පපුව පලාගෙන යන තරම් ආදරයක් ලැබුණහම දැනෙන්නේ මෙහෙමයි!

ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්නේ මචං. සමහරු කියනවා ඕක කොල්ලෝ කෙල්ලෝ, ගෑණු මිනිස්සු පැටළිලා ඉන්න මායාවක් කියලා. සමහරු කියනවා අයියෝ ඕක මොළේ කෙමිකල් රිඇක්ෂන් එකක් විතරනේ කියලා. කවියෝ කියනවා ආදරේ අනන්තයි, සුරම්‍යයි කියලා. ඔය මොන තාලෙන් කතා කළත්, සම්පූර්ණ නරුමයෙක් හරි මාර්ග ඵල ලබපු උත්තමයෙක් නෙවෙයි නං පුහුදුන් මිනිස්සු විදියට අපි කාටවත් ආදරෙන් ගැලවීමක් නැහැ. ජීවිතේ එක මොහොතකදී හරි අපිට මේ පිස්සුවෙන් දැනෙන ආදරයක් මුණගැහෙනවා කියන එක ෆැක්ට් එකක්.
එහෙම ආදරෙන් බැඳිලා ඉන්න කෙනෙක් තමයි මෙතනින් එහාට කියන දේවල් වල ඇත්තම ෆීලින්ග් එක තේරුම් ගන්නේ. ආදරේ මෙහෙම තමයි මචං!

1. කථා නොකර ඉන්නෙ කොහොමද?

අපි දකිනවනේ ලව් කරන එවුන් කොච්චරවාත් කොහේ හරි මුල්ලකට ගිහින් මල් කඩ කඩ ඉන්නවා. හැබැයි ලව් එකේ පැටළිලා ඉන්න වුන් දන්නවා පැය කීපයක් හරි ආදරේ කරන කෙනාට කතා නොකර ඉන්නකොට දැනෙන අමාරුව මචං. සමහර වෙලාවට අනික් කෙනා වැඩ හින්දා අපිට අමාරුවෙන් හිත හදාගෙන ඉන්න වෙනවා. හැබැයි බැරිම තැන මැසේජ් එකක් හරි ගහලා බලන්න හිතෙනවා. ලව් කරන කෙනා කතා නොකර ඉන්නකොට මල පනින්නෙත් ඕක නිසාමනේ මචං.

2. කතා කරනකොට දැනෙන්නේ මෙහෙමයි

අපි ආදරේ කරන කොල්ලා හරි කෙල්ල හරි අපිට කෝල් එකක් ගත්තොත්, අඩු ගාණේ අපිට මැසේජ් එකක් හරි එව්වොත් ඒ නම ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ පේන කොට දන්නෙම නැතුව මූණට හිනාවක් එන්නෙ නැද්ද මචං. ඒක සිරාවට ලව් කරන ඕනම එකෙක්ට එහෙම තමයි. ඔය මූණේ පෙම් පාට, පැණි පාට, මල් හිනා වගේ අනං මනං කියලා වටේ එවුන් විහිළු කරන්නෙත් ඕක නිසාමනේ මචං.

3. සමහර වෙලාවට පපුව පැලෙන්න එනවා

නෑ නෑ ඇත්තටම පපුව පැලෙන්න එන්නෙ නෑ. ඒත් සිරා ලව් එකක ඉන්න වෙලාවට සමහර වෙලාවලට එයාව මතක් වෙනවනේ. එතකොට අර උගුරේ මොනවහරි හිර වෙලා වගේ ෆීලින්ග් එකක් එන්නෙ නැද්ද? හෘදය වස්තුව එළියට පැනලා ඉගිලෙන්න හදනවා වගේ දැනෙන්නෙ නැද්ද? ඒ වෙලාවට එයා ලඟ හිටියනං ඇඟට තද කරලා තුරුල් කරගෙන ඉන්න හිතෙන්නේ නැද්ද? ඕවා මළ විකාර කියලා කියන මිනිස්සුත් ඉන්නවා තමයි. හැබැයි ඇත්තටම පිස්සුවෙන් කෙනෙක්ට ලව් කරද්දී ඕවා ඔය විදියට තමයි දැනෙන්නේ මචං

4. කියාගන්න වචන නෑ

ආදරේ ගැන ඔය සිංදු එහෙම ලියන ඩයල් කියනවනේ “මට කියාගන්න බෑ, මට වචන එන්නෙ නෑ” වගේ ඒවා. මචං සමහර වෙලාවල් තියෙනවා අපිට එයා ගැන මාරම ආදරයක් එනවා. ඒ ආදරේ පෙන්නන්න වුවමනාවක් එනවා. හැබැයි ඒක මොන තරම් කවියෙක් වුනත් වචන වලට පෙරලගන්න බැහැ. ඒ වෙලාවට හිතේ මාර හිරවිල්ලක් දැනෙන්නේ. ඒක මාරම උත්සන්න වුණු හැඟීම්බර මොහොතක්. ඒක තේරෙන්නේ සිරාම ලව් එකක හිටපු එකෙක්ට තමයි මචං.

5. අම්මෝ සෙක්ස්

දැන් ඔය ආදරේ ගැන කියනකොට කවියෝ කියනවනේ “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි” කියලා. හැබැයි සාමාන්‍යයෙන් ප්‍රේමයත් එක්ක අත්වැල් බැඳගෙන එන ෆීලින් එකක් තමයි රාගය. හැබැයි ඒක ඔය ඇහැට කණට පේන කෙල්ලෙක්, හැන්ඩි කොල්ලෙක් දැක්කහම එන විදියේ හැඟීමක් නෙවෙයි. ආදරේ කරන කෙනා ගැන එන රාගනිශ්‍රිත සිතුවිල්ලත් අර පපුව කඩාගෙන යන තරම් උත්සන්න, බොහොම ප්‍රබල ඒ වගේම පුදුමාකාර විදියට ආදරණීය එකක්. අන්න ඒ වගේ ෆීලින්ග් එකක් එක්ක කරන ආදර පෑමක් කෙලින්ම දිව්‍යමයයි කිව්වට වැ‍රැද්දක් නෑ මචං.

6. ඒ නැතත් කමක් නෑ

සෙක්ස් ගැන ඔහොම කිව්වට ඕකේ තව පැත්තක් තියෙනවා මචං. පැලෙන්න ආදරේ කරන මනුස්සයෙක් ලඟ ඉන්නකොට අර රාග ගින්න කියලා එකක් නෑ මචං. ඊට වඩා ලඟින් ඉන්න එකෙත් පුදුමාකාර නිරාමිස සතුටක් දැනෙනවා කිව්වොත් හරි. එයා ඔලුව අතගෑවත්, ඇස් දිහා බලාගෙන හිටියත් ඒක හොඳටම ඇති කියලා හිතෙනවා. ආදරෙන් දෙන හාදුවකින්, ආදරබර වැළඳගැනීමකින් පුදුමාකාර විදියට හිතම පිරෙනවා මචං.

7. වලිත් නැත්තෙ නෑ

දෙන්නෙක් එක බැඳීමක ඉන්නකොට නොපෑහෙන තැන් ඕන තරම් තියෙනවනේ මචං. අන්න ඒ වගේ වෙලාවට තමයි වලි යන්නේ. ඔය වලි සුළු සුළු වලි වල ඉඳලා අම්මට සිරි වෙන දාර වලි දක්වා යන්න පුලුවන්. හැබැයි ඒ කෝක වුනත් වලියකින් පස්සේ හිත නිවෙනකොට එහෙම වලියක් දාගත්තු එක ගැනත් පුදුමාකාර දුකක් දැනෙනවා මචං. ඒ වෙලාවේ මොනවා කියාගත්තත් මට ඉන්නේ මෙයා විතරයිනේ කියලා හිත පතුලටම දැනෙනවා මචං. එහෙම වෙලා යාලු වුනහම පපුවට තද කරගෙන ඉන්න තරමට පුදුම විදියේ හැඟීමක් දැනෙනවා මචං.

8. ඇස් අහකට ගන්නෙ කොහොමද?

පැලෙන්න ආදරේ කරන කෙනෙක් ලඟ ඉන්නකොට, අඩුමගාණේ ස්කයිප් කෝල් එකක් හරි ගත්තහම ඒ මූණ දිහා බලාගෙන ඉන්න එක තරම් වෙන කිසිම දෙයක් ඕන නෑ කියලා හිතෙනවා මචං. එයා ලෝකේ ඉන්න ලස්සනම කෙනා නෙවෙයි වෙන්න පුලුවන්. ඒත් ඒ මූණ වගේ ලස්සන මූණක් තවත් නෑ කියලා දැනෙන්නෙ මචං. ඒ වෙලාවට ආදරේ උතුරන ඒ මූණ දිහා බලාගෙන ඉන්නවා මිසක් කතා කරන්නවත් හිතෙන්නෙ නෑ මචං.

9. දාලා යන්නෙ කොහොමද?

අපි හිත ඇතුලෙන් හැබෑවටම ආදරේ කරන මනුස්සයෙක්ව මුණගැහෙන එක මාර සතුටක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මචං. හැබැයි අමාරුම දේ තමයි දවසක් හරි එකට ගත කරලා වෙන් වෙලා යන මොහොත මචං. ඇයි එයාව තව මොහොතක් ලඟ තියාගන්න බැරි කියලා හිතෙනවා මචං. ඇයි අපි දෙන්නට එකට ජීවත් වෙන්න බැරි කියලා හිතෙනවා මචං.

10. එයා හින්දා මේ හැමදේම

ආදරේ හින්දා විභාග ඇණගත්තු, ඔ‍ෆිස් වැඩ පාඩු කරගත්තු සීන් එහෙමත් අපි අහලා තියෙනවනේ. හැබැයි මුළු ජීවිතේටම දැනෙන විදියේ ආදරයක් අපේ හිතේ තියෙනකොට, අපි වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා දැනෙනකොට අපිට ජීවිතේ ඕනම බාධකයක් කඩාගෙන ඉස්සරහට යන්න පුලුවන් කියලා ගටක් දැනෙනවා මචං. ඇත්තම ඇත්ත ආදරයක් තියෙනකොට ඒ ආදරේ වෙනුවෙන්, එයා අපි ගැන ආඩම්බර වෙනවා දකින්න තියෙන ආසාව වෙනුවෙන් ඉහළටම යන්න හිතෙනවා මචං. ආදරේ තියෙන පුදුමාකාර බලයත් ඒකයි මචං.

11. තනියම ඉන්නකොට

අපි ලස්සන සිංදුවක් ඇහුවත්, ලස්සන ‍ෆිල්ම් එකක් බැලුවත් අපිට ආදරේ කරන කෙනාව මතක් වෙන්නේ මේ වගේ පැලෙන්න තියෙන ලව් එකක ඉන්නකොට තමයි. එයාව මතක් වෙනකොටත් අපේ මූණ එළියයි. මුළු හිතටම හඳ පායලා වගේ මචං. හරි ආදරයක් විඳින එක දිව්‍ය සැපතක් කියලා කියන්නේ මේ හින්දයි මචං.

- aniwa.lk


gossip lanka