සාමාන්‍යයෙන් තමන්ගේ කෙල්ලගේ පස්සෙන් තව කොල්ලෝ එන එක, ඒකට මොකද්ද කරන්නේ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ කොල්ලන්ටනේ. ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලා තව කෙල්ලොන්ට ලයින් දාන කොට කොල්ලගෙ කෙල්ලට වෙනවා ඌව කණෙන් ඇදගෙන ගිහින් අර කෙල්ලන්ව බේරගන්න.
හැබැයි එහෙම වුනාට මේ හෙඩින් එකේ කියලා තියෙන විදියේ ඒවත් සෑහෙන්න වෙනවා බ්‍රෝ. ඒ කියන්නේ කොල්ලගෙ පස්සෙන් කෙල්ලෝ එන එකට මොකද කරන්නේ කියලා පත්තරේ පැණයට විසඳුම් තීරයට ලියලා යවන්න කෙල්ලට වෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා. දැන් අහන්න එපා මොනවගේ කොල්ලන්ටද අප්පා ඔය වගේ ඉල්ලුම තියෙන්නේ කියලා. හැන්ඩි කොල්ලන්ට, අති දක්ෂ කොල්ලන්ට, ෆුල් මීටර් කොල්ලන්ට, ෆුල් ආතල් කොල්ලන්ට මේ වගේ කෙල්ලොන්ගෙන් ඉල්ලුම තියෙනවා. ඉතින් මෙතනින් එහාට මේ ආටිකල් එක වැදගත් වෙන්නේ බ්‍රෝලට වඩා සිස්ටර්ලට තමයි. ඒ නිසා බලන්න මේ අයිඩියාස් ටිකෙන් මේ වගේ ලෝක යුද්ධෙකට යන්න වෙන අවස්ථාවක් බේර ගන්න පුලුවන් වෙයිද කියලා!
1. කලබල වුනොත් වැඩේ ගැස්සෙන්න පුලුවන්
දැන් ආදරේ කියන්නේ ඔය ඉරිසියාව අනං මනං හැම එකක් එක්කම එන ෆීලින්ග්ස් එකක්නේ. අන්න ඒ නිසා තමන්ගේ ආදරේ හිමි වුණු ආදරවන්තයා පසුපස්සෙන් කෙල්ලෝ එනකොට මුලින්ම එන්නේ ඔය ඉරිසියාව කියන එක තමා. හැබැයි ඒ ඉරිසියාව එක්කම සෑහෙන කලබලයක් එනවා. ආන්න ඒක තමයි හොඳ නැත්තේ. ඒ නිසා මේ වගේ අවස්ථාවක් ආවොත් මුලින්ම කරන්න තියෙන්නේ කිසිම දෙයක් නොකර හිත සන්සුන් කරගන්න එක. ඒක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ හිත සන්සුන් වෙන විදියේ මොකක්ම හරි ක්‍රියාකාරකමක යෙදෙන එක තමයි නුවණට හුරු.
2. මගේ එකත් ඒකි එක්ක කොකන් පානවද?
ඇත්තටම තත්ත්වය දරුණු වෙන්නේ කොල්ලා ස්වභාවයෙන්ම සමාජශීලී සතෙක් වුණොත් තමයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කොහොම කළත් තමන්ගෙ කොල්ලා ගැන වෙන කෙල්ලෙක් පොඩ්ඩක් උනන්දු වෙනවා දකින කොට ඕනම කෙල්ලෙක් පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා තත්ත්වය ගැන. හැබැයි පිස්සු හැදිලා කලබල වෙන්නෙ නෑනේ. ඒත් කොල්ලාත් ඒ කෙල්ල එක්ක හිනා වෙලා, උකුළු මුකුළු පාලා රවුමෙ යනකොට තමයි කෙල්ලගෙ රතු කට්ට පනින්නේ. මෙතනදී බොහොම වැදගත් තමන්ගේ කොල්ලා ගැන හොඳ අවබෝධයක් තියෙන එක. ඒ කියන්නේ සමහර කොල්ලෝ කොහොමත් කෙල්ලෙක් හිනා පාලා කතා කළොත් පැනලා ගිහින් කතා කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ පොර තමන්ගේ කෙල්ලට ආදරේ නැහැය කියන එක නෙවෙයි. අන්න ඒ නිසා තමන්ගේ කොල්ලගේ චරිත ස්වභාවය මූලිකවම තේරුම් අරගෙන ඉන්න එක, මේ වගේ වෙලාවක වැඩ කරන්න ඕන කොහොමද කියන එක තීරණය කරගන්න බොහොම පහසුවක්.
3. ඇත්තටම දෙන්නම සම්බන්ධ නම්
මේක ටිකක් වේදනාකාරී වෙන්න පුලුවන්. ඒ කියන්නේ තමන්ගේ මනුස්සයා එක්ක උකුළු මුකුළු පාන කෙල්ලෙක් ඉන්නකොට සහ තමන්ගේ මනුස්සයාත් සීමාව පැනලා ඒකේම එල්ලිලා යනකොට. මෙතනදී හිතේ තියාගන්න ඕන තමන් මේ ගැන කොල්ලත් එක්ක කතා කරන්න ඕන, හැබැයි ඒකට සුදුසු අවස්ථාවක් එනකල් ඉන්න ඕන කියන එක. විශේෂයෙන්ම හිතේ ආවේගය තියෙන වෙලාවටවත්, දෙන්නම ප්‍රසිද්ධ තැනක ඉන්න වෙලාවටවත් ඒ ගැන කතා කරන්න හොඳ නෑ. හැබැයි කොල්ලත් එක්ක තනියම කතා කරන්න පුලුවන් වුණු ගමන් කෙලින්ම ඒ ගැන අහන්න. මෙතනදී බැණ අඬගැහිලි, පෙර වැරදි වගේ දේවල් නොතිබෙන තරමට හොඳයි. කරුණාවෙන්, කොටින් හැබැයි ස්ථිර වශයෙන් කොල්ලට පැහැදිලි කරන්න මේක හරි නැති වැඩක්ය කියන එක. කොල්ලා තමන් කරපු දේ සාධාරනීකරණය කරන්න ගියත් ඒක නවත්තලා කියන්න මේක නඩු විභාගයක් නෙවෙයිය, මේ තමන් කැමති අකමැති දේ ගැන ප්‍රශ්නයක් විතරයිය කියන එක. මේක හරියට කරන්න නම් තමන් පැහැදිලි සිහියෙන් සහ කේන්තියෙන් අන්ධ නොවුණු මනසින් ඉන්න ඕන කියන එකත් මතක තියාගන්න.
4. කොල්ලා අදාළම නැතිනම්
ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් දේ තමයි වෙන කෙල්ලෙක් හරි කෙල්ලෝ හරි ඔයාගෙ කොල්ලා එක්ක ෆ්ලර්ට් කරන්න හදනකොට, උකුලු මුකුලු පානකොට කොල්ලා ඒ ගැන මෙලෝ සිහියක් අවධානයක් නැතුව ඉන්න එක. එහෙම නැතිනම් ඌ ඒක තේරිලා අනික් පැත්තට උකුලු මුකුලු කරන්න යන්නෙ නැතුව ගණන් නොගෙන ඉන්න උත්සාහ කරන එක. ආන්න ඒ වගේ වෙලාවකට මතක තියාගන්න තමන්ගේ අප්සට් එක කොල්ලා පිටින් යවන එක අන්තිම වැරදි ක්‍රියාවක්ය කියන එක. ඒ වෙනුවට කරන්න පුලුවන් දේවල් තියෙනවා. සාර්ථකම දේ තමයි කොල්ලා තමන්ගේය කියන එක අඟවන එක. ගොඩක් වෙලාවට වෙන කෙල්ලෙක් කොල්ලාට ඉඟි බිඟි පාන්නේ ඌට කෙල්ලෙක් ඉන්නවා කියන එක නොදැන වෙන්න පුලුවන්. ඒ නිසා ඔයා නොදන්නවා වගේ කොල්ලගේ අත වටේ අත දාගත්තහම, කොල්ලගේ ඇඟට පොඩ්ඩක් තුරුලු වුනහම අර ඉඟි බිඟි පාන කෙල්ලෝ මැසේජ් එක තේරුම් ගන්නවා. හැබැයි ඒක තේරිලත් වැඩේ අත අරින්නෙ නැති කෙල්ලෙක් නං කරන්න තියෙන්නේ එහෙම කොල්ලගේ අත වටේ අතක් දාගන්න ගමන්ම අර ඉඟි බිඟි පාන කෙල්ලට හොඳ ලුක් එකක් දෙන එක. ඒ වගේ යුනිවර්සල් පණිවිඩයක් නං වරදින්න විදියක් නෑ පුතෝ.
5. කොහොම කළත් හිතට අමාරුයිනේ අනේ
මේක අපිට තේරෙනවා. විශේෂයෙන්ම තමන්ගේ කොල්ලා ඉතාම කඩවසම් එකෙක් නං, අති දක්ෂ ඩයල් එකක් නං, ප්‍රසිද්ධ කොල්ලෙක් නං පොඩි අනාරක්ෂිත හැඟීමක් හිතට එන එක සාධාරණයිනේ. හැබැයි මේ වගේ වෙලාවට හිත් අමාරු කරගන්නෙ නැතුව චුට්ටක් හිතලා බලන්න ඇයි ඇත්තටම මේ කොල්ලා තමන් එක්ක ඉන්නේ, ඇයි ඌ තමන් එක්කම යාලු වුනේ කීයලා. එතන තමන්ගෙන් වෙන පලප්‍රයෝජනයක් ගන්න වුවමනාවක් නෙවෙයි නම් තියෙන්නේ, අනිවා තමන් එයාට සුවිශේෂී හින්දා තමයි තමන් එක්ක එයා ඉන්නේ. ආන්න ඒක මතක් කරගන්න. ඕන නම් හෙමීට එයත් එක්ක පොඩ්ඩක් හුරතල් වෙන ගමන්ම අහන්න “ඇයි ඔයා මට මෙච්චර ආදරේ” කියලා. දෙන්නා අතර තියෙන විශේෂ බැඳීම ගැන අවබෝධයෙන් ඉන්න එක මේ වගේ අවස්ථාවක් ගණන් නොගෙන ඉන්න හොඳ ක්‍රමයක්.
6. ඔයාගෙම යාලුවෙක් නම් කොල්ලත් එක්ක ඉඟි බිඟි පාන්නේ
මෙතනදී පොඩ්ඩක් තත්ත්වය සංකීර්ණයි. මොකද හදිසි වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගත්තොත් යාලුවත් නැති වෙන්න පුලුවන්, කොල්ලත් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්. හොඳම දේ තමයි පොඩ්ඩක් මොළේ පාවිච්චි කරන එක. මෙතනදී කරන්න පුලුවන් එක ක්‍රමයක් තමයි කොල්ලව ෆෝකස් කරලා දැනෙන කමෙන්ට් එකක් දෙන එක. හැබැයි ඒක ඕනවට වඩා දළදඬු එකක් නොවෙන්නත් ඕන. උදාහරණයක් විදියට කොල්ලා කියන මොට්ට විහිළු වලටත් ඔයාගේ යාලුවා කඳුලු පනිනකල් හිනාවෙනවා නං, එක්කෝ යාලුවට වයර් අප්සෙට් එකක් තියෙනවා, එහෙම නැතිනම් කොල්ලගේ ඇටෙන්ෂන් එක ගන්න හදන්නේ. ඒ වගේ වෙලාවකට කියලා දැම්මට කමක් නෑ “මෙයාගේ ඩ්‍රයි ජෝක්ස් වලට ඔයාටත් හිනායනවද අනේ” කියලා.
හැබැයි මේ මොන දේ කරලත් වැඩේ හරියන්නෙ නැතිනම් හොඳම දේ තමයි යාලුවාව පොඩ්ඩක් ප්‍රයිවට් කතා කරන්න පුලුවන් තැනකට ඇදගෙන යන එක. වොෂ් රූම් යනවා කියන්න පුලුවන්නේ. එහෙම එක්කගෙන ගිහින් එයාට කරුණාවෙන් පහදලා දෙන්න එයා සීමාව ඉක්මවා යනවය, ඒක තමන්ට අපහසුතාවයක්ය කියන එක ගැන.
7. මේවා කලින් කතා කරන්න ඕන ප්‍රශ්න
ඇත්තම කිව්වොත් මේ වගේ ගොඩක් අප්‍රසන්න සිදුවීම් වළක්වන්න පුලුවන් හරි සන්නිවේදනයට. අපි කියමු තමන්ගේ කොල්ලා හැන්ඩ්සම් හරි දක්ෂ හරි ප්‍රසිද්ධ හරි එක්කෙනෙක්ය කියන එක තමන් දන්නවාය කියලා. කොල්ලගේ පස්සෙන් ඕන තරම් කෙල්ලෝ එනවා කියන එකත් තමන් දන්නවාය කියලා. එතකොට කලින්ම කොල්ලත් එක්ක ඒ සම්බන්ධයෙන් කතාබහ කරලා තියෙන එක දෙන්නටම හරිම පහසුවක්. ඒ වගේ වෙලාවක ඔයා අපහසුතාවයට පත් වෙනවා කියන එක එයාට කරුණාවෙන් කියලා තියන්න. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී මොට්ටයෙක් වගේ ඉන්නවා වෙනුවට එයා ඔයාගේ හැඟීම් වලට කරදරයක් නොවෙන්න වැඩ කරයි.
8. තමන්ගේ දියුණුවත් වැදගත්
අපි කියමු ඔයාගේ කොල්ලා සෑහෙන්න දක්ෂ, බුද්ධිමත් මනුස්සයෙක් කියලා. ඔයා ඒ තරම් දක්ෂ නැහැයි කියලා. එතනදී එයා ඔයාට ආදරේ කරන්නේ ඔයාගෙ වෙනස්ම ගතිගුණයකට වෙන්න පුලුවන්. ඔයා දක්ෂද නැද්ද කියන එක කොල්ලා අදාළ කරගන්නෙ නැහැ වෙන්න පුලුවන්. ඒත් තමන්ගේ සංවර්ධනයක් තියෙන එක තමන්ට කොහොමත් හොඳයිනේ. ආන්න ඒ නිසා තමන් දක්ෂ නැතිනම් දක්ෂතාවයක් වර්ධනය කරගන්න. පොත පත කියවලා දැනුම වර්ධනය කරගන්න. ලස්සන ගැන ඒ තරම් උනන්දුවක් නැති නම් පොඩ්ඩක් ඒ ගැනත් හිතලා බලන්න. කොටින්ම තමන්ගේ හිතේ අනාරක්ෂිත හැඟීම් නැතිවෙන්න තමන් සංවර්ධනය වෙන්න. ආන්න එතකොට ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න කලින්ම නැතිවෙලා යයි.
- aniwa.lk
තමන්ගේ කොල්ලාගේ පස්සෙන් වෙන කෙල්ලෝ එනවනම් ඒකට ගන්න තියෙන ක්‍රියාමාර්ග 8ක් මෙන්න
2017-10-18T01:06:00-07:00
Gossip Lanka Hot News
slide|