නිර්මාංශී අයට නම් මේ කෑම බොහොම වැදගත් වේවි. එකම විදියට කන්නෙ නැතුව වෙනස් විදියට කොස් කන්න ක්‍රම කීපයක්ම තියෙනව. බලන්න කොස් වලින් මේ දේවල් කරන්න පුළුවන් කියල ඔයාල දැනන් හිටියේ නෑ නේද කියල.
හදල බලලම අපිට කියන්නකො රස කොහොමද කියල.
1. Jackfruit Burger\Submarine – පොඩි මහන්සියක්
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින් තීරු ඉරාගත් කොස් මදුළු 7-8ක් (කොස් ඇට නැතුව)
- තෙල් මේස හැඳි 2
- චොප් කරගත් ලූනු මේස හැඳි 2
- තලාගත් සුදු ලූනු බිකක්
- සූදුරු කුඩු තේ හැඳි 1\2
- මිරිස් කුඩු තේ හැන්දක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1\2
- BBQ සෝස් කප් 1\4
- වතුර කප් 1\4
- දුඹුරු සීනි මේස හැන්දක්
- ලුණු
- කොස් ටික ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තබා ගන්න. තෙල් ටික රත් වෙන්න තබා එයට ලූනු, සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න.
- එයට කොස්, සීනි, මිරිස්, ගම්මිරිස්, සූදුරු, ලුණු එක් කර මඳක් තෙම්පරාදු කර එයට වතුර එක් කර පියනකින් වසා අඩු ගින්දරේ වතුර හිඳෙන තුරු තබන්න. අවසානයට සෝස් දමන නිසා ලුණු එක් කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න.
- එයට සෝස් ටික එක් කර තවත් විනාඩි 3-4ක් ලිපේම තබා මිශ්‍ර කර බටර් ගාගත් සබ්මැරීන් බන් හෝ බර්ගර් බන් එකක් මැදට දමා කැමති නම් සලාද කොළ, තක්කලි සහ ලූනු පෙති එක් කර උනුවෙන්ම රස බලන්න.
- (*මෙය pulled pork වෙනුවට හොඳ substitute එකක් කියල කියන්නත් පුළුවන්.)
2. Jackfruit Dosai – ගේමක් නෑ
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් කප් 1
- කොස් ඇට නැතුව මදුළු 5ක් පමණ
- අමු මිරිස් කරල 2ක්
- ගා ගත් පොල් කප් 1\2
- ලුණු
- හාල් ටික පැය 4ක් පමණ පොඟවා ගන්න.
- පොඟවා ගත් හාල්, සහ අනෙක් සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර මෘදු පේස්ට් එකක් සාදා තෝසේ පදමට අවශ්‍ය පමණ වතුර එක් කර තෝසේ සාදා ගන්න.
3. Ripe Jackfruit Cake – පොඩි මහන්සියක්
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් පොඩි කරගත් හොඳින් ඉදුණු වරකා මදුළු 4
- පිටි කප් 1
- බේකින් පව්ඩර් තේ හැඳි 1 1\2
- බේකින් සෝඩා පින්ච් එකක් (ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණයක්)
- බිත්තර 2
- ලුණු පින්ච් එකක්
- තෙල් කප් 1\2 (ඔලිව් හෝ එලවළු තෙල්)
- වැනිලා තේ හැන්දක්
- කිරි කප් 1\2
- කුඩු කරගත් සීනි කප් 3\4 (පැණි රසට අකමැති නම් අඩුවෙන් ගන්න)
- කහ පාට ෆුඩ් කලරින් බින්දුවක් අවශ්ය නම්
- පිටි, බේකින් පව්ඩර්, බේකින් සෝඩා තුන් වරක් පමණ හලාගන්න.
- බිත්තර, සීනි, ලුණු හොඳින් බීට් කරගන්න. එයට තෙල් එක් කර විස්ක් එකකින් මිශ්‍ර කරගන්න.
- වැනිලා, ෆුඩ් කලරින්, කිරි සහ පල්ප් කරගත් වරකා එක් කර හැන්දකින් හෝ විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න.
- එයට පිටි මිශ්‍රනය ටිකෙන් ටික එකතු කරමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.
- හොඳින් බටර් ගාගත් තැටියකට දමා සෙල්සියස් 180ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 40ත් 45ත් අතර කාලයක් බේක් කරගන්න.
4. Jackfruit Spicy Snack – ගේමක් නෑ
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙකට පලාගත් කොස් මදුළු ටිකක්
- කඩල පිටි කප් 1 1\2
- මිරිස් කුඩු තේ හැන්දක්
- කහ කුඩු චුට්ටක්
- සූදුරු ඇට ටිකක්
- සිහින්ව ලියාගත් කරපිංචා
- ලුණු
- කොස් හැර අනෙක් සියල්ල එකට එක් කර වතුර දමා තරමක් ඝණකම බැටර් එකක් සාදාගන්න.
- කොස් මදුළු බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
5. Jackfruit Sweet Snack – ගේමක් නෑ
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපා ගත් කොස් කප් 5
- හාල් කප් 2
- පොල් කප් 1\4
- හකුරු කප් 1\2
- හාල් පැය 4ක් පමණ පෙඟෙන්න තබා වතුර බේරා, අනෙක් සියල්ල එක් කර ඝණ පේස්ට් එකක් වන තෙක් අඹරාගන්න. (වතුර ඉතාම ස්වල්පයක් එක් කරගන්න.)
- ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය පමණ තෙල් රත් වෙන්න තබා මිශ්‍රනය තේ හැන්දක පමණ ප්‍රමාණයක් තෙලට දමා දුඹුරු පැහැ වන තුරු බැදගන්න.
- උණුවෙන්ම රස බලන්න.
- aniwa.lk