අපේ නිවෙස් වල සුරතලයට ඇති දැඩි කරන සතුන් අපේ පවුලේම කොටසක් වගෙයි. අපිට වෙන වැඩ, යාළුවො ගොඩක් හිටියට, එයාලගෙ ජීවිතේම ගොඩ නැගී ඇත්තේ අප වටය. අපේ ආදරය ලබමින්, අපිට ආදරය පළකරමින් ජීවත් වෙන එයාලට අපි ඇරුණහම වෙන යාලුවෙක් හෝ පිහිටක් නෑ. ඉතින් ඒ අයගැන නිතරම හොයල බලල එයාලව රැකගන්න එක අපි අතින් අනිවා වෙන්න ඕනෙ දෙයක්.
ඉතින් අපි අද මේ කියන්න යන්නෙ ඔබේ නිවසේ ආදරයෙන් රැකබලාගන්නා පූස්, බලු සුරතලුන්ට
අහිතකර වන දේවල් කීපයක ගැන. ඔබත් ආදරය නිසා නොදැනුවත්ව මේ දේවල් ඔබේ සුරතලාට දෙනවානම් වහාම එය නවත්වන්න.
1. චොක්ලට් – ඔබේ සුරතලාට මරණය පවා ළඟාකල හැකියි
චොකලට් කියන්නෙ අපේ නිවෙස්වල නිතර නිතර ආහාරයට ගැනෙන දෙයක්. අපි ආහාරයට ගන්නා චොකලට් කෑලි වගෙම චොක්ලට් කේක්, පුඩිං, බීම වගේ චොකලට් යොදාගත් ආහාරත් ඔබේ සුරතලුන්ට ඉතා අහිතකර බව ඔබ දැන සිටියාද?
චොකලට් වල අඩංගු තියොබ්‍රෝමයින් (Theobromine) රසායනය බල්ලන් බළලුන් වැනි සතුන්ට ඉතා විෂදායක වන අතර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔවුන් වමනය, හදවතේ ගැස්ම වැඩිවීම වැනි තත්ත්වයන්ට ගොදුරු වන්නට ඉඩ තිබෙනවා. වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් ඔබේ සුරතළා මරණයට පවා පත්විය හැකියි.
ඉතින් ඔබ හෝ ඔබේ දරුවා ආදරය වැඩි කමට නිවසේ පූස්, බලු සුරතලුන්ට චොකලට් ආහාර දෙනවානම් වහාම එය නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ මීටරය භාවිතාකිරීමෙන් ඔබේ බලු සුරතලාට විෂදායක වන චොකලට් ප්‍රමාණ ගැන දැනුමක් ලබාගන්න ඔබට පුලුවන්.
2. කිරි – ඔබේ සුරතලාගේ බඩ ලෙඩ කරවයි
“අපෝ අපිනම් හැමදාම කිරි කෝප්පයක් දෙනව අපේ සුරතලාට”
කිරි කියල දැකපු ගමන් ගොඩක් දෙනාට එහෙම හිතෙයි. කිරි කියන්නෙ චොකලට් තරම් මාරාන්තික වන කෑමක් නෙමෙයි. ඒ උනත් කිරි වල ඇති ලැක්ටෝස් කියන සීනි වර්ගය දිරවාගැනීමේ අපහසුවක් අපේ මේ සුරතලුන්ට තිබෙනව. ඒ නිසා නිතර කිරි දීමෙන් ඒ අය ටික ටික ලෙඩ වෙන්න තිබෙන ඉඩ වැඩියි.
අතීසාරය, ගැස්ට්‍රයිටිස් වැනි රෝග වලට ඔබේ සුරතලා පත්වීමට ඉඩ ඇති බැවින් නිතර නිතර කිරි දීමෙන් වැළකීමට යහපත් වනවා.
3. රතු ලූණු සහ සුදු ලූණු – රතු රුධිරානු වලට හානි කරයි
ලූණු වල අඩංගු ඇතැම් රසායනික, බල්ලන් සහ බළලුන්ගේ ශරීරයට ඉතාම විෂදායක වනවා. ලූණු වැඩිපුර ඇති ආහාරවලින් ඒවා ශරීරයට වැඩිපුර අවශෝෂනය කරගත්තොන් එයින් ඔවුන්ගේ රතු රුධිරානු වලට හානි පැමිණීමටත් ඔබේ සුරතලා රක්ත හීනතාවයට ගොදුරු වීමටත් පුලුවන්.
සමහරු පුරුදුවෙලා තියෙන්නෙ ඒ අය එදිනෙදා ගන්නා බත් ව්‍යංජන ආදියම සුරතලුන්ට දීමටයි.අපේ එදිනෙදා ආහාර වල ලූණූ සුදුලූණු යහමින් අඩංගු වන නිසා මේ තත්වය එතරම් යහපත් නොවන බව කිව යුතුයි. ඔබේ සුරතලාට ගැලපෙන විදිහට වෙනමම ආහාර පිළියෙල කරන්නට නිතරම වගබලාගන්න.
4. කෝපි සහ තේ – සුරතලාව හැම අතින්ම රෝගී කරයි
කෝපි සහ තේ කියන්නෙ අපි නිතරම පාහේ බීමට ගන්නා පානයන් දෙකක්. අපිට ප්‍රබෝධයක් ගෙන එන පානයන් උනාට ඔබේ සුරතලාටනම් මේ බීම ලං කරන්නවත් එපා. මේවායේ ඇති කැෆීන් නිසා ඔවුන්ගේ හෘදය, ආමාශය සහ බඩවැල් වැනි ඉන්ද්‍රියන්ට හානි වන්නට ඉඩ තිබෙනවා. අධික රුධිර පීඩනය, අධික වෙහෙසකාරී බව ඇතිකර ඔබේ ආදරණීය සුරතලාව රෝගී කරවන්න පුලුවන් භයානක පානයන් දෙකක් තමයි මේ.
5. මිදි – වකුගඩු අක්‍රිය කරවයි
බළලුන්ට වඩා මිදි කෑමට ප්‍රියතාවයක් දක්වන්නේ සුරතල් සුනඛයින් තමයි. එසේ වූවත් වැරදීමකින් හෝ ඔවුන්ට මිදි හෝ වියලි මිදි ආහාරයට දීම නුසුදුසුයි. ඒවා ඔවුන්ගේ වකුගඩු වලට ඉතා අහිතකර අන්දමින් බලපාන අතර වකුගඩු අක්‍රිය කිරීමෙන් ඔවුන්ට මරණය පවා කැඳවිය හැකි ආහාරයක් වනවා.
6. ලුණු – ලුණු වැඩි ආහාර භයානකයි
සාමාන්‍යයෙන් අපි කොහොමත් ආහාර හදද්දි යම් ප්‍රමාණයක ලුණු භාවිතා කරනව. එහෙම ප්‍රමාණයක් ඔබේ සුරතලාට හානිකර වන්නෙ නැහැ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ශරීරයේ පැවැත්මට ලුණු කියන්නෙ අවශ්‍ය ද්‍රව්‍යයක්.
කෙසේ නමුත් අධික ලුණු ප්‍රමාණවලින් යුතු ආහාර ද්‍රව්‍ය ඔබේ සුරතලාට හානිකර අන්දමට බලපාන්න පුලුවන්. ඒ මගින් ඔවුන්ගේ සෛල වල ක්‍රියාකාරීත්වයට හානි වන්නටත් වමනය, අධික ලෙස මුත්‍ර සහ මළපහ පිටවීම සහ පිපාසය ඇති කිරීමටත් ඒවා සමත් වනවා.
7. මස්කටු – මේ වගේ කටු දීමෙන් ප්‍රවේසම්වන්න
විශේෂයෙන් සුනඛයන් මස්කටු සැපීමට ඉතාම කැමැත්තක් දක්වනවා. මස්කටු වලින් ඔවුන් ලැබෙන හිතකර ප්‍රතිඵලත් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය කැල්සියම් ඛනිජ ලවණද ඔවුන්ගේ දන්ත සෞඛ්‍යයටද මේවා හිතකරයි.
කෙසේ නමුත් කුකුල් මස් වල එන කුකුලු කකුල් කටුව වැනි තියුණු කැබලි වලට කැඩී වෙන්වෙන අන්දමේ කටු ඔවුන්ට දීම එතරම් සුභදායක නැහැ. ඒවා උගුරේ සිරවීම සහ බඩවැල්වල හානි පැමිණවීම මගින් ඔබේ සුරතලාව රෝගී කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මස් කට්ටක් හපන හැම වෙලේම ටිකක් ඈතින් පරික්ෂාවෙන් හිටියොත් හොඳයි.
8. පැනඩෝල් (පැරසිටමෝල්) – අපිට හොඳ උනාට එයාලට හොඳ නෑ
උණක් ඔලුවෙ කැක්කුමක් එහෙම ආපු වෙලාවකට අපිට මුලින්ම මතක් වෙන දෙයක් උනාට පැනඩෝල් වැනි පැරසිටමෝල් පෙති වර්ග ඔබේ බලු පූස් සුරතලුන්ට ඉතා හානිකර විය හැකි විෂක්. ඒවා ඔවුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල රැඳී සිටිමින් කල් යත්ම වකුගඩු අක්මා ආදි භයානක රෝග තත්වයන්ට ඔවුන්ව ගොදුරු කරවන්නට සමත් වනවා.
- aniwa.lk
ඔබේ පවුලේ සුරතලාගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න කියවන්න
2018-03-10T02:13:00-08:00
Gossip Lanka Hot News
slide|