මේ රස්නේ කාලේ Heat Strokes ගැන දැනන් ඉන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

1. මොකද්ද මේ උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතය සහ අවසාදය?
කොටස් දෙකයි.

උෂ්ණත්වය නිසා ඇතිවන රෝගී තත්වයන් වර්ග දෙකකට බෙදා දක්වන්නට පුළුවන් වෙනවා. එකක් නම් උෂ්ණත්වය නිසා ඇතිවන අවසාදය සහ අනෙක උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතය යන කොටස් දෙකයි. මෙයින් බරපතලම තත්වය වන්නේ
උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතයයි.

i. ආඝාතය

ආඝාතය තුලින්  සිදුවන්නේ ඔබේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ට වඩා එහා ගියොත් සහ ඊට අමතරව ඌන දහදිය දැමීම සහ වෙනත් ස්නායුමය සංකුලතා වල එකතුවක් විදිහට ගැනීමයි. මෙසේ අපේ සිරුරේ දහදිය දැමීමට ඇති හැකියාව අඩුවීම සහ ශරීර උෂ්ණත්වය ඉහල යාම හදවත් ආබාධයකට ප්‍රධානතම සාධකය බවට පත්වෙනවා. ඊට අමතරව හදවත් ස්ඵන්දනය ඉහළයාම, හිසරදය, ඔක්කාරය, වමනය, පාචනය වැනි තත්වයන් මෙනි අතුරු පෙරනිමිති ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.

ii. අවසාදය

උෂ්ණත්වය නිසා ඇතිවන අවසාදය ශරීරයේ පවතින උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළයාම හේතුව එක් අවස්ථාවක දී එය සිරුරට දරාගැනීමට නොහැකි මට්ටමට පැමිනුණ විට ඇතිවන ප්‍රතිපලයයි අපි heat exhaustion එහෙමත් නැතිනම් උෂ්ණත්වය නිසා ඇතිවන අවසාදය යන නමින් හඳුන්වන්නේ.

මේ සාමාන්‍යයෙන් ජනවාරි සිට මැයි මාස තුල සාමාන්යෙන් රස්නේ ඉහලයි. එත් මේ වසරේ සාමාන්‍ය වසර වලට වඩා දිවා කාලයට පරිසරයේ ඇති අධික උෂ්ණත්වය නිසා අපේ රටේ උනත් මේ දේවල් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා උෂ්ණත්වය නිසා ඇතිවන අවසාදයෙන් අප ප්‍රවේසම් වීමට අපි එයින් මිදීමට මේ ප්‍රතිකර්ම ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.

2. අවාසිය

උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතයට නියමිත පරිදි ප්‍රතිකාර නොකළහොත් බොහෝ බරපතල වෙන්නට පුළුවන්. මෙහි ඇති අවාසිය වන්නේ වෙනත් ආඝාතයන් මෙන් කලින් රෝගී තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකර්ම කරන්නට ඇති අපහසුවයි.


3. ඇත්තටම අපේ සිරුර ඇතුලේ මොකද වෙන්නේ?

බොහෝ අවස්ථාවල මෙම රෝගී තත්ත්වය ඇතිවන්නට හේතුවන්නේ ක්‍රමිකව ඉහල නැංවෙන සිරුරේ උෂ්ණත්වය නිසා සිරුරට දැනෙන විජලනමය ගතියයි. මෙම විජලනය වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට , වයස සහ සිරුරට උෂ්ණත්වය දරා ගැනීමට ඇති හැකියාව අනුව වෙනස් වෙනවා.  ඒ නිසා ඔබ සිටින්නේ අධික පාරිසරික උෂ්ණත්වයක් සහිත පරිසරයක නම්  වහාම ඉන් ඉවත් වී සිටීම ගුණදායක වෙනවා.

4. රෝග ලක්ෂණ

කාරනා කාරනා අතර සංකුලතාවය,  ආවේගශීලි වීම, එක් අවධානයක නොසිටීම, අධික දහදිය සහ හදිසියේ ඇතිවන කෝමා තත්වයන් වගේ රෝගී තත්වයන් පහල කරනවා නම් ප්‍රවේසම් වන්න ඔබට මේ පහල වී ඇත්තේ උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතය ඇතිවන්නට පෙර ඇතිවන රෝග ලක්ෂණයි.

මෙයට අමතරව අධික උෂ්ණත්වයකට නිරන්තරව නිරාවරණය වීමත් මෙම ආඝාත තත්ත්වය ඇතිවන්නට හේතුව වෙනවා. ඔබ අධික පරසර උෂ්ණත්වයකට නිරාවරණය වෙන්නටම අවශ්‍ය නැහැ. උදුනක් අසල, පෝරණුවක්, එහෙමත් නැතිනම් ගිනි ගොඩක් අසල රැඳී සිටීමත් ඊට හොඳටම ප්‍රමාණවත්.

කුඩා දරුවන්, වැඩිහිටියන්, ජවන හා පිටිය ක්‍රීඩකයන්, එළිමහනේ වැඩ කරන පුද්ගලයින් මෙම උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතය ඇතිවන්නට වැඩිම අවස්තාවක් සහිත අය බව හඳුනාගෙන තිබෙනවා.

5. අවධානමට පෙර සුදානම


  • හැඳ සිටින ඇඳුම තද ඇඳුමක් නම් වහාම එය බුරුල් කරන්න. නියමිත පරිදි වාතාශ්‍රය ලබා දෙන්න.
  • දහවල් කාලයට උෂ්ණත්වය වැඩිනම් නිවසට වී සිටීම නුවනට හුරුයි. ඒත් නිවස තුල හොඳින් වාතාශ්‍රය ලැබෙනවාදැයි සැලකිලිමත් වන්න.
  • අධික ඌශ්න දවසක වාහන ඇතුලට වී කොටුව සිටින්න එපා. මෙයට අමතරව ළදරුවන්, දරුවන් සහ ඔබේ සුරතල් සතුන් එළිමහනේ නවත්වා ඇති මෝටර් රථවල තබා යෑම ඉතා භයානක වෙනවා.  මෙයට හේතුව නම් සාමාන්‍ය උෂ්ණත්වයකදී පවා මෝටර් රථයක් තුල තිබෙන උෂ්ණත්වය ඉහල අගයක් ගන්නට ඇති හැකියාවයි.
  • හොඳින් ජලය පානය කරන්න. ජලය සිසිල් කල ඇත්නම් වඩාත් සුදුසුයි.  මතක තබා ගන්න දියර වර්ග වලින් ජලය පමණයි දිය යුත්තේ. සීනි සහිත සෝඩා බිම වර්ග, කාබනේටඩ් බිම වර්ග වලින් වෙන්නේ තවත් විජලනය වීම පමණයි.


6. අවධානමට ප්‍රතිකාර


  • ඉහත කියූ රෝගී ලක්ෂණ පහල කරනවා නම් රෝගියාව වහාම සිසිල් පරිසරයකට ගෙන ගොස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය අඩුවන ලෙසට ප්‍රතිකාර කරන්න. ළඟ පාතක AC සහිත සාප්පුවක් ඇත්තේ නම් එයට ගොඩවෙන්න.
  • අයිස් වතුර බීමට දෙන්න. ඇඳුම් ලිහිල් කරන්න. පවන් සලන්න. අත් යටට අයිස් පැක් එකක් තැබීම සහ ගෙල අවට අයිස් වතුරෙන් පිස දැමීම හොඳ උපක්‍රමයක්.
  • කෙසේ වෙතත්, කෙතරම් සුව වුවත්, රෝගියාව ලඟම පිහිටි රෝහලකට ගෙන යන්න.






gossip lanka