ආදරේ හැමදාමත් මගින් නතර වෙනවද? එහෙමනම් හැමදාමත් පවතින ආදරයක් වෙනුවෙන් මේ කරුණු 7 කියවන්න

සමහරු ඉන්නවා ඉස්කෝලේ කාලේ පටන් ගත්තු පළවෙනි ආදරේ හැලහැප්පිලි මැද්දෙන් හරි අරගෙන ගිහිල්ලා අන්තිමට කෙළවර වෙන්නේ කසාදෙන්. ඇත්තටම එහෙම නැතත් ඔය දීර්ඝ කාලීන ආදර සම්බන්ධතා පවත්වාගෙන යන අය ඕනෑ තරම් අපිට මුණගැහෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපිට අපි අවට දකින්න ලැබෙන්නේ බොහොම ෂෝට් ටර්ම්, ඒ කිව්වේ කෙටි කාලීන සම්බන්ධතා තමයි. ආයි දෙන්නට දෙන්නා මැරුණත් දාලා යන්නෙ නෑ කියලා ගිවිසගෙන ලව් එක පටන්
ගත්තට ඇත්තටම සමහර වෙලාවට මාසෙන් දෙකෙන් ලව් එක හබක්. ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම නොවෙන්න ආදර සම්බන්ධතාවයක් කල් පවතින විදියට කරගෙන යන්න බැරිද?

අන්න ඒ ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ!


1. පටන් ගැන්ම හරියට


මේක ඉතාමත් වැදගත්. ආදරේ කියන්නේ සමහර වෙලාවට දු‍ටු මනතින් ඇතිවෙන දෙයක් තමයි. හැබැයි අපිට ඇත්තටම දීර්ඝ කාලීන ආදර කතාවකට යන්න ඕන නම් එහෙම සරලව ආදරේ පටන් ගන්න එක කේස්. දැක්ක ගමන් ඇතිවෙන ආදරේ දිග දුර යන සීන් තියෙන්න පුලුවන්. හැබැයි ඒවා අහඹු අවස්ථා තමයි. ආදරේ කරන්න පටන් ගන්න ඕන තමන්ට අනාගතේටත් ගැලපෙන මනුස්සයෙක් එක්ක. ඒ කියන්නේ විශ්වාසය තියන්න පුලුවන්, තමන් එක්ක එක ගමනක් යන්න පුලුවන් කෙනෙක් එක්ක. එහෙම පටන් ගැන්ම හරියට කලොත් අනාගතේ සුබයි!



2. කථාව තියෙන්න ඕන


මතකයිනේ ලව් එකක් පටන් ගත්තු කාලේ කොහොමද කියලා? මල් කඩනවා, කඩනවා, කඩනවා ආයෙමත් කඩනවා. හැබැයි ඔය මල් කඩන සීන් එක කාලෙත් එක්ක නැතිවෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒක දිගටම තියාගන්න ඕන. ඒ කියන්නේ මල් කඩන එකම නෙවෙයි. හැබැයි කතා කරන්න ඕන දෙන්නත් එක්ක පුලු පුලුවන් වෙලාවට. විශේෂයෙන්ම තමන්ට දැනෙන දේවල් දෙන්නට දෙන්නා කියන්න ඕන. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ කල්ක්‍රියාව නිසා තමන්ට හිත් අමාරුවක් තියේ නම් ඒවා කතා කරගන්න ඕන. ඒ උදාහරණයක් කිව්වේ. මේ නිරන්තරයෙන්ම කෙරෙන සංවාද දිග දුර යන සම්බන්ධතාවයකට ඉතාම වැදගත්.

3. ඉල්ලන්නෙ නැතුව ආදරේ දෙන්න


මෙන්න මේක ඉතාම වැදගත්. ඩිමාන්ඩ් කිරීම් නැති එක. ඒ කියන්නේ මම ඔයාට අරෙහෙම ආදරේ කරනවා, ඔයා මට මෙහෙම කරන්න ඕන කියන ලොජික් එක. එහෙම නැතුව ආදරේ කරන්න ඕන කොන්දේසි විරහිතව. අන්න එහෙම ලස්සනට ආදරේ කරනකොට ඒකට වැඩියෙනුත් එක්ක ආදරේ අනික් පැත්තෙන් ලැබෙයි. ඩිමාන්ඩ් කරනවා කියන්නෙම ආදරයක් එක තැනකදී විනාස වෙලා යනවා කියන එක.


4. අධිෂ්ඨානයත් තියෙන්න ඕන


ආදර සම්බන්ධතාවයක් කියන එක ඔහේ ගලාගෙන යන්න දීලා හරියන්නෙ නෑ. ඔහේ ගලාගෙන යනවා කියන්නේ ඒක කවදාහරි වියැකිලාත් යන්න පුලුවන් කියන එක. ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න වැඩ කරන්න ඕන. තමන්ගෙන් දායකත්වයක් ලබාදෙන්න ඕන. අන්න ඒක වැදගත්. මේ දායකත්වය කියන එක වෙනස් වෙනවා තමන්ගේ ආදරවන්තයාගේ හරි ආදරවන්තියගේ හරි උපන්දිනේ මතක තියාගන්න එකේ ඉඳන්, එයාට වැදගත් වෙන මිනිස්සුත් එක්ක සම්බන්ධතාවය තියාගැනීම දක්වා. පුලුවන් වෙලාවට ඩේට් අවුට් එකකට එක්කගෙන යන එකේ ඉඳන්, එයාව සතුටෙන් තියන්න උත්සාහ කරන එක දක්වා.


5. ප්‍රශ්නත් එක්ක හරියට ඩීල් කරන්න


ප්‍රශ්න කියන්නේ අමුතු දෙයක් නෙවෙයි ජීවිතේට. ප්‍රශ්න නැති ජීවිත හොයන්න නම් ඉතින් මාර්ගඵල ලබලත් බැහැනේ. ඉතින් ලව් එකකදීත් අනිවා ප්‍රශ්න එනවා. හැබැයි එහෙම ප්‍රශ්න ආවා කියලා දෙන්නත් එක්ක ෆයිට් කරන්න ගියොත් නම් කවදාවත් ඒ සම්බන්ධතාවයට දිග දුර ගෙනියන්න හම්බෙන්නේ නෑ. අන්න ඒ නිසා ප්‍රශ්නයක් ආපු වෙලාවට තමන් එක ටීම් එකක් විදියට වැඩ කරන හැටි ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ තමන් දෙන්නා එකට ඉඳලා ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඕන. ප්‍රශ්නේ මොකක් වුනත් දෙන්නට දෙන්නා ඉන්නවාය කියන එක තියාගන්න ඕන.


6. දෙන්නගේ ස්පේස් එක තියාගන්න


මේ කාරණේ දීර්ඝ කාලීන ආදර සම්බන්ධතාවයකට බොහොම වැදගත්. ඒ තමයි දෙන්නට දෙන්නා හැම තත්පරේම එකට ගත කරන්න උත්සාහ නොකරන එක. අනික් කෙනාට තමන්ගේ කියලා ජීවිතයක් තියාගන්න ඉඩ දෙන්න ඕන. ඒකටත් ඇඟිලි ගහන්න යන්න හොඳ නෑ. හැබැයි ප්‍රමුඛතාවය තියෙන්නේ දෙන්නාගේ ජීවිතේට. ඒකේ විවාදෙකුත් නෑ. මෙන්න මෙහෙම එකිනෙකාගේ අවකාශයට අත නොපොවා ඉන්න හැකියාව තියෙනවා නම්, අන්න ඒ කියන්නේ දෙන්නට වඩාත් නිදහසේ තමන්ගේ එකට ගත කරන ජීවිතේ ගෙනියන්න පුලුවන් කියන එක. පුද්ගලිකත්වයට අතපෙවීම් ගැන ප්‍රශ්න ගැටළු මතුවෙන්නෙත් නැහැයි කියන එක.


 7. හැමදාමත් ඉගෙන ගන්න


අපි ගොඩක් වෙලාවට අපි ලව් කරන්න ඕන විදිය හරියටම දන්නවා කියලනේ හිතාගෙන ඉන්නේ. හැබැයි කොයි තරම් ලව් එක්ස්පර්ට් කෙනෙක් වුනත් සමහර විට වරද්ද ගන්න පුලුවන්. සමහර වෙලාවට ආදරේට හානිවෙන විදියේ මොට්ට මෝල් වැඩ කරන්න පුලුවන්. සෙක්ස් සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. අන්න ඒක නිසා තමන් කොයි තරම් ලව් හරි සෙක්ස් හරි එක්ස්පර්ට් කෙනෙක් වුනාට කමක් නෑ. හැම වෙලාවේම ඉගෙනගන්න. එක්කෝ පොත් පත් කියවන්න පුලුවන්. දැන් කාලේ නම් ඉන්ටර්නෙට් එකේ මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. වැදගත්ම දේ තමයි අලුත් අලුත් දේවල්, තමන් කරන මිස්ටේක් ගැන ඉගෙන ගෙන, ඒවා ජීවිතේට යොදාගන්න හුරුවෙන එක.


මෙන්න මේ දේවල් කළොත්, වෙන විසඳගන්න බැරි ප්‍රශ්නත් නැතිනම් ඔයාගේ ආදරේ කවදාවත් මග නතර නොවී ඉස්සරහට යනවා කියන එක අනිවා ගැරන්ට් කරන්න පුලුවන් යාලෝස්!

-aniwa.lk
gossip lanka