ඔබේ සතුට ඔබටම සොයාගන්න මේ කියමන් 10 අනිවා ප්‍රයෝජනවත් වේවි

“ඇත්තටම අපේ හිතට සතුට කියන දේ උවමනා කරන්නේ ඇයි?”

මේ ප්‍රශ්නයට ඔබ කවදාවත් අවංකව උත්තර දෙන්න හිතලාවත් තියෙනවද? බොහෝ දෙනෙකු තමන්ගෙ සතුට කියන්නෙ මොකක්ද කියන එක හරිහැටි තේරුම් ගන්න උත්සාහ කරලවත් නැතිව ඇති. අපි හුඟක් වෙලාවට අපේ සතුට කියල වරදවා වටහාගෙන ඉන්න දේවල්
තියනවා. එහෙමත් නැතිනම් අපේ සතුට දෙවැනි තැනට දාල අනිත් අයගේ සතුට ගැන හිතන්න පෙළඹිලා ඉන්නවා.

තවත් කෙනෙකුව සතුටු කරන එක උතුම් ක්‍රියාවක්. හැබැයි ඔබ ඔබේ සතුට ගැනත් අනිවා අවධානය යොමු කරන එක වැදගත්. ජීවිතය කියන මේ ත්‍යාගය උපරිමයට විඳින්න හැකියාව ලැබෙන්න නම් ඔබ මුලින්ම ඔබේ සතුට ගැන අවබෝධ කරගැනීමත්, ඔබේ ජීවිතයට නිසි සැලකුම් ලබාදීම ගැනත් අනිවා හිතන්න ඕනෙ.

ඒ ගැන ඔබේ හිතුවිලි අවදි කරවන්නට සමත් කියමන් කිහිපයක් තමයි අපි පහතින් ගෙන එන්නේ. බලන්න මේ දේවල් ඇතුලේ ඔබේ ජීවිතේ සතුට සොයාගැනීමේ රහස හැංගිලා තියෙනවද කියල.

1. මේ ඔවදන අපේ යුවතියන්ට තමයි…

ඔබේ ජීවිතයට ඔබ රැජිනක් ලෙස සලකන්න, ඔබට දිනෙක රජුන් පවා ආකර්ෂණය වේවි.

2. එයින් නික්ම යා යුතුමයි

ඔබ මොන තරම් ඔහුට/ඇයට ආදරය කලත්, ඔවුන් ඔබට ආදරය කරන්නේ ගෞරව කරන්නේ නැති නම්, ඔබ ඒ සම්බන්ධයෙන් ඉවත් වී යා යුතු මෙන්ම, ඔබේ ජීවිතයට වඩ වඩා ආදරය කලයුතු වෙයි…

3. එවිට හිතේ සතුට රැඳෙනු ඇති… නිරුත්සාහකව ම..!

ඔබේ ජීවිතය ගැන ඔබ ධනාත්මකව සිතන තුරු ඔබේ හදවතට සෘණාත්මක සිතුවිලි ඇතුළු නොවනු ඇති.

4. රජෙක් වුවත් පලක් නැතේ ලෙඩෙක් වුනොත්…

සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්නට හැකි තරමට ඔබේ ජීවිතයට ආදරය දෙන්න. එය ඔබව දිගු කලක් සතුටින් තබාවි.

5. ඔබත් මෙහෙමද?

ඔබ ඔබේ ජීවිතයට හරි හැටි සලකනවා නම්, ඔබව දුකට පත්කරන කෙනෙකු හා ජීවිතය ගෙවනවාට වඩා තනිව සිටීම සැපතක් ලෙස සිතන්නෙකු විය යුතුය. මක් නිසාද යත් තනිව පියාඹන්නේ ශක්තිමත් පියාපත් ඇත්තන් බැවිණි.

6. ජීවිතයට නිවැරදි පුද්ගලයින් තෝරාගන්න, ජීවිතය සමරන්න..!

ඔබ හැමවිටම ජීවත් විය යුත්තේ ඔබේ ජීවිතය ඉහලට ඔසවා තබන්නන් සමඟ වන අතර බිම හෙලන්නන්ගෙන් හැකි පමණ ඉවත් වී සිටිය යුතුය. එවිට ජීවිතය ඔබට නිසිකලට නිසි සැලකුම් කරනු ඇත.
– ඕප්රා වින්ෆ්‍රී

7. සමහරුන්..!

මිනිසුන් තමන්ට අයහපතක් සිදුවන්නේ කර්මය නිසා බව අදහයි. එහෙත් බොහෝ දේවල් වලට හේතුව තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් තුල ඇති අඩු තක්සේරුව බව බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැත.

8. ඔබ ඔබම වන්න

කිසිවෙක් හෝ ඔබට නරක, නපුරු විදිහට සලකයි නම් එතැනින් වහාම ඉවත්වන්න. ඒ සිදුවීම ගැන නොසිතා සිනහවෙන්, සැහැල්ලුවෙන් ඔබේ සාමාන්‍ය ජීවිතයම ගෙවන්න ගන්න. තව කෙනෙකුගේ රළු පරලු ගති වලට ඔබව වෙනස් කරන්නට ඉඩ තබන්න එපා.

9. අනුන්ගෙන් කොහොම බලාපොරොත්තු වන්නද?

ඔබ ඔබට හරි හැටි නොසලකයි නම්, ඔබ අනුන්ගෙන් සැලකුම් බලාපොරොත්තු වන්නේ කෙලෙසද ?
– රෆා කිහාරි.

10. අමුතු වෙහෙසක් දරන්නට උවමනා නැති වේවි.

ඔබ ඔබේ ජීවිතය ගැන මනා සැලකිල්ලක් දක්වනවා නම් ඔබට ඔබේ යහපැවැත්ම සම්බන්ධයෙන් අමුතු මහන්සියක් දරන්නට උවමනා නොවේවි. සැතපුම් සියයක් පැයෙන් ඇවිදිනවා සහ සමානව ජීවිතය සම්බන්ධයෙන් මහන්සි විය යුත්තේ එවන් සැලකීමක් සිය ජීවිතයට නොකරන්නවුන් ය.
– ඈන් කරී

- aniwa.lk


gossip lanka