ඔබට සතුරන් ගසන ගල්, සුවඳ ගලන මල් බවට පත් කරගන්න මෙන්න ඔබව දිරිමත් කරවන කියමන් 10ක්

අපි දැනුවත්ව සහ නොදැනුවත්ව අපිට තරහකාරයෝ බොහොමයක් ඉන්න පුලුවන්. අනිත් එක තමයි තරහකාරයෝ ඇති වෙන්න අපේ අතේ වැරැද්දක් තියෙන්නම ඕනෙ නැහැනෙ. ඒ විදිහට අපේ ජීවිතවල ඇතිවෙන තරහකාරයො නිසා අපිට නොයෙක් බාධාවන්, මානසික පීඩාවන් එහෙම ඇති වෙනවත් එක්කනෙ. මේක අපේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු බොහොමයක් අඩාල කරවන්න සමත්. ඉතින් මෙහෙම හතුරු කරදර
වලින් හිත අධෛර්යමත් කර නොගෙන ජීවිතේට ශක්තියෙන් මුහුණ දෙන්නේ කොහොමද?

ඒ ගැන හිතන්න සලස්වන කියමන් 10ක් තමයි මේ තියෙන්නෙ…

1. බොහෝදෙනෙක් එහෙම නිසා, ටික දෙනෙක් මෙහෙම වීමට ඉඩ ඇත

ඔබට ටික දෙනෙක් වෛර කිරීමට ඉඩ ඇත. මක්නිසාද යත් ඔබට බොහෝ දෙනෙක් ආදරය කරන බැවිනි.

2. හරවාගන්න

ඔබට වෛර කරන අයගේ වදන් ඔබව දිරිගන්වන කියමන් බවට පත්කරගත් විට ඔබට කවදාවත් වරදින්නේ නැත.

3. වෙනස!

ජයග්‍රාහකයා නෙත් යොමන්නේ දිනුම් කණුව වෙතට වන අතර, පරාජිතයන් ජයග්‍රාහකයින් වෙත නෙත් යොමයි.

4. සවිය පලිහක් කරගන්න

හදවත ගල් කරගන්නා තරමට, ඔබට වෛර කරන්නන් දුර්වල වෙයි.

5. මා ගැන දැනුවත්නම් ඔබ මට වෛර කරනවාද?

ඔබ මට වෛර කරනවා නම් ඔබ දන්නේ මගේ පෙනුම ගැන පමණක් වන්නට ඉඩ ඇත. එහෙත් මගේ කතාව දන්නා අය මට ආදරේ කරති.

6. එය ඔබේ වරදක් නොවන්නට ඉඩ ඇත

ඔබ කොතරම් යහපත් පුද්ගලයෙක් වුවත් ඔබටද හතුරන් සිටිය හැක. නමුත් ඔවුන්ට ඔබේ සාර්ථකත්වයට බාධා කරන්නට ඉඩ නොදෙන්න.

7. හඬේ වෙනසට සිත් යොමන්න

වෛර කරන්නෝ නම් ඔබගේ නුගුණ හඬ ගා කියන, ඔබගේ ගුණ කොඳුරා කියන විශ්වාස කල නොහැකි සර්ප රැළකි.

8. වෛරය පිටු දකින එකම බෙහෙත…

සන්සුන් වන්න! අනෙකාගේ සිත තුල ඇති ඔබ ගැන තිබෙන වෛරයට හේතුව ඔබේ නිහඬ සන්සුන් බව වන්නට පුළුවන.

9. හොඳම පිළිතුර සිනහවයි

සිනහවන්න! එය ඔබේ විරුද්ධවාදීන් පරාජය කිරීමට ඇති හොඳම බෙහෙතයි.!

10. ඒ පුදුමාකාර බලය භාවිතා කරන්න.

ඔබව සැණින් ජනප්‍රිය කිරීමේ බලයක් ඔබට වෛර කරන අයට ඇත. ඒ නිසා ඔවුන්ට වෛර කරනවා වෙනුවට ප්‍රේම කරන්න.

aniwa.lk




gossip lanka