සාගරේක ගැඹුර දැනෙන ආදරේ කරනකොට තියෙන සීරියස් ටෝක් සහ බොළඳ ටෝක් ගැන කරුණු 6ක්

දැන් ඔය ආදරේ කරන දෙන්නෙක් ගම්මුකෝ. පටන් ගන්නෙම මල් ටෝක්ස් වලින්නේ. ඒ කියන්නේ ආදරේ පටන් ගත්තු ගමන් කොල්ලව හරි කෙල්ලව හරි කොයි වෙලේත් දකින්න වෙන්නේ අර ෆෝන් එක කණට අලෝගත්තු ගමන් තමයි. ආයි එක්සෑම් එකකට ගියත් පේපරේ කලින් දීලා ඇවිත් බිත්තියකට හේත්තු වෙලා, කකුලෙන් බිම හාර හාරා
කතා කර කර ඉඳී. හැබෑටම මෙච්චර කතා කරනවා ඇත්තේ මොනවද ඕයි? භෞමික අඛණ්ඩතාවය ගැනද? ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ගැනද? එහෙම නැත්තං දෙන්නත් එක්ක බැංකුවක් කඩන්න ප්ලෑන් කරනවද? හැබැයි ඔය මොන කතා වුනත් හැමදාටමත් ඔහොම මල් සමයේ ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. ටික ටික ඔහොම රෑ දවල් නැතුව කතා කරන එක අඩු වෙනවා. හැබැයි දවසකට එක පාරක් හරි කතා නොකර අත ඇරෙන්නෙ නෑ. දැන් අපි අහන ප්‍රශ්නේ මේකයි. ඔය කතා ඇතුළේ කොයි තරම් සීරියස් ටෝක්ස් තියෙනවද? කොයි තරම් ලව් ටෝක්ස් තියෙනවද?

 1. හි‍ටු කියලා මල් කඩපු කාලේ

ඔව්, ඒකට හුදී ජනයා කිව්වෙ මල් ටෝක් කියලා තමයි. “මොනවද ඔච්චර තොපි දෙන්නට කතා කරන්න තියෙන්නේ” කියලත් ගොඩක් දෙනා ඇහුවා තමයි. ඇත්තම කතන්දරේ තමයි මේ ලව් එකක් පටන් ගත්තු කාලේ, එහෙම නැතිනම් ලව් එක ඔෆීෂියලි පටන් ගන්න කලින් ක්‍රෂ් එක මේන්ටේන් කරන කාලේ අපිට පිස්සුවෙන් වගේ කතා කරන්න වෙනවා කියන එක. ඇයි? මේ කමියුනිකේෂන් එකෙන් තමයි දෙන්නට දෙන්නා ගැන දෙන්නට දෙන්නා ඇතුලේ හොඳ අවබෝධයක් ඇතිකරවන්නේ. මේ කතා කරන්නේ ඇත්තටම “අපි කසාද බැඳලා කන්දක් උඩ ගෙයක් හදමු” තාලේ ඒවා නෙවෙයි. තමන්ට වෙච්ච දේවල්, පුංචි කාලේ වෙච්ච සංගෙදි, පවුලේ විස්තර, ක්ලාස් එකේ විස්තර, ඔ‍ෆිස් එකේ විස්තර, විනෝදාංශ, දුක හිතෙන්නේ මොන වගේ දේවලටද, ආස මොනවටද වගේ මෙකී නොකී තමන් සම්බන්ධ දේවල් තමයි මේ කතා වෙන්නේ. ඇත්තටම මේ කාලේ අත්‍යාවශ්‍යයි දෙන්නෙක්ට එකිනෙකා ගැන හොඳ අදහසක් ලබාගන්න.

2. ඒ කියන්නෙ මල් කියලා අපි දැකලා තියෙන්නේ හෙන සීරියස් ටෝක්?


වරද්දගන්න එපා පුතාලා. මල් කඩන කාලේ හඳට රොකට් එකක් යවන්න කතා කලත් ඒක වෙන්නේ ෆුල් බොළඳ ටෝක් ඇතුලේ තමයි.”මගෙ වස්තු කැටේ ඔයා ආසද හඳට ගිහින් හඳේ ඉන්න හාවාව හුරතල් කරලා එන්න? මම ඔයාව ෂට්ල් එකක දාගෙන හයිපර්ගොලික් ප්‍රොපෙලන්ට් රොකට් එන්ජිමක් හයි කරලා වූෂ් ගාලා හඳට අරගෙන යන්නම්. අපි ඕන නම් හඳේ හාවාව දාලා හඳේ සූ එකකුත් පටන් ගමු. ඒකේ ප්‍රො‍ෆිට් එකෙන් අපි හඳේ ඩාක් සයිඩ් එකේ පොඩි පැලස් එකක් ගහලා, ඒකට වෙලා ලොලිපොප් කකා මේ වගේ ආදරෙන් ඉම්මු, හොඳද චූටි මැණික!”

3. ආදරේට කියන කතා බොළඳ වුනාට

මෙන්න ආදර වදන් උතුරලා, කාණු කපන්න වෙන කාලේ. ඇත්තටම මේ කාලේ දෙන්නට දෙන්නා ගැන බැක්ග්‍රවුන්ඩ් විස්තර හුවමාරු කරගත්තත්, වචන දහයකට වචන පහක්ම කෙළින්ම පැණි බේරෙන ලස්සන මල් වචන තමයි. හැබැයි ඉතින් ඒවා ඇහෙනකොට හම්මේ තියෙන සනීපේ. ගොඩක් ඔය විදග්ධ බුවාලා අපේ සුජීව අයියට එහෙම ගරහනවනේ බොළඳ වදන් එක්ක පොත් ලියනවා කියලා. හැබැයි එහෙම කියන බුවාලත් ලව් ලෙඩේ හැදිලා ඔත්පල වුනාට පස්සේ කෙලින්ම සුජීව අයියගේ ටෝක්ස් තමයි ඉෂූ කරන්න ගන්නේ. ඒක අවුලක් නෑ අපි කියන්නේ. මොකද ඕවා ඇත්තටම සුජීව අයියා හොයාගත්තු වචන නෙවෙයිනේ. ඒ නිසා තමන්ට දැනෙන ආදරේ කියන්න එක එක විදියේ පැණි වචන යොදාගත්තා කියලා තමන්ගේ ආත්ම ගෞරවේවත්, වෙන අහවල් එකක්වත් නැති වෙන්නෙ නෑ. ආය වෙන කාටවත් නෙවෙයිනේ මේවා කියන්නේ, තමන් ආදරේ කරන කෙල්ලට නැතිනම් කොල්ලටනේ! ඔය කාලෙට තමයි අර හුරතලේට ලව් එකට ආමන්ත්‍රණය කරන්න විශේෂ වෙච්ච වචනයක් එහෙමත් ඕන වෙන්නේ!

4. ලව් එක මෝරලා යනකොට

මෙන්න මේ කාලේ වෙනකොට පිංවතුනි අර නිදාගන්න වෙලාවේ ඇරෙන්න අනික් හැම මොහොතකම ඉඳගෙන, හිටගෙන මල් කඩන පිස්සුව අවසානයි. හැබැයි ලව් එක සීල් වෙලා ඉවරයි. ඒ නිසා කතා නොකර ඉන්න අමාරුයි. හැබැයි එහෙමයි කියලා දවස පුරා කතා කරන්න වුවමනාවකුත් නෑ. ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ දවස පුරා ටෙක්ස්ට් මැසේජ් කීපයක්, ‍ෆ්‍රී වෙලාවක පොඩි චැට් එකක් සහ නිදාගන්න කලින් ෆෝන් කෝල් එකක් විතරයි. දැන් මේ හැම එකකමත් ආදර වචන දෝරේ ගලලා තියෙනවා. හැබැයි අර ඉස්සර වගේ තනිකරම බොළඳ වදන් වලින් ගේම ගහන සීන් එකක් නෑ. ඊට වඩා සීරියස් දේවල් ගැනත් දෙන්නා කතා වෙනවා. ගොඩක් වෙලාවට දෙන්නට දෙන්නගේ දවසේ සිදුවීම් එහෙම හුවමාරු කරගන්න කොට එක්කෙනෙක් අනික් එක්කෙනාගෙන් එයාගේ ඔපීනියන් එහෙමත් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදියේ කතා බහ නිසා තමයි දෙන්නටම දැනෙන්නේ තමන් ජීවිතේ බෙදාගන්නවා කියලා. ඒ වගේම තමයි මේ කාලෙදී දෙන්නට දෙන්නා අනාගත සැලසුම් හදන කාලේ. එතකොට ඔය ලව් අවු අස්සේ අනාගතේ සැලසුම් ගැන සීරියස් කතාබහත් ඇහෙන්න ගන්නවා.

5. තරහ ගියහම ලව් ටෝක් කෝ?


සමහරු ඉන්නවා ෆුල් ලව් එකේ හිටියත් තද වුනොත් එහෙම අම්ම මෝ නෑ. කෙලින්ම සුද්ධ සිංහලේ විසුද්ධි බාසාවෙන් තමයි පටන් ගන්නේ. හැබැයි ඉතින් කොච්චර තරහ ගියත් තමන්ගේ කෙල්ලට හරි කොල්ලට හරි කුණුහරුපෙන් බණින එක අපි අනුමත කරන්නෙ නෑ. හැබැයි තව සමහරු ඉන්නවා කොයි ලව් එකේ හිටියත් තද වුනහම කුණුහරුප නැතුවත් අහගෙන ඉන්න එකාට ඇඬෙන්න බණින. ඒකට අපිට මොකුත් කියන්නත් බෑ, හැබැයි ඉතින් අපි කියන්නෙ දෙන්නට දෙන්නා ගැ‍ටුම් ඇතිවෙනකොට ඒවා කියලා පිට කරන්න ඔය නියුක් ගහනවා වගේ නැති ක්‍රම හොයාගන්න ඕන කියලා. හැබැයි ගොඩක් කොල්ලෝ ඉන්නවා ලව් එකත් එක්ක තද වුනහම පැත්තකට වෙලා බුම්මගෙන ඉන්න. එහෙම කෙල්ලොත් ඉන්නවා. තව කොල්ලෝ ඉන්නවා තද වුනා කියලා දැනගන්න පුලුවන් අර මැණික් කැටේ, චූටි කිරිල්ලි, සුදු බට්ටි වගේ ආතල් නං අතුරුදන් වෙලා කෙලින්ම කෙල්ලගේ සම්පූර්ණ නමෙන් කතා කරනකොට!

දැන් ඔහොම තිබිලා වලිය නිමිලා ගියා කියමුකෝ. අන්න එතකොට දෙන්නට දෙන්නා ෆුල් සීරියස් ටෝකක් දාලා වැඩේ පටන් අරගෙන ආයෙමත් ලව් ටෝක් ට්‍රැක් එකට වැටෙන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ නම්.

6. කසාදෙන් පස්සේ

බැන්දට පස්සේ ඔය ලව් කතා ඔක්කොම ඉවරයි කියලද හිතන්නේ? ඉස්සර මැණික දැන් යෝදි වෙනවා කියලද හිතන්නේ? ඉස්සර සුකිරි බටිල්ලා දැන් ගොන් වාහේ වෙනවා කියලද හිතන්නේ? එහෙම නෑ පුතා, ඒවා වෙන්නේ එහෙමත් පවුලක තමයි. හැබැයි ඇත්තටම ලව් එකේ ඉන්න පවුලක් ආදර කතා තාම තියෙනවා. ඉස්සර වගේ පැණි වෑහෙන, පැණි බොන්න එන කුරුල්ලොත් මත් වෙලා වැටෙන ලෙවල් එකේ ලව් ටෝක් නෑ තමයි. හැබැයි ඊට වඩා ජොලි ටෝක් වැඩි වෙනවා කසාද බැන්දට පස්සේ. සීරියස් පිට කරන ආදර කතා වැඩි වෙනවා බැන්දට පස්සේ. සමහර වෙලාවට හිටපු ගමන් පරණ කාලේ මතක් වෙලා ලව් එකට ඉස්සර කිවුව නමක් දෙකක් එහෙමත් මෙන්සන් වෙන්න පුලුවන්. මෙන්න මේ විදියට ජීවිතේ යනකොට තමයි පුතාලා දුවලා මිනිහෙක්ට හරි ගෑණියෙක්ට හරි ඇත්තටම දැනෙන්නේ තමන් ජීවත් වෙනව කියලා. ඔච්චරයි කතාව!


aniwa.lk


gossip lanka