ක්‍රියාශීලී ලිංගික ජීවිතයක් වෙනුවෙන් ගත යුතු ආහාර වර්ග 4ක්

ක්‍රියාශීලී ලිංගික ජීවිතයක් ගත කිරීමට නම් හොඳ ශාරීරික සෞඛ්‍යයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම රුධිර පීඩනය යහපත් තත්වයක පැවතීම, නිරෝගී හදවතක් තිබීම සහ යහපත් හෝර්මෝන ක්‍රියාකාරීත්වය අත්‍යාවශ්‍යයි. මේ සඳහා ඔබ ගන්නා ආහාර සෘජු බලපෑමක් එල්ල කරනවා. මෙම ලිපියෙන් එවන් ආහාර වර්ග කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.

ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරි රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය
යහපත් මට්ටමක පවත්වා ගන්න උදව් වල පළතුරක්. එහි ඇති ප්‍රතිඔක්සිකාරක හදවතේ සහ ධමනිවල නිරෝගීබවට රුකුලක් වෙනවා. එමෙන්ම ස්ට්‍රෝබෙරිවල විටමින් සී බහුලයි. එය ශුක්‍රාණු නිරෝගීව තබා ගන්නට උදව්වක්. කාමරාගය උද්දීපනය කිරීමට ස්ට්‍රෝබෙරි dark chocolate සමඟ ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා කියලයි පැවසෙන්නේ.

අලි ගැට පේර

අලිගැට පේරවල විටමින් සී, විටමින් ඊ විටමින් බී 6, පොටෑසියම් සහ වෙනත් ප්‍රතිඔක්සිකාරක අඩංගු වීමට හදවතේ යහපත් ක්රියාකාරීත්වයටත් රුධිර සංසරණය යහපත් මට්ටමක තබා ගැනීමටත් රුකුල් දෙනවා.

එමෙන්ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ගැටළු මගහරවා ගැනීමටත් ඉහත කී විටමින් හා ප්‍රතිඔක්සිකාරක වර්ග උදව් කරනවා.

කොට්ටම්බා

කොට්ටම්බාවල සෙලේනියම්, සින්ක්, විටමින් ඊ ඇතුළු ඛනිජ ලවණ බහුලයි. මේවා ප්‍රජනන පද්ධතියේ සෞඛ්‍යය හා රුධිර සංසරණ පද්ධතියේ සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට උපකාරී වෙනවා.

පැණි කොමඩු

පැණි කොමඩු යනු කැලරි එතරම් බහුලවන පළතුරක් නෙවෙයි. නමුත් කාමරාගය උද්දීපනය කරන්නට මේ පලතුරට විශේෂ හැකියාවක් ඇති බව පැවසෙනවා. මෙහි අඩංගු වන  lycopene, citrulline සහ beta-caroteneවලට  රුධිර වාහිනී ඉහිල් කර වඩා හොඳින් ශරීරයේ අවයව කරා රුධිරය සංසරණය වීමට සැලැස්වීමේ හැකියාව පවතිනවා.

- tharunaya.com




gossip lanka