වයිෆ්ගෙන් හංගන්න ඕන සිම්පල් දේවල් 7ක්

කොල්ලො බඳිනකං පිස්සු නට නට ඉඳලා බැන්දම හෙන ‍ලෝයල් වෙන්න යනවා. ඒ විදිහට ලෝයල් වෙන එකෙන් වයිෆ්ලා අනවශ්‍ය ‍දේවල් හිතන්න පටන්ගන්නවා. ඕව පස්සෙ කාලෙක සැක බවට පත්වෙලා එන්නත් බැරි නැහැ. ඒ නිසා කෝකටත් කියලා තමුන්ගේ ප්‍රයිවසියක් තියාගෙන කටයුතු කරන එක කොල්ලෙකුට හොඳයි. නැත්තං පිස්සු හැදෙයි. අද කියන්න යන්නෙ ඒ විදියට වයිෆ්ගෙන්
ෂේප් කරලා තියාගන්න ඕන ‍කරන දේවල් ටිකක්.



1. ඔෆිස් එකෙන් කලින් පනින්න පුළුවන් දවස්

වයිෆ් කෙනෙකුට කවදාවත් ඔෆිස් එකෙන් කලින් පනින්න පුළුවන් වුනොත් ඒ ගැන කියන්න එපා. එක්කො යාළුවෙක් එක්ක පොඩි අඩියක් ගහන්න යන්න. කරන්නම දෙයක් නැත්තං ගෙදර යන්න. ඒක කිසිසේත්ම ගෙදරට කරන  නරකක් නෙමෙයි. හැබැයි එහෙම එක දවසක් හරි කලින් ගියොත් ආයිත් ඊලඟ දවසෙත් වයිෆ් ඒ ටයිම් එකට කෝල් එකක් දීලා ඔයාට ගෙදර එන්න කියනවා සත්තයි. ඒක ඊටපස්සෙ එයා සැක කරන තැනකටත් ඒවි. ඇයි ඔයා ගිය සිකුරාදා කලින් ආවනං මේ සිකුරාදා කලින් එන්න බැරි. මට හොරෙන් කොහේහරි යනවද ? වගේ දෙයක් ඇහුවොත් පුදුම වෙන්නත් එපා.

2. ගෲප් එකේ ලස්සන කෙල්ල

ඔෆිස් එකේ ඔයා ඉන්න ගෲප් එකට ඔයා එක්ක වැඩකරන්න දාපු ලස්සන කෙල්ල ගැන කවදාවත් වයිෆ්ට කියන්නෙපා. මුලින් එයා සතුටු වේවි. පස්සෙ ඉතිං වාතයක් වේවි. මුලින්ම වයිෆ් කරන්නෙ එයා කොහේ කෙනෙක්ද කියලා අහන එක. අපි ඉතිං ඔවුව හොයන්නෙ නැහැනෙ. අපි කියන්නෙ දන්නෑ කියලා. මොනාද අනේ එහෙම දෙයක්වත් දන්නැද්ද එහාපැත්තෙ ඉන්න මනුස්සයගෙ. පස්සෙ දවසක ආයෙ ඕක අපි හොයාගෙන ගිහිල්ල කිවුවොත්, ඒ ඩිංගට ඉන්න පැත්තත් හොයාගත්ත නේද? මොකද ඒ කෙල්ලට හිත කැමතියි ව‍ගේද කියලා ගොං ප්‍රශ්නෙකුත් එන බව මතක තියාගන්න.

3. පඩියට අමතරව හම්බෙන අලවන්ස්

වයිෆ්ට ඉතිං පඩිය හංගන්න වෙන්නෙ නැහැනෙ. පේ ෂීට් එකෙන් හරි එයා දැනගන්නවනෙ. හැබැයි ඔය ඊට අමතරව අතට එන එක එක කෑලි ගැන කියන්න යන්නෙපා. ඊට පස්සෙ ඔය වයිෆ්ලා කියන අමුතු සත්තු ජාතිය ඔලුවෙන් පොඩි ගණනය කිරීමක් කරලා, ඕක විශ්ලේෂණය කරලා භෞමික අඛණ්ඩතාවයට අනුව ඔය සල්ලි සැලෝන් එකට වියදං කරන්න ඕන වගේ නිගමනයකට ආවොත් ඒ ගැන පුදුම වෙන්නත් එපා!

4. යාලුවෙකුගෙ දුක නිවන්න ගහපු අඩිය

කොල්ලොන්ට ඉතිං ප්‍රශ්න තියෙනවනෙ. බැන්දා කියලා නැහැ. කොල්ලෙක්ගෙ ප්‍රශ්නෙකදි ඔය බැඳපු එකාට වුනත් දුක නිවන්න යන්න වෙනව. කිවුවම විශ්වාස කරන්න බැඳපු එවුන්ට තමයි පුදුම විදියට දුක නිවන හැකියාව තියෙන්නෙ. මොකද වයිෆ්ලගෙ බොරු දුක නිවලා ඩේලි එක්ස්පීරියන්ස් එහෙකනෙ කොල්ලො ටික ඉන්නෙ. ඒ නිසා හදිස්සියෙ යාළුවෙකුගෙ දුක නිවන්න ඌ එක්ක අඩියක් ගහන්න වුනොත් ඒ ගැන වයිෆ් එක්ක කියන්න යන්නෙපා. එහෙම කිවුවොත්, මං මේ ඉසි අම්මට යකා වැහුනට හෙන දුකෙන් ඉන්නෙ කොහෙද ඉතිං ඔයාට මං ගැන ගාණක් නෑනෙ… යාළුවො තමයි ලොකු වගේ දෙයක් කිවුවොත් පුදුම වෙන්නත් එපා.

5. ෆේස්බුක් පාස්වර්ඩ්

කවදාවත් තමුන්ගෙ වයිෆ් එක්ක ෆේස්බුක් එකවුන්ට් එකක් බෙදාගන්න හෝ තමුන්ගෙ එකවුන්ට් එකට පාස්වර්ඩ් එක දෙන්නත්, එයාගෙ පාස්වර්ඩ් එක බලෙන් ඇ‍ඟේ ගැහුවා වුනත් ගන්නත් යන්න එපා. එච්චරයි.

6. යාලුවොන්ගෙ ප්‍රශ්න

කවදාවත් යාලුවොන්ගෙ ප්‍රශ්න වයිෆ් එක්ක කියන්න එපා. ඒක තමුන්ට දරාගෙන ඉන්න  බැරිනම් අර යාලුවව නොදන්න වෙනිං තමුන්ගෙ යාලුවෙකුට කියනවා ඇරෙන්න වයිෆ්ට කියන්න යන එකෙන් සිද්ධ වෙන කරදර වැඩියි. වයිෆ් ඔක්කොම ප්‍රශ්න ටික තියාලා ඔයාගෙ යාලුවා ගැන නිගමනවලට ඒවි, එයා ගැන තීරණ අරගෙන ඔයාට වදදේවි, සිද්ධ‍ වෙන්න ඕන විදිය කියාවි, ගෙදර වැඩක්වත් නොකර ඒ ගැන හිතාවි. ඒ නිසා යාළුවොන්ගෙ ප්‍රශ්න ගෙදර ගෑණිට කියන්නෙපා.

7. ඔයාගෙ ප්‍රශ්න

තමුන්ගෙ ප්‍රශ්න තමුන්ගෙ බිරිඳට කියනවනං ඒ ප්‍රශ්නෙ ගැන හැම තිස්සෙම ඇයව අප්ඩේට් කිරීමක් කරන්න වගබලාගන්න. තමුන්ට ඒ දේ කරන්න බැරි තරං බිසී මනුස්සයෙක්නං කවදාවත් තමුන්ගෙ අනිත් ප්‍රශ්න වයිෆ්ට කියන්නෙපා. තමුන්ගෙ මනුස්සයගෙ ප්‍රශ්නෙකදි වයිෆ් කෙනෙක් මැදිහත් වෙන්න හදන ප්‍රමාණය වැඩියි. ඒනිසා එයා දේවල් මිස්කැල්කියුලේට් කරන්න කලින් එයාව දැණුවත් කරවන්න තරං නිවාඩු පාඩුවක් තමුන්ට නැත්තං ඒ ප්‍රශ්න යාළුවෙකුටවත් කියලා විසඳගන්න උත්සාහ කරන එක තමයි හොඳ.

- aniwa.lk




gossip lanka