අධික තරබාරුව පැපොල්වලින් නැති කරන හැටි මෙන්න

පැපොල් කියන්නේ අපේ රටේ පලතුරු අතරින් ඉතාම සුවිශේෂ පලතුරක්. ලංකාවේ සෑම පළාතකම පාහේ හොඳින් රෝපණය වන පැපොල් අගනා රසවත් පලතුරක් වගේම රසවත් වෑංජනයක්. ගුණවත් පලතුරක් වන පැපොල් පලතුරක් ලෙසත්, වෑංජනයක් ලෙසත්, ආහාරයට ගැනීමෙන් අද්විතීය පෝෂණ
ගුණයක් ශරීරයට ලබාගන්න පුළුවන් වගේම රෝග රැසකින් වැළකීමටත් මේ පලතුර ඉතාම වැදගත්.

ඖෂධීය ගුණයෙන්ද අනූන පලතුරක් වන පැපොල් ප්‍රභේද 15 ක්, 20 ක් පමණ තිඛෙනවා. මේ පැපොල් ප්‍රභේදය අනුව මල් සහ ගෙඩි, පාට ප්‍රමාණය වෙනස් වෙනවා. මීටර් 4 ක්, 5 ක් වගේ උසකින් සමන්විත පැපොල් ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙනවා.

අපේ ආයුර්වේදයට අනුව පලතුරු ලෝකයේ සුරංගනාවිය ලෙසයි පැපොල් හඳුන්වන්නේ. ඉතාම අධික පෝෂණීය ගුණයකින් සමන්විත පැපොල් ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ රාශියක් ලබාදෙන ඖෂධීය පලතුරක්. විටමින්, ඛණිජ ලවණ ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත පලතුරක් වන පැපොල් අමුවෙන් සිංහල අච්චාරු සෑදීමටත්, රසවත් වෑංජන සෑදීමටත් භාවිත කරනවා. ඉදුණු පැපොල් රසවත් පලතුරු බීම වර්ග සෑදීමටත්, පලතුරු සලාද සෑදීමටත් යොදා ගන්නවා. සැබැවින්ම පැපොල් නොමැති පලතුරු සලාදයක් සොයන්නත් අමාරයි.

අපේ ආයුර්වේද ශාස්ත්‍රයේදී පැපොල් ගෙඩි, පැපොල් කොළ, පැපොල් කිරි, පැපොල් මුල් විවිධ රෝග සුවකර ගැනීම පිණිස යොදා ගන්නවා. අමු පැපොල් වල ආහාර ජිර්ණය හොඳින් කළ හැකි සුවිශේෂ රසායනිකයක් පවතිනවා. ප්‍රෝටීන අධික ආහාරයක් වන පැපොල් විවිධ ගන ආහාර වර්ග මෙළෙක් කිරීමටත් යොදා ගැනීම විශේෂයි. ආහාර ජීර්ණය සඳහාත් පැපොල් පලතුරක් ලෙසත්, වැංජනයක් ලෙසත් ආහාරයට ගැනීම ගුණදායකයි. ඉඳුණු පැපොල් සහ පැපොල් ශාකයේ කිරි විවිධාකාරයේ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, ෂැම්පු වර්ග සෑදීමටත් යොදා ගන්නවා. එමෙන්ම පැපොල් කිරි භාවිත කර රසවත් චුයින්ගම් වර්ග සාදනවා. සම රතුවීම්, සම කැසීම් වැනි විවිධ අසාත්මිකතා පැපොල් කිරිවල තිබුණත් විවිධ සංස්කරණ සිදුකර එවැනි අසාත්මික තත්ත්ව නැති කිරීමෙන් පසුවයි. නිෂ්පාදන සඳහා මේ ඖෂධය ගන්නේ.

මේ සුවිශේෂ ඖෂධයේ ඉතාම හොඳින් කෑම දිරවීමේ ගුණයකුත් පවතිනවා. විවිධ බර කෑම ගත් අවස්ථාවල ඒ බර කෑම අපහසුතාවකින් තොරව දිරවීම පිණිස පැපොල් ආහාරයට ගැනීමත් ඉතා වැදගත්. විවිධ අජීර්ණ තත්ත්වවලින් පෙළෙන පුද්ගලයන්ගේ ඒ අජීර්ණ තත්ත්ව නැති කිරීම පිණිස පැපොල් සලාද ආහාරයට ගැනීමත් ඉතා වැදගත්. හොඳින් මළ පිටවීමටත්, ආහාර මනාව ජීර්ණය කිරීමටත් ගුණදායක මේ ඖෂධය සතු විටමින් ඒ, විටමින් ජී, බහුලව පැවැතීමත් විශේෂත්වයක්. ශරීරයේ සමට, අස්ථීවලට ඉතා සුවදායක ඖෂධයක් වන පැපොල් ඇස් පෙනීම දුර්වල අයට හොඳින් පෙනීම ලබාදීමටත් ගුණවත් පලතුරක්. එවැනි පුද්ගලයන් දිනපතා ආහාර වේල ගෙන අවසානයේ ඉදුණු පැපොල් කෑල්ලක් ආහාරයට ගැනීම ඉතා වැදගත්.

පැපොල් කෑවම හොඳින් බඩ පිරෙනවා. ඒකත් පැපොල්වල තිඛෙන තවත් එක්තරා සුවිශේෂත්වයක්. තරබාරු ශරීර නිසා පීඩා විඳින බොහෝ දෙනෙකුගේ ලක්ෂණයක් තමයි නිතර නිතර ආහාර ගැනීමට ඇති අවශ්‍යතාව. ඒ හේතුව අධික තරබාරුවට තවත් ගැටලූවක්. එවැනි අධික තරබාරු ඇති අයටත්, නිතර නිතර ආහාර ගැනීමට අවශ්‍යතාව මතුවන අයටත් කෑම පාලනය කර ගැනීමට තිඛෙන එකම විසඳුම, හැකි සෑම අවස්ථාවකම ඉඳුණු පැපොල් පලතුරක් ලෙස ආහාරයට ගැනීම. ඇත්තටම ශරීරයේ බර අඩු කර ගැනීමටත්, සිරුර සිහින් කර ගැනීමටත්, ආමාශගත රෝග සුව කිරීමටත් ඔබ කළ යුත්තේ ගස්ලබු, නැතිනම් පැපොල් පලතුරු ආහාරයක් ලෙස ගැනීම පමණයි.

පැපොල්වල තිබෙනවා ප්‍රතිඔක්සිකාරක ගුණයක්. ඒ නිසාම මේ අගනා පලතුර රූපලාවන්‍ය කටයුතු සඳහාත් ගුණදායකයි. ඒ වගේම පියයුරු පිළිකා, අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා සුව කිරීමටත්, ඒ පිළිකා වැලඳීම වළක්වාලීමටත් ඔබ කළ යුත්තේ නිතර නිතර පැපොල් පලතුරක් ලෙස ආහාරයට ගැනීම පමණයි. ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ හේතු මත පණු රෝග, ප්‍රදාහ තත්ත්ව ඇති වෙනවා. එවැනි අහිතකර තත්ත්ව දුරු කිරීමට ඔබ කළ යුත්තේ සෑම අවස්ථාවකම ආහාර ගෙන අවසානයේ පැපොල් කෑල්ලක රස බැලීමයි.

දත් කැක්කුම ඉතා වේදනාකාරී රෝගයක්. මේ රෝගය වැලඳුණු අය දන්නවා එහි තිඛෙන වේදනාව . ඉවසිය නොහැකි දත් කැක්කුමකදී ඔබ කළයුත්තේ පැපොල් කිරි ස්වල්පයක් පුළුන් කැබැල්ලක තවරා වේදනාකාරී දතේ ආලේප කිරීම පමණයි. සුළු වේලාවකින් දතේ වේදනාව නැතිවෙලා යාවි. ඇතැම්විට වීදුරුමස්වල ගෙඩි ආ අවස්ථාවකදී පැපොල් ශකායේ කිරි ස්වල්පයක් ගෙන ඒ ගෙඩි මත ආලේප කරන්න. සුළු වේලාවකින් ගෙඩි පිපිරී සැරව ඉවත් වේවි. ඒ වගේම මුඛයේ හටගත් සෙම් ගෙඩි සුව කිරීමටත් මේ පැපොල් කිරි අගනා ඖෂධයක්.

ඔබ කළ යුත්තේ පැපොල් කිරි ස්වල්පයක් සෙම් ගෙඩිය මත ආලේප කර ඒ සෙම් ගෙඩිය මසාජ් කිරීම පමණයි. ටික වේලාවකින් සෙම් ගෙඩිය පිපිරී සැරව ඉවත් වේවි. පසුව දිනකට වරක් බැගින් දිනපතා ඒ තුවාලය මත පැපොල් කිරි ආලේප කරන්න. ටිකෙන් ටික තුවාලය සුව වේවි.

විවිධ රූපලාවන්‍ය කටයුතු සඳහා පැපොල් යොදාගන්නවා. සමේ මැරුණු ෙසෙල ඉවත් කිරීමටත් මේ ඖෂධය ඉතාම ගුණවත්. සමේ මැරුණු සෙෙල මත ඉඳුණු පැපොල් ආලේප කර මඳ වේලාවකින් ඒවා සොදා හැරීමෙන් සමේ මැරුණු සෙෙල ඉවත් කර සම දීප්තිමත් කරගන්නත් පුළුවන්. පිරිසිදු පැහැපත් සමකට උරුමකම් කියන්නත් පුළුවන්.

බොහෝ සම්බාහන අවස්ථාවලදී පැපොල් පලතුරක් ලෙස සම්බාහන කාර්යයන් සඳහා යොදා ගැනීම විශේෂයි. එයට හේතුව තමයි සමේ පවතින මැරුණු සෙෙල ඉවත් කිරීමට මේ ඖෂධීය පලතුරේ පවතින සුවිශේෂ හැකියාව. ආයුර්වේදයේ විවිධ කැඩුම් බිඳුම් අවස්ථාවලදීත් ඒවා යොදා ගන්නවා. විවිධ කැඩුම් බිඳුම් අවස්ථාවලදී ඒවා සුවකිරීමෙන් පසුවත් සන්ධි තද වන අවස්ථා තිබෙනවා එවැනි තද වූ සන්ධි බුරුල් කිරීමට සුදුසුම පත්තුවක් තමයි ගස්ලබු පත්තුව. ගස්ලබු, දියලබු, හරන් කහ, කැකුළු සහල් සමඟ තම්බා හොඳින් අඹරා තද වූ සන්ධි මත එය ආලේප කරන්න. ඒ වගේම විවිධ සන්ධි වේදනා සුව කිරීම සඳහාත් මේ පත්තුව ඉතාම වැදගත්.

මේ ඖෂධීය පලතුර සතුව පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාම විවිධ හෘද රෝග සුව කීරීමටත් මේ අගනා ඖෂධය ගුණදායකයි. රුධිර නාළවල තෙල් තැන්පත් වූ විට හෘද ස්පන්දනය වැඩි වෙනවා. එවැනි හෘද රෝග තත්ත්වලින් සුවවීමට කදිම ඖෂධයක් තමයි නිතර නිතර ඉදුණු ගස්ලබු පලතුරක් ලෙස ආහාරයට ගැනීම. සමේ හටගත් විවිද කැළැල්, ලප, කුරුලෑ සුව කිරීමටත් කදිම ඖෂධීය ආලේපයක් තමයි පැපොල්. ඔබ කළ යුත්තේ දිනපතා උදේ සවස ඉදුණු පැපොල් පලතුර මුහුණේ ආලේප කර මඳ වේලාවක් සිට සේදීම පමණයි.

ගැහැණු ළමයින්ගේ ආර්තව ප්‍රශ්නවලදී පැපොල් වෑංජනයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස ආහාරයට ගන්නවා නම් ආර්තව දෝෂ නැති කිරීමටත් එය ඉතා ගුණදායක ඖෂධීය ආහාරයක්.

පැපොල් මැල්ලුමක් සාදන ආකාරය මෙහි සරලව සඳහන් කරන්නම්. මුලින්ම පැසුණු ගස් ලබු ගෙඩියේ පොතු ඉවත් කර හිරමනයෙන් ගාගෙන, ගම්මිරිස්, සුදු ලුණු සහ පොල් සමඟ හොඳින් ගලේ අඹරා අවශ්‍ය නම් තෙම්පරාදු කර ආහාරයට ගන්න.

පැපොල් කොළ ගෙන මඳක් වියළා ගිනි අඟුරු කබලකට කුඩු කර දැමුවා නම් ඒ නගින දුමෙන් පුළුවන් නිවෙසේ හෝ නිවෙස් අවට සිටින ඕනෑම මැසි මදුරුවකු පලවා හරින්න. ඒ වගේම මේ දුම ඕනෑම කැස්සක්, සෙමක්, පීනසක් සුව කරන්නත් සුදුසුයි. ඔබ කළ යුත්තේ මේ ඖෂධීය දුම ආඝ්‍රහණය කිරීම පමණයි.

සාමාන්‍ය පලතුරු ගත් විට දියවැඩියා රෝගයට අහිත කරයි. නමුත් ගස්ලබු දියවැඩියා රෝගය සුව කිරීමට කදිම ඖෂධීය පලතුරක්. දියවැඩියා රෝගීන්ට මේ පලතුර ආහාරයට ගත්තට කිසිදු අහිතකර තත්ත්වයක් උදා වන්නේ නැහැ. වෙනත් පලතුරු නුසුදුසු වුණත් පැපොල් ආහාරයට ගත්තා කියා දියවැඩියා රෝගීන්ට අහිතකර බවක් නෑ.

ඉදුණු පැපොල් සමඟ එළඟි තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කරනවා නම් ඕනෑම තුවාලයක් සුව කර ගන්නත් එය සුවදායකයි. දින කිහිපයක් මෙය සිදු කරද්දී ඕනෑම තුවාලයක් ක්‍රම ක්‍රමයෙන් සුවපත් කර ගැනීමට ඔබට හැකි වේවි.

මානසික ආතතිය අද සමාජයේ බොහෝ දෙනෙකුට පවතින පීඩාවක්. අධික කාර්ය බහුලත්වය නිසාම හෝ වෙනත් වෙහෙසකර තත්ත්වයක් නිසා හෝ මානසික ආතතියට ගොදුරු වන්න පුළුවන්. මානසික ආතතිය නැති කිරීමට පැපොල් කිරි ඉතා ගුණදායක ඖෂධයක්. ඉන්නන්, ගල් තැළුම් වැනි විවිධ අහිතකර තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීමට මෙය අගනා ඖෂධීය ශාකයක්, ඒ සඳහා ඉතා වැදගත් වන්නේ පැපොල් කිරි ආලේප කිරීම.

කිරි දෙන මව්වරුන්ට පැපොල් පලතුරක් ලෙස ඉතා ගුණ දායකයි. නමුත් කිරි දෙන මවුන්ට පැපොල් වෑංජනයක් ලෙස දීම ටිකක් අහිතකරයි. ඒ වගේම ගර්භණී මවුවරුන්ටත් පැපොල් පලතුරක් ලෙස ආහාරයට ගැනීම ගුණදායකයි. නමුත් ගර්භණී මවුවරුන්ට අමු පැපොල් වෑංජනයක් ලෙස ආහාරයට ගැනීම නුසුදුසුයි.

පැපොල් කියන්නේ සන්ධි රෝගවලට ආහාරයට ගත හැකි සුදුසුම ඖෂධීය ආහාරයක්. වෑංජනයක් ලෙස ගැනීම ඉතාම සුදුසුයි. සන්ධි රෝග සුව කිරීමට පැපොල් පත්තුව ආලේප කරනවා වගේම, පැපොල් වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමත් ඉතාම සුදුසුයි.

එමෙන්ම ඕනෑම සන්ධි රෝගයක් සුව කිරීමට ඔබට තවත් කළ හැකි කාර්යයක් තිඛෙනවා. ඔබ කළ යුත්තේ පැපොල් කොළ වණ්ඩුවේ තම්බා තැවීම පමණයි. වේදනා සහිත ස්ථානය තැවීම පමණයි ඔබ කළ යුත්තේ. අවස්ථා කිහිපයක් මෙය කරන්න. පැහැදිලි සුවයක් දැනේවි.

ඇත්තටම අපේ සමාජයේ බොහෝ දෙනෙක් පැපොල්වල තිබෙන මේ ඖෂධීය ගුණය දන්නෙ නැහැ. සමහරු හිතනවා පැපොල්වල කිසිම ගුණයක් නෑ කියලා. ඇත්තටම ඒ මතය වැරැදියි.

පැපොල් පලතුර උපයෝගි කරගෙන විවිධ නිෂ්පාදන සිදුකිරීමත් විශේෂත්වයක්, විවිධ ජෑම් වර්ග, චට්නි වර්ග, අයිස්ක්‍රීම් වර්ග ආදී බොහෝ රසවත්, ගුණවත් නිෂ්පාදන බිහි කිරීම සඳහාත් මේ ඖෂධීය පලතුර යොදා ගන්නවා. අවසාන වශයෙන් ඔබට පැපොල් පලතුර මඟින් නිෂ්පාදනය කළ හැකි සුවිශේෂී ඖෂධීය පානයක් ගැන සඳහන් කරන්නම්. එය සාදා ගන්නේ මෙහෙමයි. පැපොල් ගෙඩියේ ලෙලි සහ ඇට ඉවත් කර සිහින් තලපයක් ලෙස මිශ්‍ර කරගෙන (බ්ලෙන්ඩර් කර ගන්න) අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා, ඇති පදමට ලූණු සහ දෙහි මිශ්‍ර කර අවශ්‍ය නම් ශීතකරණයේ දමා සිසිල් කර පානය කරන්න. මෙය ඉතා රසවත් වගේම ගුණවත් පලතුරු පානයක්

-asapuwa.info

gossip lanka