විවේචනයකට ශක්තිමත්ව මුහුණ දෙන්නට හිත යොමු කරවන Quotes 10ක්

විවේචන කියන දේවල් අපේ ජීවිතේ එකවරක් හරි අහන්නට ලැබෙනවා. එසේ නොවෙනවා නම් එහෙමත් නැතිනම් ඔබ කවදාවත් විවේචනයකට බඳුන් වී නැතිනම් එයින් කියවෙන්නේ ඔබ බොරු කාරයින් පිරිසක් හෝ ඔබව නිතර අගය කරමින් ඔබෙන් වාසි ලබන්නට රිසි පිරිසක් අතරේ ඉන්නා බව විය හැකියි.

ඒ වගේම ඕනාවට වඩා ඔබව කෙනෙක් හෝ පිරිසක් විවේචනය කරනවා
නම් එයින් කියවෙන්නේ ඔබ දුර්වල බවටත් වඩා ඔබව බොහොම පහත් කර සලකන පිරිසක් සිටිනා බව වෙන්නත් හැකියි. කොහොම වුනත් විවේචනය ගැන හරි අපූරු කියමන් ටිකක් අපි මේ සැරේ අනිවා ලිපියෙන් ඔබ වෙත ගෙනෙන්න හිතුවා. ඊළඟ පාර විවේචනයකින් හිත රිදවාගන්න එක වළක්වන්න මේ කියමන් ඔබට උදවු වේවි.

1. කැපී පෙනෙන්නෝ ගල් මුල් ලබන්නෝය

විවේචන එල්ලවන්නේ මහන්සි වී වැඩ කරන්නාටය. ජලය වුව එක තැන නිසලව තිබෙන විට පල්වෙයි.

2. කාලය රන් හා සමාන බව බොහෝ විවේචකයෝ නොදනී

කම්මැලි මිනිසුන් බොහෝ දෙනා විවේචනය කරති, ඒ විවේචන කරන කාලයේ ඔවුන් පැලයක් සිටෙව්වා නම් මේ වන විට අඩු ගණනේ ඒවා ඵල දරන්නට වුව ඉඩ තිබිණි.

3. ඵල නැති රුක් වලට ගල් නොවදී

ඔබට විවේචන එල්ල නොවන්නේ නම් ඔවුන් නොකියා කියන්නේ ඔබ නිකමෙකු බවය.

4. හැඟීම් වලට වඩා ක්‍රියාවන් බලවත්ය

ඔබව විවේචනය කරන අයට ඔබට දිය හැකි හොඳම පිළිතුර වන්නේ ඔවුන්ගේ විවේචනය වැරදි බව ක්‍රියාවෙන් පෙන්වා දීමයි.

5. සත්‍යය හැමවිටම සුන්දර නැත

සුන්දර වදන් හැම විටම සත්‍ය නොවේ. ඒ වාගේම සත්‍ය වදන්ද හැමවිටම සුන්දර නොවනු ඇත.

6. විටෙක එය ශක්තිමත් වීමේ පහසුම මඟ වෙයි

විවේචන ඉත සිතින් භාරගන්න, ඒවා ඔබව ශක්තිමත් කරයි. – ලේබ්‍රෝන් ජේම්ස්

7. ප්‍රශ්නයක් නොව පිළිතුරක් වන්න

උත්සහවන්තයෙක් වන්න. මක් නිසාද යත් ලොවට උවමනා ප්‍රමාණයටත් වඩා විචාරකයින් සිටින බැවිණි.

8. ඒ අයිතිය ඔහුට/ඇයට පමණක් දෙන්න

යමෙකු හට ඔබට උදව් කරන්නට අවංකවම උවමනාවක් ඇතිනම් ඒ පුද්ගලයාට ඔබව විවේචනය කරන්නට අයිතියක් ඇත. – ඒබ්‍රහම් ලින්කන්

9. මේ ඔබේ ප්‍රධානම දුර්වලතා දෙකයි

මිනිසුන්ගේ අගයකිරීම් ඔබේ මොළයට යාමට ඉඩ නොදෙන්න, ඔබ උඩඟු වේවි.
මිනිසුන්ගේ විවේචන ඔබේ හදවතට යාමට ඉඩ නොදෙන්න, ඔබ දුර්වල වේවි.

10. විවේචන නොලබන්නට නම්…

විවේචන වලට හේතුවක් නොවී සිටීමට හැකි එකම විදිය නම්, කිසිවක් නොකර, කිසිවක් නොකියා, කිසිවෙකු නොවී සිටීමයි.

aniwa.lk
gossip lanka