මුහුණේ තැනින් තැන කළු පැල්ලම්, ඛෙල්ල කළු වෙලා මිදෙන්නේ කොහොමද?

අපට දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි. මුහුණ නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්‍රිම ආලේපන මඟින් මෙම පැල්ලම් ඇති වීමට පුළුවන්. ඒ නිසා ක්‌ලෙන්සර් හෝ ඩීප් ක්‌ලෙන්සර් භාවිත කර මුහුණ පිරිසිදු කිරීමත්, සමට ගැලපෙන ස්‌වාභාවික ආලේපන වර්ගයක්‌ තෝරාගෙන භාවිත කිරීමත්, අව්වේ යන විට හිරු ආවරණ ආලේපනයක්‌ භාවිත
කිරීමත් මඟින් මේවා වලක්‌වා ගත හැකියි. නිවසේදී ම මුහුණේ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට හැකි ප්‍රතිකර්මයක්‌ මෙහි දැක්‌වේ.

කෝමාරිකා මදය සූරා, එයට දෙහි යුෂ බිංදු කීපයක්‌ එකතු කර, මුදවාපු කිරි මේස හැන්දක්‌ සමඟ කලවම් කරන්න. මෙය මුහුණේ ආලේප කරන්න. එය ක්‌ලෙන්ස්‌ එකක්‌ ලෙස දිනපතා පාවිච්චි කළ හැකියි.

සම පැහැපත් කරගන්නේ කොහොමද?

අපි හැමෝට ම පිහිටලා තියෙන්නේ අපට ස්‌වභාවධර්මයෙන් ලැබුණ පෙනුම යි. සම ද ඒ අනුව විවිධ පැහැයන් වෙනවා. අපට කළ හැක්‌කේ මේ සම ආරක්‌ෂා කරගැනීම පමණයි. අපි ඒ ගැන අවධානයක්‌ යොමු නොකළොත් සම මත කුරුලෑ ලප කැළැල්, ඇති වී අවලස්‌සන වෙන්නට පුළුවන්.

අපි නිතරම මුහුණ ගැන කතා කළත් හිස සිට දෙපතුල දක්‌වාම සුන්දරත්වය රැකගැනීමට ඔබ උනන්දු විය යුතුයි. නිතරම සමබල ආහාර වේලක්‌ ලබා ගන්න. දිනකට වතුර වීදුරු 8 ක්‌ පමණ පානය කිරීම වැදගත්. අපගේ ශරීරයේ එකතු වන අපද්‍රව්‍ය බැහැර වී ශරීරය පිරිසිදු වීම තුළින් සම පැහැපත්ව තබා ගැනීමට හැකියාවක්‌ ලැබේ.

සමේ තෙතමනය රදා පවත්වා ගැනීමට සමට සුදුසු මොයිෂ්චර්රයිසර් ආලේපයක්‌ පාවිච්චි කිරීම කළ යුතුයි. මේ ගැන නොසැලකීමෙන් සම මත කුරුලෑ , කළු ලප, සුදු ලප ඇතිවීම සිදුවේ. නිතරම සමට ගැලපෙන ආලේප වර්ග තෝරාගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.

ඇස්‌ යට කළු පැහැයට විසඳුමක්‌

නිදි වැරීම, රුධිරයේ අපිරිසිදු බව, සැරින් වැඩි ඖෂධ ගැනීම, දීර්ඝ කාලයක්‌ පාඩම් කිරීම, මානසික අසහනය, පීනස වැනි රෝග නිසා ඇස්‌ යට කළු පැහැවීමට පුළුවන්. අර්තාපල් හෝ පිපිඤ්ඤා සිහින්ව ගාගෙන දෑස මත තබන්න. රෝස වතුර පෙඟවූ පුළුන් කැබලි දෙකක්‌ තබන්න. නැතිනම් සිසිල් වූ තේ කොළ පොට්‌ටනි දෙකක්‌ සාදා තබන්න. මේවායින් එක්‌ ක්‍රමයක්‌ දිනපතා අනුගමනය කිරීම හොඳයි. ඒ මඟින් දෑසට විවේකයක්‌ ලැඛෙනවා. ඉන්පසු අන්ඩර් අයි ක්‍රීම් ස්‌වල්පයක්‌ තවරා විනාඩි 10 ක්‌ පමණ ඉතා ම මෘදුව මසාඡ් කරන්න.

ඉන්පසු සතියකට දෙවරක්‌ මේ සත්කාරයද කරන්න. අයි ක්‍රීම් තවරා, මසාඡ් කර එය පිසදමා ගත් පසු, කස්‌තුරි කහ, මුදවාපු කිරි සමඟ කලවම් කර ඇස්‌ යට තවරා විනාඩි 20 ක්‌ පමණ තබා ඉවත් කරන්න. නැවත අන්ඩර් අයි ක්‍රීම් ටිකක්‌ තවරන්න.

දෑතේ කළු පැහැය වැඩි ද?

මෙයට හේතුවන්නේද මුහුණට දක්‌වන සැලකිල්ල දෑතට නොදැක්‌වීමයි. මොයිෂ්චර්රයිසර් ක්‍රීම් දෑතේ නොගැල්වීම නිසා දෑත වියළි කළු පැහැ වෙනවා. ජලය හොඳින් පානය කිරීමත් අවශ්‍ය යි. නැතිනම් සම වියළි අව පැහැ වෙනවා. අප බොහෝ විට අත් ආවරණය වන ඇඳුම් අඳින්නේ නෑ. එවිට අව්වට, කුණු , දුහුවිලිවලට දෑත ලක්‌වෙනවා. එසේම සේදූ විට හොඳින් තෙත මාත්තු නොකිරීමත් දෑත වියළීමට හේතුවක්‌. අත්වල රෝම ඉවත් කිරීමට සැර ක්‍රීම්වර්ග භාවිතයත් මෙයට හේතුවක්‌.

දෑත හොඳින් පිරිසිදු කර ස්‌ක්‍රබ් කරන්න. එම ස්‌ක්‍රබ් එක මෙසේ සාදාගත හැකිය. සදු හඳුන්, ඉන්දියන් කහ, කොකුම් පොතුවල කුඩු, ගෙන කිරි, යෝගට්‌, හෝ මිටි පොල් කිරි සමඟ මිශ්‍ර කර අත්වල ආලේප කරන්න. වියළෙන්නට තබා ස්‌ක්‍රබ් කරන්න. විනාඩි 10-15 ක්‌ පමණ ස්‌ක්‍රබ් කර සෝදා ඉවත් කරන්න. ඔලිව් තෙල් රත්කර මද රස්‌නයෙන් ආලේප කර විනාඩි 15 ක්‌ පමණ මසාඡ් කරන්න. ඉන්පසු මොයිෂ්චර්රයිසර් ක්‍රීම් එකක්‌ ආලේප කරන්න. සති 2 ට වරක්‌ මෙය සිදු කරන්න. දිනපතා ඔලිව් තෙල් දමා මසාඡ් කළ හැකි නම් හොඳයි.

ඛෙල්ල කළු වෙලා

මුහුණට දක්‌වන සැලකිල්ල, බොහෝ දෙනෙක්‌ ඛෙල්ලට දක්‌වන්නේ නැහැ. මේ නිසා ඛෙල්ලේ රැඬෙන කුණු දූවිලි දීර්ඝ කාලීනව එකතු වී තැන්පත් වීම නිසා මුහුණට වඩා අඳුරු බවක්‌ ඛෙල්ල ප්‍රදේශයෙන් දිස්‌ වෙනවා. බොහෝ විට අපගේ ඛෙල්ල ප්‍රදේශය ඇඳුම්වලින් ආවරණය වන්නේ නෑ. ඒ නිසා පහසුවෙන් කුණු දූවිලි රැඬෙනවා. දහදිය දමනවා. සිරුර මහත අයගේ මේ තත්ත්වය වැඩියි. ඔවුන්ගේ ඛෙල්ල ප්‍රදේශයේ රැළි පිහිටා තිඛෙන නිසා ඒ අතර වඩාත් පහසුවෙන් දහදිය සමඟ කුණු තැන්පත් වෙනවා. තවත් අයට කෘත්‍රිම ආභරණ අසාත්මික වීම නිසා මේ ප්‍රදේශය කළු වෙන්න පුළුවන්.

මේ පිළිවෙළ අනුගමනය කිරීම තුළින් ඔබටත්, ඔබගේ ඛෙල්ල ප්‍රදේශයේ පැහැපත් කරගැනීමට හැකිවේවි.

මුලින්ම ක්‌ලෙන්සර් ක්‍රීම් එකකින් ඛෙල්ල හොඳින් ක්‌ලෙන්ස්‌ කරගන්න. කඩල පිටි, ආමන්ඩ් කුඩු, උළුහාල් කුඩු, කිරි සමඟ මිශ්‍ර කර ඛෙල්ලේ තවරා විනාඩි 5-10 ක්‌ වියළෙන්න තබන්න. නැවත තෙත් කර විනාඩි 10-15 ක්‌ ස්‌ක්‍රබ් කරගන්න. ඉන්පසු මොයිෂ්චර්රයිසර් හෝ මසාඡ් ක්‍රීම් එකක්‌ ආලේප කර විනාඩි 10-15 ක්‌ උඩ අතට මසාඡ් කර සුදුසු පැක්‌ එකක්‌ දමාගන්න. ඒ සඳහා සුදු හඳුන් කුඩු, දෙහි යුෂ, කඩල පිටි (අවශ්‍ය නම්) දමා කිරි හෝ යෝගට්‌ සමඟ මිශ්‍ර කර ඛෙල්ලේ තවරා විනාඩි 20 ක්‌ තබා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දින 2 ක්‌ කිරීම සුදුසු යි.

මුහුණට ආලේප කරන ක්‍රීම් වර්ගය ම ඛෙල්ලට ගැලපෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඛෙල්ල ප්‍රදේශයේ මේදය නොමැති නිසා ඉක්‌මනින් වියළෙනවා. දිනපතා මසාඡ් ක්‍රීම් එකක්‌ මඟින් මසාඡ් කිරීමට හැකි නම් වඩාත් හොඳයි.

- tharunaya.com

gossip lanka