Gossip Lanka Hot News
slide|