ලිංගික ආකර්ෂණය වැඩි කිරීමෙන් විවාහය තුල එන ගැටළු විසඳා ගත හැකි ක්‍රම 4ක්

විවාහ දිවිය තුල මතුවෙන ලිංගික ගැටළු විසඳාගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ මීට පෙරත් අපි ලිපියක් ඉදිරිපත් කළා. එයින් සාකච්ඡා කළේ දෙදෙනා අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීමෙන් ගැටළු විසඳා ගන්නේ කෙසේද යන්නයි. එහි දෙවන කොටස වන මෙයින් ලිංගික වශයෙන් ඇති ආකර්ෂණීය බව වැඩි දියුණු කරගැනීම මගින් විවාහ දිවිය තුල මතුවන ලිංගික ගැටළු විසඳාගත හැකි
ආකාර කිහිපයක් ගැන කියවෙනවා.

ආශාවක් ඇතිකර ගන්න.

නව ඇඳුමකින් සැරසී දෙදෙනා පමණක් රාත්‍රී භෝජනයකට යන්න. එසේත් නැතිනම් චිත්‍රපටයක් නරඹන්නට යන්න. අතීතයේ ඔබ දෙදෙනා ලිංගික වශයෙන් ආකර්ෂණය වූ අවස්තාවන් සිහියට නගා ගන්න. විවාහ වූවා කියා එවන් දෑ නැවත කිරීමට ඔබට බාධාවක් නැහැ. ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුත් නැහැ.

අවධානය වෙනතකට හැරවිය හැකි දේවල් ඉවත් කර තබන්න.

ඔබ දෙදෙනා ලංව සිටින විට ජංගම දුරකථනය, laptop එක යනාදිය හැකිතාක් ඈත් කර තබන්න. නැතහොත් වන්නේ ඔබ සතුව ඉපදී ගෙන ආ ආශාවන් බාහිරින් සිදුවන එවැනි බාධාකාරී දෑ නිසා යලිත් පෙර තිබූ තත්වයටම වැටීමයි.

නව ක්‍රම අත් හදා බලන්න.

බොහෝ විවාහක යුවළවල්වලට ඇති ගැටළුව වන්නේ ලිංගිකව එක්වීම ඒකාකාරී වීමයි. ඒ නිසා ලිංගිකව එක්වීම නීරස වනවා. ඒ තත්වය මග හැර ගැනීමට නම් ඔබ අලුත් අලුත් ක්‍රම සොයාගත යුතුයි. ඒ විවිධ ඉරියව් අනුගමනය කිරීම, සරාගී යට ඇඳුම්, ලිංගික සෙල්ලම් භාණ්ඩ ආදී මේ ඕනෑම දෙයක් විය හැකියි.

ඔබේ ආශාවන් පිළිබඳ විවෘත ලෙස අදහස් පල කරන්න.

ඔබට අවශ්‍ය දේ පිළිබඳ අනෙකාට දැනගත හැකිවන්නේ ඔබ ඒ පිළිබඳව ඔහුට හෝ ඇයට පැවසුවහොත් පමණයි. ඒ නිසා කතා කිරීමට ලැජ්ජා නොවී ඔබේ ආශාවන්, ඔබට ඇත්තටම අවශ්‍ය මොනවාද යන්න ඔබේ සහකරු/සහකාරියට විවෘතව පවසන්න. වචනයෙන් පමණක් නොව ක්‍රියාකාරකම් මගින්ද ඔබට ඒ ගැන ඔවුන්ට ඉගි කළ හැකියි.

- tharunaya.com


gossip lanka