ඔබේ සම පැහැපත් කර ගන්න කහ නිවැරදිව භාවිතා කරන අයුරු මෙන්න

ඔබේ සම ලස්සන කරගන්න හැටි, සමේ ප්‍රශ්න විසඳගන්න කහ භාවිතා කරන අාකාරය ගැන කියල දෙන්න අපි තීරණය කළා. ඉතින් ඔන්න කහත් එක්ක ලස්සන වෙන්න පෝෂණීය ආලේපන (packs with termaric) අද ඉදිරිපත් කරනවා. මේවා මුළු ඇඟට ම වුනත් පාවිච්චි කරන්න පුළුවන්.


ඉන්දියාවෙ මේ කහ සුබ මංගල කාරණාවක් හැටියට සලකනවා… විශේෂයෙන් විවාහ මංගල්‍යය ට කලින් උත්සවාකාරයෙන් මනාලියගේ මුලු සිරුරේම කහ මිශ්‍ර ආලේපන ගාලායි විවාහයට සූදානම් කරන්නේ. ඒ එහි ඇති රෝග නිවාරණ ගුණ සහ විෂබීජ මර්දන ගුණ නිසයි.

කහ වල ඇති curcumin මිශ්‍රණයේ සම පැහැපත් කාරකයන් අඩංගු බැවින් ඔබේ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙනවා… එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ සමට හානිකර දේවල් වලින් සම ආරක්ෂා කරනවා.

කහ තනිකර මූණ ගෑවහම සැර වැඩි ගතියක්, සම වියලන ප්‍රමාණය වැඩිවීමක් දකින්න පුළුවන්. අනික ගාපු දාට මූණ අනවශ්‍ය කහ පැහැයක් ගන්නවා. ඒ නිසා අපි කහ තව දේවල් එක්ක කලවම් කරලා ගාලා බලමු .

මම මේ සඳහන් කරන දේවල් එකතු කරලා දියාරුවට මිශ්‍රණය හදාගෙන මූණෙ, බෙල්ලෙ ආලේප කරලා පැය බාගයක් පමණ තියෙන්න හැරලා සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කරලා.. ඔයාලා පාවිච්චි කරන moisturizer එක පාවිච්චි කරන්න පුළුවන්.

100% ස්වාභාවික දේවල් පවා සමහර අයට alergy වෙන්න පුලුවන්. ඒ නිසා මේවා පාවිච්චි කරද්දි කැසීමක්, එක දිගට පවතින දැවිල්ලක් ආවොත් සෝදල අයින් කරන්න. දිනපතා පාවිච්චියෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකියි.

මෙම අමුද්‍රව්‍ය නිවසේදි සකසා ගන්නවා මිසක් වෙළඳපළේ තිබෙන කුඩු වර්ග මිලදී ගන්න එපා. නිවසේදී කුඩුකර හෝ ගලක උරච්චිකර අවශ්‍ය ප්‍රමාණය සකසා ගන්න. ඔබගේ අවශ්‍යතාවය අනුව පහත සඳහන් එකක් තෝරා ගෙන දිනපතා පාවිච්චි කරන්න .

ක්‍රමය 1

    රත් හඳුන් මේස හැඳි 1
    කඩල පිටි මේස හැඳි 1
    අඹරා ගත් කොහොඹ කොළ තේ හැඳි 1
    මී පැණි තේ හැඳි 1

මෙය තෙල් සහිත සමටත් කුරුලෑ ඇති අයටත් ඉතා සුදුසුයි . කුරුලෑ පැල්ලම් නැතුව සුව කිරීමට හැකි ගුණයෙන් යුක්තයි.

ක්‍රමය 2

    හාල් පිටි මේස හැඳි 1
    කහ මේස හැඳි 1
    නැවුම් කිරි මේස හැඳි 1
    මී පැණි තේ හැඳි 1
    ග්‍රීන් තේ තේ හැඳි 1
    සැෆ්‍රන් රේණු 10
    සම පැහැපත් කර ගැනීම සඳහා ඕනෑම සමකට සුදුසුයි

ක්‍රමය 3

    සුදු සඳුන් මේස හැඳි 1
    කහ මේස හැඳි 1/2
    මී පැණි මේස හැඳි 2

මුහුනේ ඇති වන කුඩා බිබිලි සහ අඳුරු ලප ඉවත්කර ඒකාකාරී පැහැපත් බවක් ලබාගත හැකියි.

ක්‍රමය 4

    කඩල පිටි මේස හැඳි 2
    ඕට්ස් මේස හැදි 2
    කිරි පිටි මේස හැඳි 1
    රෝස වතුර අවශ්‍ය පමණ
    කහ මේස හැඳි 1
    පාවිච්චි කළ ග්‍රීන් ටී තේ හැඳි 1

පැහැදිලි සිනිදු සමක් ලබා ගැනීම සදහා මෙය සුදුසුයි.

ක්‍රමය 5

    කඩල පිටි මේස හැදි 1
    දොඩම් ලෙලි කුඩු මේස හැඳි 1/2
    මී පැණි මේස හැදි 1
    නැවුම් කිරි අවශ්‍ය තරමට

මුහුනේ තෙල් ගතිය අඩු කිරීම සඳහා මෙය සුදුසුයි.

ක්‍රමය 6

    කහ තේ හැඳි 1
    කිරි මේස හැඳි 2
    කඩල පිටි මේස හැඳි 1

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා රෝම තිබෙන පැත්තට මෙය ආලේප කර මිනිත්තු දහයකට පමණ පසු විරුද්ධ පැත්තට මිනිත්තු පහක් පමණ කවාකාරව අතුල්ලන්න.
gossip lanka