අපල කියන දේ ගැන තරුණ පරම්පරාවේ එතරම් විශ්වාසයක් නොතිබුනත්, තවමත් අපේ අම්මලා තාත්තලා අපිට තියෙන අපල වලින් මිදෙන්න කියලා නොයෙක් වැඩ කරනවා. එයින් එකක් තමා අපල අඩුවෙන්න කියල මැණික් අල්ලලා හදපු ආභරණ පළදින්න කියන එක. මේ දේ කරද්දී අපි තෝරා ගන්න උවමනා වෙන්නේ පලුදු නැති මැණික් වර්ග විතරයි. ඊට අමතරව ඒවා පළඳිත්දී සිරුරට හෝ සැමට ස්පර්ශ වෙන
විදිහට පැළඳීම වැදගත්. ඒ නිසා තමා අපි මුදු වලට එහෙම නැතිනම් මාල එක්ක මැණික් පළඳින්නේ.
අපි මේ කියන්න යන්නේ අපල වලට භාවිතා කරන මැණික් වර්ග ගැනයි. මේවා තෝරා ගන්නා විට පළපුරුදු වෘත්තිකයෙකුගෙන් සහයක් ලබා ගැනීම තම හොඳම විදිය. මොකද මැණික් කියලා ඔබට විදුරු විකුණන කූට වෙළෙන්දන් ඕනේ තරම් ඉන්න නිසා. එයට අමතරව ඔබට හැකිනම් ඔබ මැණික් වර්ග මිලදී ගන්න කෙනාගෙන් අදාළ මැණික් ගල පිළිබඳව සහතිකයක් ඉල්ලා සිටින්න. එයත් ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙනවාට කිසිම සැකයක් නැහැ. අතුරු කතා පැත්තකින් තියලා අපි මැණික් ගැන කතාව පටන් ගමු.
පහතින් කියලා තියෙන්නේ අපි නවරත්න නමින් හඳුන්වන අපල වලට වැඩිපුරම භාවිතා කරන මැණික් වර්ග නවයක් ගැන තොරතුරුයි. මැණික් ලෝකයේ අපල වලට වැඩිපුරම පළඳින මැණික් වර්ග 9 තමා මේ නවරත්න නමින් හඳුන්වන්නේ. ඒ නිසා මේවා වරකට තනි ගලක් ලෙස, ගල් තුනක් ලෙස, හයක් ලෙස සහ ගල් නවයම එකට සිටින ලෙස අවස්තානු කුලව පළදින්න කියනවා.
1. පද්මරාග – Pink sapphire
පද්මරාග රතට හුරු නාදල්ලක පාට ගනියි. රවිගේ අපල වලට පද්මරාග පැළඳීය යුතුය. මෙයට අමතරව පද්මරාග නිසා ධනය, බලය නායකත්වය ලබන බව කියවෙයි. එහෙත් පළුඳු වූ පද්මරාග පැළඳීම නිසා පිරිහීම, ධන ධාන්‍ය විනාශය, අපවාදය මෙන්ම භය ද ඇතිවන බව කියා තිබේ. ස්වභාවයෙන්ම පද්මරාග යනු මිල අධික මිනිකැටයකි.
2. මුතු – Pearl
මුතු වර්ග අටක් ඇති බව කියවේ. ඒවා හට ගන්නේ ඇතුන්ගෙන්, නාගයන්ගෙන්, සක්‌වලින්, උණගස් වලින්, මත්ස්‍යයන්ගෙන්, අකුණු වලින්, සූකරයන්ගෙන් හා බෙල්ලන්ගෙන් බව වේද පොත් වල කියවෙයි. බෙල්ලන්ගෙන් ලැබෙන මුතු බහුලය. මුතු පැළඳීමෙන් සෞභාග්‍යය, බුද්ධි වර්ධනය හා කීර්තිය ලැබෙන අතර සඳු ග්‍රහයා අධිපති වෙයි.
3. රතු මැණික් – Ruby
රතු කැට සහ රූබි නමින් හඳුන්වන මෙය පැළඳ ගැනීමෙන් ධෛර්යය, වීර්යය, ඇතිකර ආයුෂ වර්ධනය කරන බව කියා තිබේ. කුජ ග්‍රහයා අධිපති වෙයි. පලුදු නැති මැණික් පැළදීම අනිවාර්ය වෙයි.
4. වෛරෝඩි – Cat’s Eye
කෙටියෙන්ම කියනවා නම් ඒවා බළල් ඇස් වැනි හැඩයක් ගනියි. මෙම මැණික පැළඳ ගැනීමෙන් වාත හා සෙම් දෝෂ නසන බවත්, පෝෂණ ඌණතා නිසා ඇතිවන ශාරීරික දුර්වලතා සමනය කරන බවත් කියා ඇත. වෛරෝඩි කේතු ග්‍රහ අපල වලට පළඳියි.
5. ගෝමේද – Zircon
ගවයාගේ මුත්‍රාවල පාට ඇති යන අර්ථයෙන් ගෝමේද කියා හඳුන්වයි. රාහු ග්‍රහයාට සම්බන්ධ අපල වලට මේ ගල් වර්ග පළඳියි. රතු මිශ්‍ර කහපාට මෙම ගල වර්ගය පැළඳීම මගින් ශුභ පල උදා කරන අතර පළුදු වූ ගෝමේද නිසා සම්පත් හා වීර්යය හානිකරන බව කියා වෙදපොත් වල සඳහන් වෙයි.
6. දියමන්ති – Diamond
සිකුරු හෙවත් කිවි ග්‍රහයාට හිමි දියමන්ති පැළඳිම සතුරු භය හා විෂ මර්දනය කරන බව කියැවේ.
7. පුෂ්පරාග – Yellow Sapphire
කහ පාටින් යුක්‌ත මෙම ගල බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහගේ අපල වලට පන්දින මැණිකකි. කීර්තිය, ඥානය සැප වර්ධනය කරන මෙම ගල පැළඳ ගැනීමෙන්, දරුවන් අපේක්ෂිත කාන්තාවන්ට දරු සම්පත් උදාකරන බව අතීත වේද පොත් කියා තිබේ.
8. මරකත – Emerald
බුධග්‍රහයාගේ අපල වලට මරකත නමැති ගල් වර්ගය පළඳියි. මේවා පැළඳීමෙන් බුද්ධි වර්ධනය සහ දේවාකර්ෂණය ලැබේනැ බව කියවෙයි. මරණයෙන් එතෙර කරන්නේය යන අරුතින් මරකත යන නම සෑදී තිබේ.
9. නිල් මැණික් – Blue sapphire
නිල් මැණික් වර්ග රාශියක් තිබේ. පළමු පන්තියේ දෙවැනි පිය යන මේ ආකාරයෙන් නිල මැණික පන්ති වලට බෙදා දක්වා ඇත. වාසනාවන්ත මිනිකැටයක් වන මෙය පැළඳීම මගින් ඉවසීම, ගැඹුරු ඥානය, දරා ගැනීමේ ශක්‌තිය හිමි වේ.
10. කාක නිල – Prussian blue
අපල වලට පළඳින තවත් පාශානයකි කාකනිල. ගලට එම නම ලැබී ඇත්තේ කළු පාටට හුරු තද නිල පැහැති වීම නිසාය. සෙනසුරු අපල සහ එරාෂ්ටක අපල නිවාරණය වීම සඳහා පළදින අතර පිරිසිදු ගලක් මිලෙන් අධික වීම නිසා පළඳින්නේ ඉතා කුඩා ප්‍රමාණයේ ගල් ය.
- aniwa.lk
මේ මැණික් වර්ග පළඳින්නේ මොන අපල වලටද කියා ඔබ දැන සිටියාද?
2018-01-11T03:01:00-08:00
Gossip Lanka Hot News