මෙහෙම කිව්වට අපේ හිත දන්නවා ඇත්ත එහෙම නෙවෙයි කියලා. අපි බහුතරයක් දෙනා ජීවිතේ වැදගත්ම තීරණ ගන්න වෙලාවට ඔය කුලය කියන කාරණාව එකතු කරගන්නවා අපේ තීරණ වල කොටසක් විදියට. මේක සමාජයෙන් ඉවත් වෙලා යායුතු දෙයක් වුනාට සමාජය ඇතුලේ මුල් බැසගෙන තියෙන දෙයක් වෙලා. ඉතින් අද අපි මේ උත්සාහ කරන්නේ සමාජය ඇතුලේ අපට කුලය කියන
කාරණාව ඉස්මතු වෙන තැන් ගැන පොඩි විස්තරයක් ඔබ වෙතට කියන්නයි.
1. කසාදය
කසාදය කියන්නේ මේ කාරණාව ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන අවස්ථාව. ඒ කියන්නේ නිකමට බලන්න ලංකාවේ මංගල යෝජනා තියෙන පත්තර පිටුවක් අරගෙන. ගොඩක් මංගල යෝජනා ආරම්භ වෙන්නේම කුලය ගැන කියලා එතන සිට අර තෝම්බුව දිග හැරගෙන තමයි.
අනික කුල දෙකක් අතරේ විවාහ සිද්ධ වෙනවා කියන්නේ ඉස්සර ගම්මාන අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙන්න හොඳ හේතුවක් වුණා. ඒ වගේම වර්තමානයට වඩා බොහොම වැඩියෙන් කුලය කියන කාරණාව ගැන අතීතයේ දී කතා වුනාට මොකද වර්තමානයේත් ඒවා නැත්තට ම නැති වෙලා කියලා අපිට කියන්න නම් බැහැ.
2. දේශපාලනය
ජාති බේද, ආගම් කුල බේද වලින් තොර දේශපාලනයක් කියලා කිව්වට මොකෝ දේශපාලනයත් රැඳිලා තියෙන්නේ කුලය මතම තමා. කෙනෙක් ඡන්දය ඉල්ලන්න යනකොට තමන්ගේ කුලය සහ එම කුලවතුන්ගේ එකතුව ගණන් බලනවා. ඡන්දය භාවිතා කරන්නාත් තමන් ඡන්දය භාවිතා කරන්නේ කුමන කුලයේ සිටින්නෙකුට දැයි වරක් නොව දෙවරක්ම සිතන අවස්ථා තිබෙනවා.
සමහර වෙලාවට ගම් ප්‍රදේශවල එක් එක් කුල නියෝජනය කරන ජන කණ්ඩායම් වැඩියෙන් සිටින නිසා ඔවුන්ගෙන් බහුතරය නියෝජනය කරන කෙනෙකුව තෝරා පත් කර ගන්නට බොහොම කැමතියි. ඉතින් එහෙම අවස්ථාවක කුලය කියන්නේ සමහරුන්ට බලයට එන්න රුකුලක් බවට පත් වෙනවා.
මේ ප්‍රවණතාව ගම්බද පළාත්වල බොහොම තදින් දකින්නට තිබෙන බව නම් කියන්නට ම ඕනේ.
3. උදව්වක් ගනිත්දී
මේ තමයි මේ ලයිස්තුවේ තිබෙන නරකම කාරණය, අපේ ගම්වල සමහර අය, කෙනෙකුගෙන් උදව්වක් අරගෙන මෙන්න මෙහෙම කියන අවස්ථා තියෙනවා.
ෂඃ නියම මනුස්සයා, මෙයා අහවල් කුලේ නිසා කිසි අවුලක් නැතුව ඒ උදව්ව කරලා දුන්නා මට, මොකද මමත් ඒ කුලේ නේ.
තමන් උදව්වක් ඉල්ලු තැනැත්තා ඒ උදව්ව කලේ අන් කිසිවක් නිසා නොව තමන් සහ ඔහු යන දෙදෙනා ම ඒ කුලේ කියනා කාරණාවයි ඔහු ඉස්මතු කරන්නට උත්සහ කරන්නේ. නමුත් සමහරවිට ඔහුට උදව් කල පුද්ගලයා එලෙසින් සිතාගෙන උදව් නොකලා වෙන්නත් පුළුවන්.
4. ගතිගුණ සහ හැසිරීම් වලට උදාහරණ දක්වන්න
ආගිය දේවල් කතා කරමින් සිටින වෙලාවල් වල, යම් කෙනෙක් ගැන විස්තරයක් හෝ දොසක් කියනකොට ඔහුගේ එක ගතිගුණයක් හෝ ජීවන ක්‍රමයක් හුවා දක්වන්න කුලය කියන කාරණාව භාවිතා කරනවා අපිට දකින්නට ලැබෙනවා.
“මිනිහා කරන්නේ අහවල් වැඩේ නේ. ඉතින් ඒ කුලේ මිනිහෙක් නිසා ඒ පුහුණුව නම් නියමෙට තියෙනවා.“
මෙන්න මේ වගේ දේවල් ඔය කතන්දර ඇතුළේ තියෙන්නට පුළුවන්. ඇත්තටම අපි කරන්න ඕනේ ඒ දේවල් ඉදිරියට අරගෙන යන එක නෙවෙයි. ඒවා ප්‍රතික්ෂේප කරන එකයි. මොකද කුලය කියන්නේ අද වෙනකොට යල් පැනගෙන යන මිම්මක් නිසා.
5. ආරවුලකදී/තරහා කාරයෙක් ගැන කියද්දී
තරහාකාරයින් ඇති කර ගැනීම ගැන කියනකොට, කරන මුලික ම වැඩේ තමයි, ඒ අයට අපහාස වෙන විදියට පෙර වැරදි උලුප්පා දක්වමින් බණින එක. මෙහෙම බණිනකොට ඔය කුලය කියන කාරණාව නිකම්ම එලියට එනවා. ඒ අයත් නොදැනම.
ඉතින් එහෙම වෙනකොට ඇත්තටම වෙන්නේ, අපි කියනා දේ අසා ගෙන සිටින කෙනාගේ සිතේ අපි ගැනත් අප්‍රසාදයක් ඇතිවීම. මොකද කුලය කියන්නේ බොහොම පුද්ගලික කාරණාවක්. එහෙම වෙලාවක කෙනෙකුට අපහාස කරන්න බණින්න අපි එය භාවිතා කරනවා කියන්නේ. අපේ තියෙන මනුස්ස භාවයෙන් වැඩකුත් නැහැ
- aniwa.lk
ලංකාවේ අපි කුලය ගැන කතා බහ කරන තැන් 5 ක්
2018-02-27T01:47:00-08:00
Gossip Lanka Hot News
slide|