සිරුරින් ටිකක් පිරිපුන් තත්ත්වයේ සිටින අපේ සමහර හිතවතුන්ට තියෙන හිසරද වලින් එකක් තමා තමන්ට ගැලපෙන ඇඳුම් තෝරා ගන්නේ කොහොමද කියලා. මොන තරම් විලාසිතා වලට කැමති වුනත් තමන්ට ගැලපෙන ප්‍රමාණයට ඇඳුම් නැති වීම නිසා හිස් අතින් ඇඳුම් කඩවලින් එලියට එන අපේ හිතවතුන් ඉන්නේ හරිම කලකිරීමෙන්.
අනෙක් අතට අපි ෂර්ට් එකක් කලිසමක් එහෙම ගන්න ගියාම අපේ සිරුර විශාල නිසා අනිවා අවශ්‍ය වන්නේ විශාල ප්‍රමාණයේ ඇඳුම්. ඒත් ඉතින් ඇඳුම්
කඩවල් වල ඉන්න සහායකයෝ කිසිම වග විභාගයක් නැතුව අපේ මුණ දිහා බලල “ඔයාගේ සයිස් එකට ඇඳුම් නැහැ” කියනකොට දෙන්න හිතෙන්නේ හොම්බ කට සමතලා වෙලා යන්න.
මහත හිතවතුන් බොහෝ දෙනෙක්ට තමන්ට ගැලපෙන විලාසිතා තෝරාගන්න සමහර වෙලාවට අවබෝධයක් නැති වෙන අවස්ථා තිබෙනවා. එහෙම වෙලාවට මතකෙට නගා ගන්න පුළුවන් අනිවා ප්‍රයෝජනවත් වෙන තොරතුරු කිහිපයක් තමා අද අපි ඔබට කියන්න හදන්නේ.
1. අඳුරු පැහැති වර්ණ
ගොඩක් වෙලාවට කළු, අළු, මෙරූන් වගේ පාටවල් ඔබට ගැලපේවි. අඳුරු පාට වලින් මහත අයව කෙට්ටු වෙලා පේනවා විතරක් නොවෙයි. ඇඳුමේ කුණු ගෑවුනත් එතරම් අවුලක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. ගිනිගහන මහා දවාලේ කළු ඇඳගෙන යන එක තරම් මෝඩ කමක් තවත් නැහැ. කළු ඇඳගෙන දවල්ට ගියොත් ඉතින් අබ සරණයි කියලා තමා කියන්න වෙන්නේ.
2. කතිර විලාසිතා හෙවත් චෙක් ෂර්ට්
චෙක් ඩිසයින්ස් කිව්වම ඕනෙම කෙනෙක් දන්නවා මේ මොනවා ගැනද කතා කරන්නේ කියලා. ගොඩක් වෙලාවට තිරස් අතට ඉරි තියෙන ඩිසයින් වලට වඩා සිරස් අතට ඉරි තියෙන ඩිසයින්ස් වල ෂර්ට්, ටී ෂර්ට්ස් එහෙම තෝරාගන්න පුලුවන්නම් ඔබට ඔබේ සිරුරේ උස බව හයිලයිට් කරලා පෙන්නන්න පුළුවන්. එතකොට නිකම්ම පේන්නේ ඔබේ මහත අඩුවෙන්.
3. ස්ලිම්ෆිට් නම් වානා
ඔබ දැන් බලයි ස්ලිම් ෆිට් මොකෝ එපා කියන්නේ කියා. දැන් අලුත් ට්‍රෙන්ඩ්සෙටර්ස්ලා ස්ලිම් ෆිට් ඇන්දට අපි මතක තියාගන්න ඕනේ අපි මහත අය බව. අනික අපේ ෂර්ට් සයිස් එක 18 කියලා හිතමු. එහෙම කෙනෙක්ට සමහර වෙලාට ෂොප් ඇසිස්ටන්ට් කෙනෙක් 17.5 ස්ලිම්ෆිට් එකක් දෙන්න ඉඩ තියෙනවා. එහෙම උනාම කොලර් සයිස් එක බලලා ඇති කියල හිතලා ගෙදර අරං එන්න එහෙම හිතන්නවත් එපා. ස්ලිම් ෆීට් ෂර්ට් වලින් කරන්නෙ අපේ ඇඟට ඇලිලා වගේ පේන විදියට ෂර්ට් එක අපේ ඇඟට සෙට් වෙන එක.
4. ඩෙනිම් – “රේගියුලර් ෆිට්”
ඔබ ඩෙනිමක් ගන්නකොට කොහොමද තෝරාගන්නේ. මේ වෙනකොට ගොඩක් වෙලාවට මාකට් එකේ තියෙන්නේ ස්ලීම් ෆිටඩ් ට්‍රවුසර්. ඒ නිසා ඔබ යන වෙළඳ ආයතනයේ වෙළඳ සහයකයාගෙන් නිතරම රෙගියුලර් ෆිට් ඩෙනිමක් ඉල්ලා සිටින්න. මොකද රෙගියුලර් ෆිට් ඩෙනිමක් කියන්නේ කිසිදු විශේෂත්වයක් නැති නියම ඔතෙන්ටික් ලුක් එකක් තියෙන ඩෙනිම් කලිසම්. ඔබට හරියන විදියටයි ඒ කලිසම් සැකසුම් කරලා තියෙන්නේ.
5. බ්‍රෑන්ඩඩ් බඩු
මේක සමහර වෙලාවට හරිම පිස්සු කතාවක් කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මොකද මහා විශාල මිලක් ගෙවලා ගන්න ඇඳුමයි. ඒ ගානෙන් භාගයක් ගෙවලා කොපියක් ගන්න පුළුවන් වෙන කඩේකින්. කතන්දරේ මේකයි. බ්‍රැන්ඩඩ් ගත්තම කල්පැවැත්ම වැඩියි.
උදාහරණයක් විදියට ඔබ යුරෝපියන් සයිස් 46 ටිම්බර්ලෑන්ඩ් සපත්තු කුට්ටමක් ගන්නවා නම් ඔබට රුපියල් 12,500කට වඩා වැඩි මිලක් ගෙවන්න වෙනවා ඒකාන්තයෙන්ම. ඒත් ඔබ ඒ පාටම ඒ ප්‍රමානෙම ඒ වර්ගෙම රෙප්ලිකා ෆුට් වෙයා එකක් ගන්න පුළුවන් ලාබ කඩේකින් ඒ ගානෙන් භාගෙකට. ඒත් කල් පැවැත්ම තියෙන්නේ ඉන්තේරුවෙන්ම අර වැඩි ගානක් දීලා ගන්න සපත්තු කුට්ටමේ තමා.
6. එහෙනං මොනවගේ එව්වද අපිට හරියන්නේ??
අපිට හරියන්නේ විලාසිතාවක් කරනවා නම් සම්පුර්නම ඇඳුම. ඒ කියන්නේ ඕනෑම විලාසිතාවක ෆුල් සූට් එක. නිදසුනක් විදිහට යුරෝපියානු ඇඳුමක් ඔබ ගන්නට උත්සහ කරනවා නම් ඔබ ගත යුත්තේ, බ්ලෙසරය, කලිසම කොටස් දෙකම එකටයි. එහෙම ඇන්දම නොදැනුවත් කම නිසා අඩුපාඩු සහිතව විලාසිතා කරපු අය අතර ඔබව ප්‍රමානයෙනුත් පෙනුමෙනුත් විලාසිතාවන්ගෙනුත් මුල් තැන ඔවුන් නිරතුරුව තබාවි.
- aniwa.lk
පොඩ්ඩක් බර වැඩි අය ඇඳුම් තෝරා ගන්නේ කොහොමද?
2018-05-15T03:13:00-07:00
Gossip Lanka Hot News
slide|