ලේසියෙන්ම චිකන් කට්ලට් හදන්නේ මෙහෙමයි

කටු රහිත කුකුල් මස් 500g
මිරිස් කුඩු තේ හැදි 2ක්
ඉගුරු, සුදු ළූණූ paste තේ හැදි 2ක්
කහ කුඩු තේ ගැදි 1/4ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
අල ගෙඩි 4ක්
අමු මිරිස් කරල් 3ක්
රතු ළූණූ ගෙඩි 20ක්
තෙල් මේස හැදි 2ක්

කරපිංචා කොල 4-5ක්
බිත්තර
පාන් කුඩු
වතුර
තෙල් (බැද ගැනීමට)
ලුණු පදමට

මුලින්ම මස් පිරිසිදු කරගෙන මිරිස් කුඩු, ගම්මිරිස්, කහ, ලුණු, ඉගුරු, සුදු ළූණූ තේ හැදි 1ක් දමා කවලම් කර පැයක් පමන තබන්න. ඉන් පසුව වතුර ස්වල්පයක් දමා මස් තම්බාගන්න. මස් තම්බන අතර ඒ සමගම අලත් කෑලි කපාගෙන තම්බාගන්න මස් සමගම. ඉන්පසුව එය පෙරාගෙන නිවෙන්නට තියන්න. දැන් pan එකක තෙල් රත් කරගෙන ඉතිරි වු ඉගුරු,සුදු ළූණූ, සිහින්ව කපා ගත් කරපිංචා, සිහින්ව කපා ගත් අමුමිරිස්, සිහින්ව කපා ගත් රතු ළූණූ තෙම්පරාදු කරගන්න. එයට තම්බාගත් අල හා මස් දමා හැන්දෙන් පොඩිකරගන්න. පසුව කට්ලට් හැඩයට බෝල හදාගෙන බිත්තර වල ගිල්වා පාන් කුඩු තවරා විනාඩි 15ක් පමන ශීතකරණයේ තබා ගැඹුරු තෙලේ බැදගන්න.

- hadakari.com

gossip lanka