දිස්නේ ගහන ලස්සන සමක් උරුම කර ගැනීමට ඔබ මඟහැරිය යුතු කාරණා 09ක්.

01. වැඩිපුර ක්ලෝරීන්

මෙහෙම කියූ පමණින් ඔබට හිතේවි අපි හැමදාම ස්විමිං පූල් වල බැහැගෙන පීනන්න යන්නේ නෑනේ කියලා..ස්විමිං පූල් එකේ විතරක්ම නෙවෙයි ඔබේ නාන කාමරයේ ජල කරාමයෙන් ගලන වතුරවල පවා උවමනාවටත් වඩ වැඩියෙන් ක්ලෝරීන් මිශ්‍ර වෙලා
තියනවනම් එය ඔබගේ සමට දිගුකාලීනව අහිතකර ලෙස බලපාන්න පුළුවන්


02. නිදියන්නත් මේකප්

ඔබ බිබිලි, ගෙඩි , කුරුලෑ මෙසේ කිරීමේ ආනිශංස ලෙස දහස්වාරයක් අත්විඳ ඇතත් තවමත් මේ වැරද්ද මෙලෙසම කරනවා විය හැක.ඇතම්විට වෙහෙස , කාර්යබහුලත්වය නිසා එහෙන් මෙහෙන් මුහුණ සෝදාගෙන ඇඳට වැටුන දින වල ඔබේ සමට වෙන හානිය සුළු පටු නොවන අතර බාල වර්ගයේ රූපලාවන්‍ය නිශ්පාදන භාවිතා කරන්නේ නම් එය දෙතුන් ගුණයකින් වැඩිකර ගත්තාට කම් නැත. ඉතිරි වන මේකප් සමඟ උදේට සොම්බි පැටවෙකු මෙන් අවදිවනවාට වඩා කම්මැලිකම පැත්තක තියලා හරියට මේකප් ඉවත් කර නිදා ගැනීමෙන් ඔබගේ අද රාත්‍රිය මෙන්ම හෙට දිනයද සුභවනු ඇත

 03. රස වුනාට හමට අගුණ වැඩි කෝපි

කෝපි වල අඩංගු කැෆේන් සම වියලි වීමට හේතුවක්. ඔබට තියෙන්නේ වියළි සමක් නම් ඔබ දිනකට බොන කෝපි කෝප්ප ගණන අඩු කරලා ඒ වෙනුවට ස්වාභාවික පලතුරු යුශ පානයකට මාරු වෙන්න පුළුවන්නම් තමා හමට ගුණ.

 04. මදි නොකියන්න බොන්න වතුර

ඔබත් වතුර බොන්න හොරයිද? එසේ නම් ඔබෙ සමේ තෙතමනය අඩුවී වියළි වීම හේතුවෙන් දීප්තිමත් සමක් ඔබට අහිමිව යා හැකියි. වතුර කියන්නේ නිරෝගි සමකට නියතයක්.

 05. හෙයා ස්ප්‍රේ කොණ්ඩේට මිසක් මූණට නොවේ

ඔබත් අකීකරු කෙස් කලඹ මට්ටු කරන්න අට අනූවක් නව අනූවක් ජාති කොන්ඩේ ගල්වනවා විය හැකියි.ඒත් මතක තියා ගන්න ..ඒ හැමදේම කොණ්ඩේට විතරයි මූණට නොවෙයි..

 06. නිදි වර්ජනය

ඔය කොයි වර්ජනය වගේම නිදි වර්ජනේත් හමට වගේම ඇඟටත් අගුණයි.අඩුම තරමින් පැය 8ක් නොකඩවා නින්දක් ලබා ගැනීම කායික වගේම මානසික සෞඛ්‍යටත් යහපත් කියලයි දොස්තර නෝනලා මහත්තුරු නිර්දේශ කරලා තියෙන්නේ.

 07. දරන්න බැරි වැක්ස්.

කිරීමකින් පසුවම පළුදු වන සම නැවත් පිළිසකර වීමට අවම වශයෙන් සති 3ක් වත් ගත වෙනවා.එම කාලය අතරතුර නැවත නැවත වැක්ස් කිරීම තුලින් ඔබ ඔබේ සමට දැඩි ලෙස හානි කරගන්නවා..මතක තියා ගන්න ඔබට හදිස්සි වුනාට සමට හදිස්සියක් නොමැති බව..

 08. සැපට නාන උණුවතුර

උණු වතුර නාද්දි හරි සනීප උනාට සෑහෙන වෙලාවක් උණු වතුර නෑම නම් හමට සෑහෙන්න අගුණයි.මොකද බොහෝ වෙලාවක් උණුවතුර මල යට රැඳී සිටීම ඔබේ සමේ ස්වාභාවික තෙල් තුලනයට හානි ගෙනදෙන්න පුලුවන්.ඒ නිසා හොඳට මතක තියා ගන්න නාන්නේ උණුවතුර නම් වෙලාව අඩුවෙන් වැය කරලා නා ගෙන්න.

 09. කුරුලෑ මිරිකීම..

ඔව්.. කුරුලෑ කැඩීමත් සමහරුන්ට මිදෙන්න බැරි එක්තරා ඇබ්බැහියක්.හැබැයි මතක තියා ගන්න කුරුලෑ කඩනව කියන්නේ කුරුලෑ සිදුරු වල තව දුරටත් බැක්ටීරියා වර්ධනය වෙන්න ජනේල් දොරවල් හැර දීමයි.මෙච්චර කල් පස්ස දොරෙන් රිංගපු බැක්ටීරියා වලට ඔබම ඉස්සරහා දොර විවෘත කර දීමෙන් සිද්ද වෙන්නේ ඔබේ මුහුනෙ කුරුලෑ අස්වැන්න දෙගුණ තෙගුණ වීමයි.

- tharunaya



gossip lanka