එකේ බොන්න අයිස්ඩ් ටී හදාගන්න රෙසිපි ටිකක්. මීට පස්සෙ රස්නෙ දවසක දුම් දාන තේ එකක් නොදී අමුත්තන්ගෙන් අහන්න “රස්නෙ යන්නත් එක්ක බොමුද සීතල තේ ටිකක්?” කියල 😉
1. Lemonade Mint Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර වතුර ලීටරයක්
- සීනි කප් 3/4
- ටී බෑග් 6ක් හෝ තේ කොල තේ හැඳි 6
- ලෙමනේඩ් අයිස් කැට (අයිස් කියුබ් ට්‍රේ එකකට ලෙමනේඩ් දමා ෆ්‍රීස් කරගන්න.)
- මිංචි කොළ අහුරක්
- උතුරන වතුර භාජනයකට දමා එයට සීනි දමා දියකරගන්න.
- එයට තේ කොළ හෝ ටී බෑග්ස් දමා විනාඩි 5ක් වසා තබා පෙරා ගන්න. මිංචි කොල අතින් පොඩි කර එයට එක් කර ලෙමනේඩ් අයිස් කැට දමා පිලිගන්වන්න.
2. Simple Lime Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර වතුර ලීටරයක්
- සීනි කප් 3/4
- ටී බෑග් 4ක් හෝ තේ කොල තේ හැඳි 4
- දෙහි ගෙඩි 3ක යුශ
- අයිස් කැට
- උතුරන වතුර භාජනයකට දමා එයට තේ කොළ හෝ ටී බෑග්ස් දමා විනාඩි 30ක් වසා තබා පෙරා ගන්න. (ටී බෑග්ස් පාවිච්චි කරනවා නම් පෙරා ගැනීමට අවශ්‍ය නැහැ.)
- එයට සීනි සහ දෙහි යුශ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
- සම්පූර්ණයෙන්ම නිවෙන්නට හැර ශීතකරණයේ තබා කූල් කර අයිස් කැට සහ දෙහි පෙත්තක් උඩින් දමා පිළිගන්වන්න.
3. Hawaiian Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර වතුර ලීටරයක්
- සීනි කප් 1/2
- ඔරේන්ජ් ෆ්ලේවර්ඩ් ටී බෑග් 4ක්
- හොඳින් ඉදුණු නැවුම් අන්නසි යුශ කප් 1 1/2
- කොටු කපා ගත් අන්නසි කප් 1
- අයිස් කැට
- වතුර භාජනයකට දමා එයට ටී බෑග්ස් දමා විනාඩි 5ක් වසා තබාගන්න.
- එයට සීනි එක් කර හොඳින් මිශ්‍ර කරගෙන නිවෙන්නට හරින්න. නිවුණු පසු අන්නසි යුශ එක් කර ශීත කරගන්න. පිළිගන්වන විට අයිස් කැට සහ කොටු කපාගත් අන්නසි එක් කර පිළිගන්වන්න.
4. Russian Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- මද උණුසුම් වතුර 240ml
- ටෑන්ග් හෝ කෝල්මන්ස් වැනි දොඩම් රස බීම කුඩු මේස හැඳි 2
- සීනි මේස හැඳි 2
- ලෙමන් ෆ්ලේවර්ඩ් ටී බෑග් 1 හෝ සාමාන්‍ය තේ කොල තේ හැඳි 1
- කුරුඳු කුඩු තේ හැඳි 1/4
- අයිස් කැට
- මද උණුසුම් වතුරට ටී බෑග් එක හෝ තේ කොල සහ කුරුඳු කුඩු දමා විනාඩි 20ක් පමණ වසා තබන්න. (තේ කොළ පාවිච්චි කරනවා නම් පෙරාගන්න.)
- එයට බීම කුඩු සහ සීනි එක් කර හොඳින් මිශ්‍ර කර ශීත කර අයිස් කැට දමා පිළිගන්වන්න.
5. Masala Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර කප් 2
- බේකින් සෝඩා පින්ච් එකක්
- ටී බෑග්ස් 6ක් හෝ තේ කොළ තේ හැඳි 6
- කුරුඳු පොඩි කැබැල්ලක්
- කරදමුංගු ඇට දෙකක්
- කරාබු නැටි තුන හතරක්
- සීනි කප් 3/4
- කූල් වතුර කප් 6
- අයිස් කැට
- උතුරන වතුර බඳුනකට දමා එයට බේකින් සෝඩා පින්ච් එකක්, කුරුඳු පොඩි කැබැල්ලක්, කරදමුංගු ඇට දෙකක්, කරාබු නැටි තුන හතරක් සහ ටී බෑග් හෝ තේ කොළ දමා විනාඩි 15ක් වසා තබන්න. (තේ කොළ පාවිච්චි කරනවා නම් පසුව පෙරාගන්න.)
- එයට සීනි දමා හොඳින් දියකරගෙන කූල් වතුර එක් කර අයිස් කැට දමා පිළිගන්වන්න. කැමති නම් උඩින් දෙහි පෙත්තක් දාගන්න.
6. Strawberry and Orange Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- මද උණුසුම් වතුර කප් 3
- ටී බෑග් 2
- දොඩම් පෙති 4
- පෙති කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 3
- මී පැණි මේස හැඳි 3ක් හෝ රස අනුව සීනි
- සීනි හෝ මී පැණි වතුරට එක් කර ටී බෑග්ස් දමා වතුර හොඳින් නිවෙන තුරු වසා තබන්න.
- හොඳින් නිවුනු පසු ටී බෑග්ස් ඉවත් කර එයට දොඩම් සහ ස්ට්‍රෝබෙරි දමා පැය 24ක් ශීතකරණයේ තබා අයිස් කැට දමා පිළිගන්වන්න.
7. Pomegranate and Lime Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර කප් 4
- ටී බෑග්ස් 4ක් හෝ තේ කොළ තේ හැඳි 4
- දෙළුම් යුශ කප් 1
- සිහින් පෙති කපාගත් දෙහි ගෙඩි 1
- සීනි කප් 1/4
- උතුරන වතුරට ටී බෑග්ස් හෝ තේ කොල දමා විනාඩි 10ක් වසා තබන්න. තේ කොළ ගන්නවා නම් පෙරාගන්න.
- එයට සීනි එක් කර මිශ්‍ර කර හොඳින් නිවෙන්නට තබාගන්න. එයට දෙළුම් යුශ සහ දෙහි පෙති එක් කර ශීත කර අයිස් කැට දමා පිළිගන්වන.
- aniwa.lk