කඩල එකතු කරලා සැලඩ් එකක් හදමුද?

සුදු ළූණූ බික් 2ක්
දෙහි භාගයක යුෂ
ලුණු පදමට
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
ඔලිව් තෙල් තේ හැදි 2ක්
පිපිඤ්ඤා පොඩි ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 1ක්
ලොකු ළූණූ ගෙඩි 1ක්
තම්බපු කඩල කෝප්ප 1ක්

අමු මිරිස් කරල් 2ක්

සුදු ළූණූ කුඩාවට කපාගෙන දෙහි යුෂ, ලුණු ස්වල්පයක්, ගම්මිරිස්, ඔලිව් තෙල් යන මේ සියල්ලම හොඳින් හැන්දක් ආධාරයෙන් මිශ්‍ර කරගන්න.

ඉන් පසුව කඩල හැර ඉහත සදහන් අනිකුත් අමු ද්‍රවය කොටුවට කපාගෙන කඩලත් සමග මේ සියල්ලත්, කලින් හදාගත් ද්‍රාවණයත් එකිනෙකට මිශ්‍රකරන්න.

- hadakari.com

gossip lanka