පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරන ඔසුවක් සියඹලා වලින් හදන හැටි

මුළුතැන් ගේ තුළ නැතිවම බැරි දෙයක් තමයි සියඹලා කියන්නේ. හොද්දකට දාන්න විතරක් නෙවෙයි චට්නි, ජෑම් හා රසවත් බීම සාදන්නත් සියඹලා යොදා ගන්නවා.

සියඹලා කරලෙන් ලබන රසවත් ඇඹුල වෙනත් කිසිවකින් ලබාගන්න බෑ. ඒ තරමටම එයටම ආවේණික රසක්
ඇඹුලක් සියඹලා සතුව පතිනවා.

කුස්සිය තුළ විටෙක රසකාරක ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන සියඹලා භාවිතයෙන් තැම්බුම් හොද්දක් වුණත් හදාගන්න පුළුවන්. ආහාර වටිනාකම වගේම ආයුර්වේද වටිනාකම තුළත් මේ ශාකයට හිමි වන්නේ සුවිශේෂ තැනක්.

මේ පිළිබඳ ආයුර්වේදයේ සංහිතා ග්‍රන්ථවලත් සඳහන් වෙනවා. අම්ලිකා, චින්චා, තිත්තීඩි යන නම්වලින් හඳුන්වන සියඹලා ශාකයට හානියක් කළොත් පෙර රජ කාලේ දඬුවම් ලැබෙනවා.

ඒතරමටම මේ ශාකයට වටිනාකමක් හිමි වුණේ ඔෟෂධීය ගුණය නිසයි. ඉතිහාසය ගැන කතා කරද්දි "එදා හෙළදිව" රචනා කළ රොබට් නොක්ස්
අත්අඩංගුවට පත්වී තිබෙන්නේ සියඹලා ගසක් යට සිටින විට.

අපේ ආයුර්වේදයේ අම්ල වර්ගවලට විශේෂ තැනක් හිමිවුණා. අම්ල වර්ග වලින් කෙරෙන ප්‍රබලතම කාර්යයක් තමයි හදවත් රෝග සුව කිරීම. සියඹලා කියන්නෙත් අම්ල වර්ගයට අයත් ශාකයක්. දෙළුම්, ලක්නාරම් වගේ අම්ල ශාක වගේම සියඹලා කියන්නෙත් හෘදයට ඉතාමත් හිතකර ශාකයක්.

දකුණු ඉන්දියාව, බුරුමය වැනි රටවල තිබෙන සියඹලා ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවුණත් වියළි කලාපයේ බහුලව හටගන්නවා. මේ ශාකයේ නිජබිම ලෙස සැලැකෙන්නේ අප්‍රිකාව. බචථචපඪදඤභඵ ඪදඤඪජභඵ යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් මේ ශාකය හඳුන්වනු ලබනවා.

ඔෟෂධීය ප්‍රයෝජන සඳහා සියඹලා කරල් ගසේ පොතු, කොළ, මල්, සියඹලා බොර, කරලෙ පොතු, ඇට කියන සෑම අංගයක්ම යොදා ගන්නවාසියඹලා බොර කියන්නේ ඉදුණු සියඹලාවල ඇට අයින් කළාම ඉතිරි වෙන තලපය වගේ කොටසට.

මේ බොර පරණ වෙන්න වෙන්න තමයි ගුණ වැඩි. පරණ සියඹලා බොර කල්ක සහ ගුළි අඹරන්නත් ගන්නවා. උදාහරණ විදියට රාමබාණ වටී, ස්වයංවිදුර වටී වැනි ඔෟෂධ හඳුන්වන්න පුළුවන්. ගොඩක් මලබද්ධයට සියඹලා කොළයි, දලුයි, නැටියි කොටා ඒ යුෂ බොන්න දෙනව නම් එයින් මිදෙන්න පුළුවන්.

දින කිහිපයක් එය කරන්න. එහෙමත් නැතිනම් සියඹලා කොළ, නැටි, දලු මුට්ටියක දමා වතුර පත 8ක් දමා එය 1ට සිඳ කෂායක් සාදාගෙන උදේට පත භාගයක් හවසට පත භාගයක් බොන්න. දින 4ක් පමණ මේ කෂාය බොනව නම් මලබද්ධයෙන් මිදෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රුධිරය පිටවන අතීසාර රෝගීන්ටත් සියඹලා කොළ කෂාය ඉතාමත් ගුණදායකයි.

ඒ වගේම පාලනයකින් තොරව සිදුවන අතීසාර රෝගය සුවකරගන්න හොඳ පානයක් මම කියන්නම්. සියඹලා නැටි, කරපිංචා නැටි, පෙති පුවක්, අරළු යන ඒවා කළං 3 බැගින් අරගෙන එයට වතුර පත 8ක් දමා පත එකට සිඳ පෙරාගෙන උදේ, සවස පත භාගය බැගින් එයට සහිඳ ලුණු ටිකක් මිශ්‍ර කර බොන්න.

ඇතැම් අයට සෙම තද වුණාම කැස්සත්, හතියත් හටගන්නවා. එවන් රෝග සඳහා සියඹලා බොර, ඇඹුල් ‍ෙදාඩම් ඇට, මුද්දරප්පලම්, අමු ඉඟුරු, වැල්මී ග්‍රෑම් 12 බැගින් සමව අරගෙන කෂායක් සාදා මී පැණි සමඟ මිශ්‍ර කර උදේ, සවස පත භාගය බැගින් බොන්න.

දින 4ක් පමණ මේ කෂාය භාවිත කරන්න. ගොඩක් දෙනකුට තිබෙන දෙයක් තමයි කෑම අරුචිය. එය මඟහරවා ආහාර රුචිය වඩවන්න සියඹලාවලින් රසවත් පානයක් සාදාගන්න පුළුවන්.

එහි නම චිංචා පානය. සාදන්නෙ මෙහෙමයි. ඉදුණු සියඹලා ග්‍රෑම් 100ක් (ඇට ඉවත් කර ගන්න) බැදපු සූදුරු ග්‍රෑම් 10ක්, වතුර මිලිලීටර් 400ක්, සීනි ග්‍රෑම් 200ක්, සහිඳ ලුණු ග්‍රෑම් 10ක්, බැදපු ගම්මිරිස් කුඩු ග්‍රෑම් 5ක් මේ සඳහා අවශ්‍යයි.

මුලින්ම සියඹලා වතුරේ දියකර හොඳින් පෙරා ගන්න. පසුව එයට සීනි දමා හොඳින් මිශ්‍ර කර අනෙක් ද්‍රව්‍යයත් මිශ්‍ර කර දිනකට දෙවරක් පමණ බොන්න. දින කිහිපයක් මෙය කළෙත් කෑම අරුචිය නැති වෙනවා.

සියඹලා කියන්නේ පෝෂණ ගුණය ඉතාමත්ම අධික ශාකයක්. ප්‍රෝටීන්, කාබෝහයිඩේ්‍රට්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් වැනි පෝෂ්‍ය පදාර්ථ මේ ඔෟෂධීය ශාකයේ පවතිනවා. ඒ නිසාම මෙය ශරීර අභ්‍යන්තරයට වගේම බාහිර පෙනුමටත් වටිනා ශාකයක්.

ඇස් ලෙඩ සුවයටත් සියඹලා ගුණයි. ඇස් රතුවීම, කඳුළු ගැලීම, නගන ඒම වැනි රෝගවලදී සියඹලා කොළ තම්බා ඒ වතුරෙන් ඇස් සෝදන්න. ඒ තැම්බූ කොළවලින් ඇස් වටේ තවන්න. දින කිහිපයක් මෙය කිරීමෙන් සුවය ලබන්න පුළුවන්.

සියඹලා හොඳ වේදනා නාශක ද්‍රව්‍යයක්. තැළුමකදී, ඉදිමුමකදී අමු සියඹලා මද සහ කොළ සිහින් ලෙස අඹරා ළිපේ රත්කර එය වේදනා තැළීම්වල ආලේප කරන්න.

අපේ දේශීය ආයුර්වේදයේ හොඳ ඔෟෂධයක් තිබෙනවා. එහි නම චිංචාශාර. හදන්නෙ මෙහෙමයි. සියඹලා ගසේ පොතු සහ කරල්වල පොතු අරගෙන මැටි බඳුනකට දමා එය තවත් මැටි බඳුනකින් වසා ළිපේ තබා ගිනි දමන්න. ඒ පොතු අළු වනතුරු පුච්චා එය ළිපෙන් බා කුඩුකර ගන්න.

ඉන්පසු ඒ චූර්ණය වතුරෙ දියකර දිනකට දෙවරක් පමණ පානය කරන්න. මුත්‍රා ගල් දියකිරීමට, මුත්‍රා දැවිල්ලට, මුත්‍රාශය ආශ්‍රිත විසබීජ නාශනයට ඒ ඔෟෂධය ගුණයි.

පුරුෂ පාර්ශ්වයට හටගන්නා ගැටලුවක් තමයි ශුක්‍ර උෟනතාව. වන්ද්‍යාභාවයට එය හේතුවක්. ශුක්‍ර වර්ධනය කරන්න සියඹලාවලින් ඔෟෂධයක් සාදාගන්න හැටි මම කියන්නම්. සියඹලා ඇට ස්වල්පයක් අරගෙන ඒවායේ පොත්ත ඉවත් කර ඒ මදය දිනක් වතුරේ දමා තබන්න.

ඉන් පසු ඒ ඇට මද කබලෙ බැද කුඩුකර ඇසුරුමකට දමා තබාගන්න. දිනකට තේ හැන්දක් ජලය හෝ වෙනත් පානයක් සමඟ මිශ්‍ර කර පානය කරන්න. සති කිහිපයක් මෙය කරන්න. ශුක්‍ර වර්ධනයට එය හොඳ
ඔෟෂධයක්.

හදවත් රෝගවලින් සිටින අය වගේම නිරෝගීව ජීවත් වෙන්න ආස කරන අයට බොන්න හොඳ පානයක් තමයි සියඹලා පානය. තේ වෙනුවට මෙය බොන්න පුළුවන්. සියඹලා කොළ මඳ පවනේ වියළා බෝතලයකට දාගන්න. දිනපතා උණු වතුරෙන් තම්බා සියඹලා තේ රස ඔබට විඳගන්න පුළුවන්. රූපලාවණ්‍යය කටයුතු සඳහා සියඹලා වැදගත් වෙනවා.

සමේ ඇති මැරුණු සෛල ඉවත් කරන්න හොඳ ආලේපනයක් තමයි සියඹලා. සියඹලා බොර ස්වල්පයක් සහිඳ ලුණු ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ මසාජ් කරමින් ආලේප කරන්න. අධික වියළි සමත්, අධික තෙල් සමත් ඉවත් කර මධ්‍යස්ථ සමක් ලබන්න. හොඳ පැහැයක් ලබන්නත් එය ගුණාත්මකයි.

සියඹලා බොර සහ හකුරු ටිකක් අරගන්න. එනසාල්, කරාබු නැටි, මිරිස් ස්වල්පය බැගින් වෙනම තබාගන්න. සියඹලා හා හකුරු ජලය ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ළිපේ තබා උකු පදමට සාදාගන්න. ඉන්පසු ඉතිරි ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ළිපෙන් බාගෙන හොඳින් ඇසුරුම් කර තබා භාවිත කරන්න.

සියඹලා බොර ග්‍රෑම් 500ක් අරගෙන එයට වතුර ස්වල්පයක් සහ සීනි අවශ්‍ය පදමට මිශ්‍ර කර ළිපේ තබන්න. ඉන් පසු කරාබු නැටි, කරදමුංගු, කබලෙන් බැද එයට මිශ්‍ර කර උකු පදමට ආ පසුව ළිපෙන් බා බෝතලය කට ඇසුරුම් කර අවශ්‍ය විට කන්න. පාන්, රොටි, ෂෝට්ඊස්ට් සමඟ ආහාරයට ගන්නත් පුළුවන්. මෙය රසවත් ගුණවත් ජෑම් එකක්.

සියඹලා ශාකය සතුව මනස නිරවුල් කිරීමේ ගුණයක් පවතිනවා. එනිසා රා, අරක්කු බීලා අධික ලෙස මත්වූ පුද්ගලයන්ගේ මත මඟහරවන්න සියඹලා පානයක් දුන්න නම් පුළුවන්. මෙය පර්යේෂණ මට්ටමින් අපි තහවුරු කරගත් දෙයක්.

මස්, මාළු ශීතකරණයක නොදැමූ විට නරක් වෙනවා. නමුත් ඉදුණු සියඹලා කරල් බොර මස්, මාළු සමඟ මිශ්‍ර කළොත් ඒවා නරක් නොවන ලෙස කල් පවත්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. එයට හේතුව තමයි මේ ශාකයේ පවතින රසායනික සංඝටකවලට පවතින වැදගත්කම.

- tharunaya.com


gossip lanka