කසාදෙන් පස්සෙ මෙන්න මේ හේතුවලට අපරාදෙ බැන්දෙ කියල හිතෙන්න නං පුළුවන්

කට්ටිය කසාද බැන්දට පස්සෙ අනිත් අයට කියනවනෙ ආපෝ බඳින්නෙපා මචං කියල. අන්න එහෙම කියන්න හේතු වෙන්නෙ මොනවගේ දේවල්ද කියල තමයි අපි අද කියන්න යන්නෙ. මෙවුව අනාදිමත් කාලෙක ඉඳන් කිවුව කියල තාම කවුරුත් හැදිලා නැහැ. ඒ හින්දා නිකං මේව කියෝල පාඩුවෙ යනව මිසක් මේවට වයිෆ්ව ටැග් කරලා ශාරීරික ආබාධ ඇති කරගන්නෙපා කියල අපි ඉල්ලනවා. හස්බන්ඩ්ව ටැග් කරලා ඊලඟ ඩේ අවුට් එක කැන්සල්
කරගන්නත් එපා. මෙහෙම කිවුවට ඇත්තටම හිතේවි කසාදෙ කියන්නෙ නරක දෙයක් නෙමෙයි ෆුල් සිරා දෙයක් කියල බැන්දට පස්සෙ.

1. සුපිරි තේ එක

අපි අම්මලත් එක්ක ඉන්නකොටත් තේ එකෙන් තමයි දවසෙ වැඩ ඇල්ලුවෙ. බැන්දයි කියලත් ඕක වෙනස් වෙන්නෙ නෑ. ඔන්න ඉතිං වයිෆ් මුලින්ම තේකක් හදාගෙන ලඟට ආපු ‍දවසෙ තේක අතට ගන්නෙ රෝමාන්තික ෆීලින්ග්ස් සමුදායක් හිතේ හිරකරගෙන. මුල් තේ උගුර දිවේ රස ස්පොට්වල වදිද්දිම අර හැඟීම් සමුදාය සුන්නද්දූලි වෙලා යන්නෙ ලේ බීලා පියාඹගන්න බැරුව කකුලෙ වහලා ඉන්න මදුරුවෙක් දැක්කම වගේ. ඔන්න ඉතිං වෙස්මූණ වගේ වෙච්ච මූණත් හරියට හදාගෙන ෂෝක් තේක බබා කියල කිවුවට පස්සෙ තමයි තේරෙන්නෙ දැන් යකෝ හැමදාම මේක බොන්න වෙනවනෙ කියලා.

2. එයා කලින් නැගිටලා

ඔන්න පුතේ එයා කලින් නැගිටලා. දැන් එයාට බලං ඉන්න බැහැ. මේකනං දෙන්නටම පොදුයි. හැබැයි වයිෆ්ලයි හස්බන්ඩ්ලයි ගේම් එක ගහන්නෙ දෙවිදියකට. වයිෆ් කලින් නැගිට්ටොත් ගේ ඇතුළ නිකං ගාසා තීරෙ වගේ සද්දෙ. හස්බන්ඩ් ඒ වගේ වැඩ කරන්නෙ නෑ. හස්බන්ඩ් කෙලින්ම නහය කොනිත්තලා ඇහැරෝලා වයිෆ්ට කියනව මං ඔයාට ආදරෙයි කියල. ඉතිං කාටවත් බයින්න හිතෙනවද කියහංකො. හැබැයි එහෙමයි කියල ඔය කට්ට කන්නත් බැහැනෙ.

3. කෝ කරාද?

මේක තමයි වැඩේ. මේකත් දෙ‍ගොල්ලොන්ටම පොදු කාරණයක්. හැබැයි මේකෙදිත් ගෑණු පිරිමි දෙගොල්ලොන්ට වැඩේ සෙට් වෙන්නෙ දෙවිදියකට. හබියා වයිෆ්ට දෙයක් කරන්න කිවුවම වයි‍ෆ් මුලින්ම චෙක්ලිස්ට් එක බලනවා. හබියා තමුන් කියපු වැඩ කළාද? ගතවූ සති තුනක කාලය තුළ තමුන්ට සැර වැර කළාද? ඔන්න ඔය වගේ දේවල් බලලා තමයි එයා ඒ වැඩේ කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ. හැබැයි ඉතිං හස්බන්ඩෙක්ට නං ආයෙ දෙකක් නෑ කියපු දෙයක් මේ කියල ඉවර වෙච්ච ගමන් අමතකයි. කතාවට කියනවනෙ, හබියෙකුට දෙයක් ආයෙ ආයෙ මාස හයකට පාරක් මතක් කරන්න ඕන නෑ… එයා කරාවි කියල.

4. සරම වැලේ

හබියා ඊයෙ ඇඳලා ටවල් රැක් එකට දැම්ම සරම ‍පහුවදා බලද්දි මෙන්න වැලේ තියෙනව දිලිසි දිලිසි. සරමක් හේදුවම ගෙවී යන පළමු පැය පහක කාලය ඇඳගෙන ඉන්න හරිම අමාරුයි. අන්න ඒ නිසායි හබියෙක් සරමක් සතියක් විතර අඳින්නෙ. ඒ විදියට සතියක් අඳින්න ගන්න සරම වයිෆ් දවසෙන් හෝදලා දැම්මම මහමෙර තරං දුකක් තද කරං තමයි අලුත් සරමකට කකුල දාන්නෙ.

5. කෝ කොස්ස?

ඔන්න හබියලගෙන් වෙන වැඩේ. හබියලා කවදාවත් දෙයක් ගත්තොත් ගත්තු තැනකින් තියන්නෙ නෑ. දවසකට අඩිරූල අරගෙන ගිහින් කූඩු හදන්න මිම්ම ගත්තොත් අඩි රූල ගරාජ් එකේ. ටොයිලට් එකේ ලයිට් එකට තට්ටුව දාන්න කොස්ස අරගෙන ගියානං කොස්ස ටොයිලට් එකේ. කොල හුල‍ඟෙ ගියාට කවදාවත් පේපර්වේට් එකක් අරගන්නෙ නෑ. කුස්සියෙ තියෙන කෝප්ප ටික ඔක්කොම කොල හුලඟට යනවට මේසෙ උඩින් තියාගෙන.

6. කස් බෝවේ

වයිෆ්ලා ඉතිං කතාවට දස්සයොනෙ. හබියලා එච්චර කැමති නෑ වයිෆ්ලා එක්ක ‍ඕප කෙලින්න. ඉතිං හබියලා වයිෆ් කතා කරද්දි ෂේප් එකේ නෑහිච්ච ගාණට හුම් හුම් ගගා ඉන්නවා. හැබැයි වයිෆ්ල එයාලගෙ යාළුවො එක්ක ‍කියෝ කියෝ ඉන්නවට කැමතිත් නෑ. එහෙමයි කියලා හබියලා තමුන්ගෙ පරණ යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවොත් බලන්නෙපැයි කියවිල්ල. කනක් ඇහිල ඉන්න නෑ.

7. ටීවී

ඔන්න කසාදෙ එපා වෙන අනිත් ප්‍රශ්නෙ. වයිෆ්ට ඕන ශිවන්නියා ඊලඟට පොං පොං ගාලා දස්ට කරන්නෙ කාටද බලන්න. හබියට ඕන සංගාගෙ සියවෙනි සීයෙ රිප්ලේ එක බලන්න. ෆිල්ම් බලන්න ගියත් එහෙමයි. වයිෆ් කැමති නෝට් බුක්. හබියා කැමති ෆයිට් ක්ලබ්. ඉතිං පුතේ සමගිය කැලේ.

- aniwa.lk


gossip lanka