ඇවිදීම, දිවීම අපහසු අයට බර අඩු කරගන්න උපදෙස්...බර අඩු කරගත් විට සම පැහැපත් වේ

අධික ස්ථූලතාවය මෙන්ම සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා බර වැඩිවී තිබීමත් ලෙඩ රෝග රැසකට ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. දියවැඩියාව, අධි රුධිර පීඩනය පමණක් නොව ආතරයිටීස් වැනි හන්දිපත් රෝගවලටත් සිරුරේ බර වැඩිවීම බලපා තිබෙනවා.එනිසා මෙවැනි රෝගීන්ට බර අඩුකර ගැනීම සඳහා ව්‍යායාම කිරීමේදී පවතින රෝගාබාධ ඊට බාධාවක් වී තිබෙනවා.

 වෛද්‍යතුමනි මෙවැනි රෝගීන්ට තම බර අඩුකර ගැනීමට ඇති ප‍්‍රතිකාර මොනවාද?

 හන්දි අමාරු, කොන්දේ අමාරු ඇති අයට සිරුරේ අධික බර අඩුකර ගන්න ව්‍යායාම කිරීමේ අපහසුතා මතු වෙනවා.

 සිරුරේ අධික තරබාරුවක් ඇතිවීමට ප‍්‍රධානම හේතුව අප ගනු ලබන ආහාරයි. එනිසා ආහාර පාලනයකින් තොරව සිරුරේ බර අඩුකර ගන්න බැහැ.

 උදාහරණයක් දක්වතොත් අපි වැඩිපුර බත් කෝප්පයක් කෑවොත් එහි කැලරි දෙසීයක් පමණ තිබෙනවා.

 එම කැලරි දෙසීය දහනය කරන්න අඩුම තරමින් කිලෝ මීටර් දෙකක් වත් ඇවිදින්න ඕන.

 අපට ආහාර පාලනය කරන්න බැරි වෙන්න එක හේතුවක් තමයි අපගේ සාම්ප‍්‍රදායික ආහාර රටාව. අපි පුරුදු වෙලා තියෙන්නෙ වැඩිපුර බත් ආහාරයට ගන්න. ඉන් සිදුවන්නේ සිරුරට වැඩිපුර කාබෝහයිඩ්‍රේට්ස් එකතු වීමයි.

 මෙම ආහාර රටාවෙන් මිදී වැඩිපුර එළවළු, පළාවර්ග ආහාරයට ගැනීමට හුරුවිය යුතුයි.

 මේ සඳහා ප්‍රෝටීන් බහුල ආහාර සහ තෙල් වැඩිපුර ඇති ආහාර ලබාදීමෙන් එම පුද්ගලයාගේ ආහාර රුචිය අඩුවී තෘප්තිමත් බව ඇති වෙනවා.

 එවිට සිරුරට එක්වන කාබෝහයිඩ්‍රේට්ස් ප‍්‍රමාණය අඩුකර ගත හැකියි.

 ඊට අමතරව විවිධ ආහාර වර්ග ආදේශ කළ හැකියි. එනම් කුඩා ප‍්‍රමාණයේ ආහාර වර්ග ලබාදිය හැකියි.

ex2ව්‍යායාම කිරීමේදී ඇවිදීම දිවීම පමණක් ඒ සඳහා භාවිත කරන්න අවශ්‍ය නැහැ. එනම් පිහිනීම, ඇඳේ නිදාගෙන බයිසිකල් පදින ආකාරයේ ව්‍යායාම, වාඩිවී දෑත් දෙපා එසවීම පහළ දැමීම ආදී ව්‍යායාම කළ හැකියි. මෙවැනි ව්‍යායාම මගින් දෙපාවලට අධික වෙහෙසක් දැනෙන්නේ නැහැ.

 මෙලෙස ව්‍යායාම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කරන්න අපහසු අයට ඖෂධ ලබාදීම මගින් සහ ආහාර මාර්ගයේ සැත්කම් සිදුකිරීම මගින් සිරුරට අවශෝෂණය වන ආහාර ප‍්‍රමාණය පාලනය කළ හැකියි.

 එහිදී ආමාශය කුඩා කිරීමේ ශල්‍යකර්ම, බඩවැල් දිග ප‍්‍රමාණය අඩුකිරීමේ ශල්‍යකර්ම ආදිය මගින් සිරුරට අවශෝෂණය වන ආහාර ප‍්‍රමාණය අවම කළ හැකියි.

 මෙලෙස සිරුරේ බර අඩු කරගත් විට දියවැඩියාව, අධි රුධිර පීඩනය, හන්දිපත් රෝග පාලනය වීම පමණක් නොව සිරුරේ පැහැපත් බවත් වැඩි වෙනවා. එනිසා බර අඩු කරගන්න ඇවිදීම, දිවීම වැනි ව්‍යායාම පමණක් සිදුකළ යුතු නැහැ.
gossip lanka