ජීවිතයේ එක වරක් හෝ ඔබට ආදරේ දැනිලා ඇති. කිසිම කෙනෙකුට එහෙම නොදැනී තිබෙනවා කියන්නට හැකියාවක් නම් නැහැ. ඒ වගේම ආදරේ සමගම එන ඊළඟ සංවේදනාව තමා අහිමිවීම. සමහර විට අපි ආදරය කරන කෙනා පෙරළා අපිට ආදරය කරන්නේ නැහැ. එහෙමත් නැතිනම් අපිට පෙරළා ආදරය ලැබුණත්, කල් යත්ම ඒ ආදරය අපිට
අහිමිව යන අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවක අපිට සිද්ධ වෙනවා ප්රතික්ෂේපය සහ විරහව තුළින් එන වේදනාවන් විඳ දරාගන්න.
අපි ආදරය කරන තැනැත්තාව අපි හිමිකරගත යුතුමද? අපි ආදරය කළ පලියට ඔවුනුත් අපට පෙරළා ආදරය දැක්විය යුතුද? අපි බලාපොරොත්තු වන ආදරය අහිමි වූ කල අපි කල යුත්තේ කුමක්ද?
මේ කියමන් 10 ඒ ගැන තීරණය කරන්නට ඔබට පහසුකම් සලස්සාවි…
1. ඉබේම ඉඩ ලැබෙනු ඇත
ඔහුට/ඇයට ඔබ ඔවුන්ගේ ජීවිත වල තබා ගන්නට උවමනා නම් ඔවුන් එය කරගනු ඇති අතර ඒ හදවතේ තැනක් වෙනුවෙන් ඔබට සටන් වදින්නට අවශ්‍ය නැත.
2. හැඟීම් වලින් ඔබව මියෙන්නට ඉඩ නොදෙන්න
අහිමි වූ ආදරය ගැන කල්පනා කිරීම ජලයේ ගිලෙනවා වැනි හැඟීමක් ඇති කළත් එයින් ඔබ මිය යායුතු යයි කිසිවෙකු පවසා නැත.
3. ආදරය සුන්දර වරදකි!
අප බොහෝ විට ආදරයෙන් බැඳෙන්නේ අපට හිමිකරගත නොහැකි අය වෙතය.
4. එකඟතාවය දෙදෙනාටම අවශ්‍යය…
ඔහු කොතරම් කමණීය කුමරෙකු වුවත් පළක් වේද, ඔබ ඔහුගේ සින්ඩරැල්ලා නොවන තුරු.
5. ඔව්, එය සදාකාලිකයි!
දිගුකල් පවතින ආදරය නම් ඔබට අතීතයේදී අහිමි වූ ආදරයයි.
6. සැඟවූ දෑ එළිලන්නට පෙර…
මට ඔබට මගේ රහස් සියල්ලම කියන්නට උවමනා වුවත්, ඔබ ඊට පෙර මගේ හදවතේ සැඟවුණු තවත් එක රහසක් බවට පත්විය.
7. ජීවමාන එකම දේ!
එය අවසාන බව දනිමි. නැවත ඔබ නොඑන බවත් දනිමි. එහෙත් ඔබේ මතකය මගේ හදවතේ සදාකල් ජීවමාන වේ.
8. වේදනාබර මතකයක් යනු ශාපයක්මය
අහිමි වූ ආදරයක් යනු තනිකමෙන් මිරිකුණු හදවතකට ලැබෙන සදාකාලික ශාපයයි.
– ක්‍රිස්ටිනා වෙස්ටෝවර්
9. වෙනත් සෑම දෙයක් සේම එයද අනිත්‍ය වේ
සියලු ආදරයන් අහිමිවන සුළු ය.
10. සීමාවන් ගැන දැනුවත් වන්න
ඔබට උමතුවෙන් මෙන් ආදරය කරන කෙනෙකුව හඳුන්වාදීමේදී “මේ මගේ යාලුවෙක්” කියනා පමණින්ම ඔහු/ඇයව ඔබට අහිමි වී අවසන් ය.
අහිමි පෙමින් තැවෙන ඔබට මේ කියමන් වලින්වත් සහනයක් ලැබේවිද බලන්න
2017-12-06T23:14:00-08:00
Gossip Lanka Hot News
slide|