අහල තියනවද Contouring Makeup Magic එක ගැන?

අපි අද කියන්න හදන්නෙ අළුත්ම මේකප් ට්‍රෙන්ඩ් එකක් ගැන. ඒ තමයි  Contouring Makeup. Contouring Makeup කියන්නේ ඔබේ මුහුණේ හැඩය එහෙමත් නැත්නම් Facial Structure එක වඩාත් ඉස්මතු වී කැපී පෙනෙන ආකාරයට මුහුණේ විශේෂිත කොටස් කීපයක් මතු කර පෙන්වීම. මේ මේකප් ක්‍රමය මුල් කාලයේ භාවිතා කරල තියෙන්නෙ නිරූපිකාවන්ට සහ Photo Shoots වලට විතරක් වුනාට දැන් දැන් මේක සාමාන්‍ය යුවතියන් අතර
වඩාත් ජනප්‍රිය වේගෙන යනවා. ඉතින් අපි බලමු මේ Contouring Makeup එකක් කොහොමද හරියට කරගන්නෙ කියලා.


මේ ඒ සඳහා ඔබට අවශ්‍ය වන දේවල්

1. පව්ඩර් හෝ ක්‍රීම්

ඔබ භාවිතා කරන මේකප් වර්ගය පැහැදිලිව තෝරාගන්න. Contouring Makeup එකක් කරද්දි ඔබ භාවිතා කරන Foundation එක සහ Contouring සඳහා භාවිතා කරන දේවල් එක්කො සියල්ලම පව්ඩර් වර්ග විය යුතුයි නැත්නම් ක්‍රීම් වර්ග විය යුතුයි. පව්ඩර් සහ ක්‍රීම් කලවමේ භාවිතා කරන්න එපා. Contouring Makeup  එකක් සඳහා වඩා සුදුසු පව්ඩර් ආලේපන වුවත් ඔබ මේකප් වලට අළුත් කෙනෙක් නම් ක්‍රීම් ආලේපන භාවිතය වඩා පහසුයි.

2. මැට් මේකප්

Contouring Makeup එකක් කරද්දි මතක තියාගන්න ඕන මූලිකම දෙයක් තමයි මැට් මේකප් පාවිච්චිය. දිලිසෙන ස්වභාවයක් එන මේකප් ද්‍රව්‍ය වලින් එකක් සාර්ථකව කරගන්න බැහැ. ඒ වගේම මෙහි පළමු පියවර තමයි Foundation එක. එය තමන්ගේ හමේ පැහැයට සමානව ගත යුතුයි.

3. ශේඩ්ස් දෙකක් පමණ ලා තද පාට Foundation

ඔබේ සමේ පැහැයෙන් Foundation ආලේප කල පසු ඔබ එම පැහැයට වඩා ශේඩ්ස් දෙකක් පමණ ලා පාට සහ  ශේඩ්ස් දෙකක් පමණ තද පාට Foundation දෙකක් ගන්න. මතක තබා ගන්න වඩාත් ස්වභාවික පෙනුමක් එන මේකප් එකක් අවශ්‍ය නම් ශේඩ්ස් දෙකකට වඩා වැඩි ලා හෝ තද පාට Foundation එකක් ගන්න එපා.

4. හොඳ Blending Brush එකක්

දැන් ඔබට අවශ්‍ය වෙන්නෙ හොඳ Blending Brush එකක්. Contouring Makeup එකකදි අපි කරන්නෙ හයිලයිට් වෙන්න ඕන තැන් හයිලයිට් කිරීමත් ශේඩ් කරන්න ඕන තැන් ශේඩ් කිරීමත්. මේ සඳහා භාවිතා කරන වර්ණ දෙක ඔබේ සමේ පැහැය සමඟ වීම ඉතා වැදගත්. නැත්නම් එය ඔබට කෘතිම පෙනුමක් ගෙන දේවි. හැකි හැමවිටම බ්‍රශ් දෙකක් පාවිච්චි කරන්න. ඔබ ක්‍රීම් ආලේපන පාවිච්චි කරනවා නම් ඔබට බ්‍රශ් එකකුත් නැත්නම් වඩාත් සුදුසු ඔබේ ඇඟිලි තුඩු භාවිතය. ඔබ ක්‍රීම් ආලේපන පාවිච්චි කරනවා නම් ඔබට බ්‍රශ් එකකුත් නැත්නම් වඩාත් සුදුසු ඔබේ ඇඟිලි තුඩු භාවිතය. එහෙමත් නැත්නම් ස්පොන්ජ් එකක් අරගන්න.

මෙහෙමයි මේකප් එක කරගන්නෙ

මුහුණ හොඳින් පිරිසිදු කරගන්න

මුලින්ම ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. කලින් අනිවා මේකප් ලිපියකිනුත් මේ ගැන සඳහන් කලා. ඕනම මේකප් එකක් කරද්දි ඔබේ මුහුණේ පිරිසිදුකම ඉතා වැදගත්. හිසකෙස් පසුපසට සිටින අකාරයට මුහුණට කෙස් නොවැටෙන්න හොඳින් ගැටගහගන්න. සාමාන්‍ය ආකාරයට ඔබේ සමේ පැහැයෙන් Foundation සහ Concealer ආලේප කරගන්න.

ඉර එළිය කෙලින්ම පතිත වන ස්ථාන

ඔබේ මුහුණේ ඉර එළිය කෙලින්ම පතිත වන ස්ථාන හඳුනාගන්න. මේ සඳහා ඔබේ හිසට ඉහළින් ලයිට් එකක් ඇති කාමරයකට ගොස් එහි එළිය ඔබේ මුහුණේ පතිත වන ස්ථාන සිහි තබා ගන්න. (ඔබේ නළල මැද, ඇහි බැමට ඉහළ, නාසය මැද දාරය, කම්මුල්වල ඉස්සුනු කොටස (ඇසට පහළින්), නාසයත් උඩ තොලත් අතර සහ නිකට)

දැන් ඔබේ සමේ පැහැයට වඩා ශේඩ්ස් දෙකක් ලා පැහැ එක ගෙන අඟල් 1\2ත් අඟලත් අතර ඉරි එම ස්ථානවල ආලේප කරන්න.

ඉර එළිය පතිත නොවන අඳුරු ස්ථාන

දැන් පෙර පරිදිම ඔබේ මුහුණේ ඉර එළිය පතිත නොවන අඳුරු ස්ථාන හඳුනාගන්න. (නළලේ Hairline එක ලඟ ප්‍රදේශය, නළලේ දකුණු සහ වම්පස Hairline එකට ලඟ ප්‍රදේශය, නාසයේ දෙපස, කට උල් කල පසු වල ගැසෙන කම්මුලේ දෙපස, හකු ප්‍රදේශය (කණ ලඟ සිට නිකට තෙක්)

දැන් එම ස්ථාන වල පෙරට වඩා සිහින්ව තද පාට Foundation එකෙන් ඉරි ඇඳගන්න.

Blending

Contouring Makeup එකේ ෆිනිශින් එක ලස්සන වෙන්නෙ මෙන්න මේ අන්තිම පියවරෙන්. එක ගෙන මුලින්ම ලා පැහැය ගාගත් ප්‍රදේශය බ්ලෙන්ඩ් කරගන්න. පසුව වෙන බරශ් එකක් ගෙන හෝ ඒ බ්‍රශ් එකෙන්ම තද පැහැය සහ ලා පැහැය කෙටි රවුම් ආකාරයට බ්ලෙන්ඩ් කරගන්න. මේ වීඩියෝ ලින්ක් එක ඔබට ඒ සඳහා සහයක් වේවි.

Final Touch

දැන් ඔබට අවශ්ය නම් ඇස් යට ප්‍රදේශයට Highlight එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කම්මුල් වලට වඩා ප්‍රාණවත් පෙනුමක් ලබා දෙන්න බ්ලශ් කරන්නත් අවසාන වශයෙන් අයි මේකප් එක සහ ලිප්ස්ටික් වලින් මේකප් එක අවසන් කරන්න. ඔබ ක්‍රීම් ආලේපන පාවිච්චි කලා නම් අවසානයට මැට් පෙනුමක් ලබාගන්න Setting පව්ඩර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. රාත්‍රී සාදයකට වගේ නම් තරමක් දිලිසෙන අයි ශැඩෝ භාවිතයෙන් වඩා සුන්දර පෙනුමක් ලබාගන්න.

- aniwa.lk


gossip lanka