හිතුවෙවත් නැති කෑම ජාති 5ක්. බලන්න මෙන්න මේ දේවල් පොල් වලින් හදන්න පුළුවන් කියල ඔයාල දැනන් හිටියද කියල.
1. Coconut Choco Cookies
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කප් 1
- සුදු සීනි කප් 1
- රතු සීනි කප් 1\2
- බිත්තර 2
- වැනිලා තේ හැඳි 1
- පාන් පිටි කප් 2 1\4
- බේකින් සෝඩා (ආප්ප සෝඩා) තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1
- චොකලට් චිප්ස් කප් 2
- ගාගත් පොල් කප් 2
- සෙල්සියස් 190ට අවන් එක රත් වෙන්න තබන්න. ඒ අතරතුර බෝල් එකක් ගෙන බටර් සහ සීනි වර්ග දෙක ක්‍රීම් වන තුරු බීට් කරගන්න.
- එයට බිත්තර එකින් එක කඩා දමමින් බීට් කර වැනිලාද එක් කරගන්න.
- දැන් එම බිත්තර සහ බටර් මිශ්‍රණයට පිටි, බේකින් සෝඩා සහ ලුණු එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න.
- චොකලට් චිප්ස් සහ පොල් ටික එක් කර හැන්දකින් පෙරලමින් මිශ්‍රකර තෙල් කඩදාසියක් දාගත් තැටියකට හැන්දකින් කුකී මිශ්‍රණය තැනින් තැන රවුමට දමාගන්න.
- පෙර රත් කරගත් අවන් එකට දමා විනාඩි 8 -10ක් බේක් කර ගෙන හොඳින් නිවුනු පසු තැටියෙන් ඉවත් කරගන්න.
2. Carrot & Coconut Soup
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කප් 1\2
- චොප් කරගත් කැරට් 450
- චොප් කරගත් ලූනු ගෙඩියක්
- ලුණු රස අනුව
- ගම්මිරිස් කුඩු ටිකක්
- චිකන් ස්ටොක් කප් 2
- පොල් කිරි කප් 1 1\2
- සෝයා සෝස් මේස හැඳි 3
- කොත්තමල්ලි කොල ස්වල්පයක්
- බාජනයක් ලිප තබා බටර් ටික රත් කරගන්න. එයට කැරට් සහ ලූනු එක් කර ලුණු ගම්මිරිස් දමා කැරට් මෘදු වන තුරු තෙම්පරාදු කරගන්න.
- එයට චිකන් ස්ටොක්, පොල් කිරි සහ සෝස් එක් කර උතුරුවාගෙන ගින්දර අඩු කරගන්න.
- තරමක් හිඳෙන තුරු හැඳි ගාමින් අඩු ගින්දරේ තබාගන්න.
- මඳක් නිවෙන්නට හැර බ්ලෙන්ඩර් කර අවසානයේ කොත්තමල්ලි කොල උඩින් ඉස පිළිගන්වන්න.
3. Banana Coconut Loaf
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- සීනි කප් 1
- දියකරගත් බටර් කප් 1\2
- පොඩි කරගත් ඉදුණු කෙසෙල් කප් 1
- ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1\2
- පාන් පිටි කප් 1 1\2
- ගාගත් පොල් කප් 1\2
- බේකින් පව්ඩර් තේ හැඳි 1 1\2
- බේකින් සෝඩා තේ හැඳි 1\2
- ලුණු තේ හැඳි 1\2
- කුඩාවට කපාගත් කජු කප් 1\2
- වියලි මිදි කප් 1\2
- පිටි, පොල්, බේකින් පව්ඩර්, බේකින් සෝඩා, ලුණු, කජු සහ වියළි මිදි මිශ්‍රකරගන්න.
- බිත්තර ටික හොඳින් බීට් කරගන්න. එයට සීනි සහ බටර් එක් කර නැවත හොඳින් බීට් කරගන්න.
- එයට කෙසෙල් සහ ආමන්ඩ් එසන්ස් එක් කර හැන්දකින් මිශ්‍රකරගෙන පිටි මිශ්‍රණය එක් කර මිශ්‍ර වන තුරු කලවම් කරගන්න.
- එය බටර් තවරාගත් පාන් අච්චුවකට දමා සෙල්සියස් 175ට පෙර රත් කරගත් අවන් එකක් දමා පැයක් බේක් කරගන්න. අවන් එක නිවා එහිම තවත් විනාඩි 10ක් තියෙන්න හැර නිවුණු පසු තැටියෙන් එළියට ගන්න.
4. Coconut Ice Cream
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1
- පොල් ක්‍රීම් කප් 1 3\4 (පොල් ක්‍රීම් ගැනීමට නොහැකි අයට – උකු මිටි කිරි ශීතකරණයේ පැය 2ක් පමණ තැබූ විට එහි ඇති ජලය යටට බැස පොල් ක්‍රීම් එක උඩ තට්ටුවක් සෑදෙයි.)
- හෙවි ක්‍රීම් කප් 1 1\2
- සීනි කප් 1
- චොකලට් සෝස් ටිකක්
- අවශ්‍ය නම් රෝස්ට් කරගත් ගාගත් පොල් ටිකක්
- කිරි, පොල් ක්‍රීම්, හෙවි ක්‍රීම් සහ සීනි හොඳින් බීට් කරගන්න.
- මෙය අධි ශීතකරණයේ පැයක් තබා ගෙන නැවත බීට් කරගන්න. මෙම පියවර තුන් වතාවක් පමණ කරන්න.
- අවසානයට බීට් කර පැය 4ක් පමණ අධි ශීතකල පසු චොකලට් සෝස් උඩින් දමා රෝස්ට් කරගත් පොල් උඩින් ඉස පිළිගන්වන්න.
5. Pina-Colada Cheese Cake
අවශ්‍ය ද්‍රව්‍ය
බේස් එක සඳහා
- කුඩු කරගත් බටර් කුකීස් 15ක්
- රෝස්ට් කල ගාගත් පොල් කප් 1
- දියකරගත් බටර් මේස හැඳි 3
පිරවුම සඳහා
- ක්‍රීම් චීස් 600
- සීනි කප් 3\4
- පොල් ක්‍රීම් කප් 3\4
- කිරි මේස හැඳි 3
- අන්නාසි එසන්ස් තේ හැඳි 3\4
- මඳක් බීට් කරගත් බිත්තර 3
ටොපින් එක සඳහා
- මැද නාරටිය ඉවත් කල අන්නාසි ගෙඩි 1\2
- අන්නාසි ජෑම් මේස හැඳි 4
- බෝල් එකක් ගෙන කුකී කුඩු සහ පොල් මිශ්‍ර කරගන්න. එයට බටර් එක් කර හොඳින් කලවම් කරගන්න.
- වටේ ගැලවිය හැකි ස්ප්‍රින් ෆොර්ම් පෑන් එකක් ගෙන එහි අඩියට සහ වටේට ෆොයිල් කොළ අතුරා ගෙන සාදාගත් මිශ්‍රණය දමා තුනී කර හොඳින් තද කරගෙන සෙල්සියස් 160ට විනාඩි 10ක් බේක් කරගෙන නිවෙන්න තබන්න.
- වෙනම බඳුනක චීස් සහ සීනි මෘදු වන තුරු බීට් කරගන්න. එයට පොල් ක්‍රීම්, කිරි සහ එසන්ස් එක් කර අඩු වේගයකින් බීට් කරගන්න.
- පෙර බේක් කරගත් නිවුනු බේස් එක උඩින් මෙය වක් කරගෙන එම තැටිය තවත් උණු වතුර සහිත තැටියක් මත තබා සෙල්සියස් 180ට විනාඩි 45ක් පමණ බේක් කරගන්න.
- වතුර තැටියෙන් එය ඉවතට ගෙන මඳක් නිවෙන්න තබා පිහියකින් වටේ බුරුල් කර හොඳින් නිවුණු පසු පැය 4ක් ශීතකරණයේ තබා ගන්න.
- අන්නාසි බාගය ඉතා සිහින්ව පෙති කපා ශීත කරගත් කේක් එක උඩින් අතුරා එය උඩින් අන්නාසි ජෑම් තවරා නැවත පැය 2ක් ශීත කර පිළිගන්වන්න.