ඔන්න අද ඔයාලට කකුලුවෝ රහට කන්න පුලුවන්

කකුලුවන් 1kg
තෙල් මේස හැදි 4ක්
ලුකු ළූණූ ගෙඩි 3ක්
තක්කාලි ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 4ක්
අබ ඇට තේ හැදි 1ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
තුනපහ තේ හැදි 2ක්
කලු තුනපහ කුඩු තේ හැදි 1ක්

කහකුඩු තේ හැදි 1/4ක්
ගම්මිරිස් කෑලි තේ හැදි 1/2ක්
උණු වතුර කෝප්ප 1ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කොල කෑල්ලක්
තලාගත් ඉගුරු තේ හැදි 1ක්
තලාගත් සුදු ළූණූ තේ හැදි 1ක්
ලුණු පදමට
දෙහි ගෙඩි 1ක යුෂ

මුලින්ම බදුනක් ලිප තබා එයට තෙල් දාගන්න. තෙල් රත්වන විට අබ ඇට දමා පුපුරන විට අමු මිරිස්, කරපිංචා, රම්පේ,සිහින්ව ලියාගත් ළූණූ, ලුණු එකතු කර හොදින් තෙම්පරාදු කරගන්න. ඒ අතර කහ,මිරිස් කුඩු, තුනපහ කුඩු දමා කවලම් කරගන්න. මද වේලාවකින් තක්කාලි එකතු කරන්න. කකුලුවන් එයට දමා කලවම් කරන්න.(කකුලුවෝ කැමති ලෙස කපාගන්න)

පසුව උණු වතුර එකතු කරලා ගින්දර ටිකක් අඩු කරලා විනාඩි 15ක් පමන පිසගන්න. අවසානයේ ගම්මිරිස්, දෙහි හා කලු තුනපහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න.

ඔබට අවශය නම් ලිපෙන් බාගැනීමට මොහොතකට පෙර මිටි කිරි ස්වල්පයක් එකතු කරගන්න.

- hadakari.com

gossip lanka